
(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය වැය කළ මුදල ගෙවන්නේ නම් පමණක් මෙරට අත්හිටුවා ඇති ජපන් ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානය සූදානම් බව එරට මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමක් සමඟ ජපාන තානාපති කාර්යාලයේදී මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි සහ තානාපති මිසුකොෂි හිදෙකි මහත්වරුන් හමුවූ බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසුවේය.
එහිදී මුදල් අමාත්‍යවරයා පණිවිඩ තුනක් ලබා දුන් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව හැකි ඉක්මණින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කළ යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී වැඩසටහන කඩා කප්පල් කර නොගත යුතු බවද මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා එම හමුවේදී ප්‍රකාශ කළ බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් ජපානෙත් හිඟමනට බස්සලා තමයි පස්ස බලන්නේ... සෙන්සර් පල්ලෙවත්තත් ඉන්නවා පේනවා..
ජපානය ඉල්ලන මුදල ගෝඨාභයගෙන් සහ ගුනරුවන්ගෙන් අරගන්න. මොකද එයාලා තමයි මේ ව්‍යාපෘතිය නවත්වලා දැම්මේ...
සජිත් එක්ක මෙම ව්‍යාපෘතිය ගැන කතාකරන්න එයා ජනධිපති හෝ මුදල් නෙවෙයිනේ, නිකන් ෂෝ දානවා... මිනිහා ඊළඟ ඡන්දෙන් පස්සේ නිකන්ම නිකන් මන්ත්‍රී කෙනෙක් විතරයි.
හිතු හිතු හැටියට රටේ ප්‍රතිපත්ති වෙනස් කරන රටකට මෙවැනි කොන්දේසි දැමීම අරුමයක් නොවේ...