(අංජුල මහික වීරරත්න)

ජපන් රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකිවනු පිණිස කොළඹ පිහිටි ජපාන රාජ තාන්ත්‍රික දූත මණ්ඩලය සමඟ සාකච්ඡා නැවත සක්‍රීය කරමින් අදාළ ගිවිසුමට එළැඹීම සඳහා උචිත කාල රාමුවක්  සකස් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.