(යොහාන් භාසුර)

මාස දෙකක් යන තෙක් රටේ බලශක්ති ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ නොදෙන්නේ යැයි ජනාධිපතිවරයා තරුණ ව්‍යවසායකයින්ගේ වාණිජ මණ්ඩලයේ මහා සභාවේදී පසුගිය සතියේ දෙවරක්ම පොරොන්දු වූ බවත් ගිය සතියේ දුන් පොරොන්දුව සතියක් යනවිට  කඩකරන ජනාධිපතිවරයෙක් රටට බිහිවී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (16) පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවේදී නීතිඥ සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.      

පසුගිය සතියේ ජනාධිපතිවරයා තරුණ ව්‍යවසායකයින්ගේ වාණිජ මණ්ඩලයේ මහා සභාවට සහභාගි වී ඔහුගේ දේශනය අතර තුර දෙවරක් මේ රටේ දේශීය  තරුණ ව්‍යවසාකයින්ට මාස දෙකක් යනතුරු මෙරට බලශක්ති ප්‍රශ්නයක් වීමට ඉඩනොදෙන්නේ යැයි පැවසූ බවත් අඛණ්ඩ බලශක්ති සැපයුමක් කරනවා කරන අතර ජනාධිපතිතුමා පොරොන්දුව සතියක් යනවිට කඩකිරීම තුළින් මේ රටේ රටේ ව්‍යවසාකයින්, මේ රටේ ආර්ථිකයට දායක වන්නේ කෙසේද කියන කාරණයවත් මේ රටේ ජනාධිපතිවරයාට නොතේරීම ඉතාම කණගාටුදායක තත්වයක් බවත් ඒ මහතා කීය.