IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනවාරියේ සියයට 27 කට වැඩි විදුලි ගාස්තු අඩුවීමක්

(යොහාන් භාසුර)

ජනවාරි මස විදුලි ගාස්තු සංශෝධනයේදී ජූලි මස සහනයට වඩා වැඩි සහනක් දෙන බවත් ජූලි මස විදුලි ගාස්තු සංශෝධනයේදී පහළම කාණ්ඩවලට සියයට 27 කින් ගාස්තුව අඩු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන විදුලි ගාස්තු සංශෝධනයට අදාල යෝජනා නොවැම්බර් මස භාරදෙන බවත් තවත් පියවරක් ඉදිරියට තබා ස්ථාවර කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ජනවාරි මස ජූලි සහනයට වඩා වැඩි සහනක් දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.

ජූලි මස විදුලි ගාස්තු සංශෝධනයේදී යම්කිසි ප්‍රමාණයක් අඩු වන බව කී අමාත්‍යවරයා පැවසුවේ එහිදී අවම මට්ටමේ විදුලි පාවිච්චි කරන ඒකක 0 සිට 30, ඒකක 31 සිට 60 සහ ඒකක 61 සිට 90 දක්වා පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුව සියයට 27 කින් අඩු කිරීමමට යෝජනා කර ඇති බවත්ය.

 



අදහස් (3)

ජනවාරියේ සියයට 27 කට වැඩි විදුලි ගාස්තු අඩුවීමක්

Sunil Monday, 19 June 2023 06:01 PM

විදුලි ගාස්තු, විශේෂයෙන්ම අඩු ආදායම් ලාභීන්ගේ, 300% ක් වැඩිකරලා එය 30% කින් අඩුකළාම සැබෑම ගාස්තු අඩුවීමක් තමයි. රට කෑ අයගේ කාලකණ්ණි කතාවල් තමයි.

:       1       13

Cisco Monday, 19 June 2023 07:25 PM

ඒකනෙ අර ජනක කිව්ව දේ හරිනෙ. පහුගිය කාලෙ වැඩි කරේ ජනකව එලවන්නම තමයි...

:       0       0

සුකිත Monday, 19 June 2023 07:34 PM

තමුන් මොන පදනමින්ද මාස 6 එහා ගැන අනාවැකි කියන්නේ? විද්‍යාත්මක පසුබිම කුමක්ද? මාස 6 කට පස්සේ ඉන්ධන මිල ගැන මොනවද කියන්න පුලවන් අනාවැකි? පැහැදිලි කිරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site