IMG-LOGO

ජනසෙත පෙරමුණේ සභාපතිගෙ සුනඛයට වෙඩි තබලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දේශපාලන පක්ෂයක් වූ ජනසෙත පෙරමුණේ සභාපති නිලන්ත කුමාර රණසිංහ මහතාගේ අරඹේපොල ගමන්වත්ත  පිහිටි නිවසේ සුරතලයට ඇති කරන ලද සුනඛයාට අසල්වැසියකු   වෙඩි තබා මරා දමා ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොතුහැර පොලිසිය පවසයි.

රණසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලට අනුව  අසල්වැසි පුද්ගලයා ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගත් බව පොලීසිය සඳහන් කරයි.

රාත්‍රී කාලයේ ගෙවත්තට පැමිණි වල් ඌරකු යැයි සිතා මෙම වෙඩි තැබීම සිදු කළ බවත් සුනඛයකු බව දැන ගත්තේ නම් මෙම වෙඩි තැබීම සිදු නොකරන බවත් එම අසල්වැසි පුද්ගලයා පොලීසියට පවසා ඇතැයි කියති.

සුනඛයාට වෙඩි තබා මරා දැමීමට යොදා ගත් බව කියන බෝර 12 වර්ගයේ ගිනි අවිය එම අසල්වැසි පුද්ගලයාට වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ලබාදී තිබු ගිනි අවියක් බවත් ඒ සඳහා බලපත්‍රයක් තිබෙන බවත් පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.

 

 



අදහස් (1)

ජනසෙත පෙරමුණේ සභාපතිගෙ සුනඛයට වෙඩි තබලා

nimal Monday, 20 February 2023 02:39 PM

වල් ඌරන් වෙඩි තැබීම නීතියෙන් තහනම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 493 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 662 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 271 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site