
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් වැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (19) පෙරවරුවේ පැවැත්විණි.
මෙම හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි කට්සුකි කොටාරෝ මහතා සහ දෙවැනි ලේකම් ඉමායි කඔරි මහත්මිය සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය දීර්ඝ ලෙස දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් වූ අතර එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳවද අවධානය යොමු කළ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය ජපාන රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්ට මෙහිදී පැහැදිලි කළ බවද එම පක්ෂය කීය.
ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට ජපානයේ ඇති සූදානම ජපාන නියෝජිත පිරිස අවධාරණය කළ බවද ජාතික ජන බලවේගය වැඩිදුරටත් සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යම් පිරිසක් මෙච්චර කල් කියා ගැන හිටියේ රනිල්ට පමණයි ජාත්‍යන්තර පිළිගැනීම් සහ සහයෝගය තියනවා කියලා. ජ වි පෙ ට ජාත්‍යන්තර පිළිගැනීම් සහ සහයෝගය නැහැ කියලත්. එහමනම්, දැන් මොනවාද කියන්නේ? එහම රනිල්ට ජාත්‍යන්තර පිළිගැනීම් සහ සහයෝගය තියනවා නම්, මේ දක්වා ලැබුණු ප්‍රතිලාභය කුමක්ද? එහම පිළිගැනීමක් තියනවා නම්, ඇයි අයිඑම්එෆ් එක මෙච්චර කොන්දේසි දාන්නේ? මතක තියා ගන්න ජාත්‍යන්තර ප්‍රජාව, රටවල්, ආයතනවල් කටයුතු කරන්නේ පවතින බලයේ ඉන්න ආණ්ඩුව සමග මිස පරාජිත පිරිසත් එක්ක නොවේ. මෙතන ජාත්‍යන්තර ප්‍රජාව දැනටමත් දන ගැන ඉන්නේ ඉදිරියේදී බලයට පත් වන්නේ ජාතික ජන බල වේගය කියල.
අපි ජනාධිපතිවරණ කීපයක් දැකලා තියෙනවා. ඒත් මේ වගේ විගඩම්, කෝලම්, විහිළු නම් දැක්කේ නෑ. කිසිම ජනාධිපතිවරණෙක අපේක්ෂකයෙක් චන්දෙට කලින් තානාපතිලා හම්බවෙන්න ඉල්ලීම් කරලා ඔවුන්ට තමුන්ගේ වැඩපිළිවෙල ගැන කියනවා දැකලා නෑ. අපි දැක්කේ චන්දෙන් පස්සේ දිනපු අපේක්ෂකයාව හම්බ වෙලා සුබ පතන්න තානාපතිලා ආවම අළුත් ජනාධිපති ඔවුන්ට තමන්ගේ ආණ්ඩුවේ වැඩපිළිවෙල පැහැදිලි කරලා දෙන එක. මේ කරන්නේ බොරු සෝබන වැඩක් වගේ ම තානාපතිලා ඉස්සරහා ඕනෙවට වඩා අපේ රට හෑල්ලු කිරීමක්. බාල දේශපාලනයක් කරන අයගේ වැඩ තමයි මේ.
විතාරන, හෑල්ලුවෙන්න දෙයක් තියෙනවාද? ජපානෙන් පගාව අමුවෙන්ම ඉල්ලපු ඇමති තවම කැබිනට් එකේ. එතකොට අපි හෑල්ලු නෙවෙයි අමුඩෙත් නැහැ. තමුන්නාන්සේ කුහකකමට ඔහොම කතා කියකිය වංසෙ කබල් ගගා ඉන්නකෝ.
මාලිමාවට ජයවේවා !!! මේවා පෙනෙනකොට හිරුනිකා කුඩු අම්මන්ඩිට ඇහේ කටු අනිනවා වගේලු...
විතාන මහතාගේ අදහස සමග සම්පූර්ණයෙන් එකඟ වෙන අතරම එකට තවත් යමක් එකතු කරන්න කැමතියි. මේ තානාපතිලා හම්බවෙන නාඩගම නටන්නේ අනෙක් පක්ෂ මානසිකව වට්ටන්න සහ මේ පක්ෂයේ නූගත් සාමාජිකයන් කූල්මත් කරන්න. එහෙම නැතුව මේ හමුවීම් වල එච්චර වැදගත් දෙයක් කතා කරනවා ඇතැයි හිතන්න බෑ මේ අයගේ ඉංග්‍රිසි භාෂා දැනුමේ දුර්වලතාව අනුව.
ඡාත්‍යන්තරය රටේ සිදු වෙන්නේ මොනවාද කියලා හොද විමසිල්ලෙන් ඉන්න බවට හොදම නිදසුනක් මෙවැනි හමුවිම්
ගෙදරට එන්න කියලා ආරාධනා කළාම එනවා. ජෙප්පෝ එකට ඉඳලා ගහනවා. ඊට පස්සේ අපිව හම්බවෙන්න ආවා කියලා පින්තූර දානවා. මහින්ද, රනිල් තානාපතිලා හම්බවුනේ බොහෝම ඉස්සර හැබැයි මෙහෙම පින්තූර පලකරේ නැහැ. ඒ හමුවීම් සාමාන්‍ය දේවල් නිසා. ජෙප්පන්ට මේ හමුවීම් වෙන්නේ අවුරුදු 58 කට පස්සේ. අපිට නම් ජෙප්පෝ කවදත් චේගුවේරා ත්රස්තයෝ...!