IMG-LOGO

ජොන්ස්ටන්ට ඇප

(නිමන්ති රණසිංහ)

අභියාචනාධිකරණ නියෝගයට අනුව අධීකරණයට භාරවූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් කෝටිය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (09) නියෝග කළේය.

සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය, ඒ බව ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසට අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට  නියෝගයක් නිකුත් කළේය.

තමන් අත්අඩංගුවට ගැනීම වලකාලන නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (08) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබූණී.

එම රිට් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයාට නියෝග කර තිබුණේ අද (09) රාත්‍රී 8.00ට පෙර වහාම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට භාරවන ලෙසය.

මෙම පහරදීමේ සිද්ධියට අදාළ සැකකරුවකු ලෙස නම්කර සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබිණී.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (0)

ජොන්ස්ටන්ට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 316 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site