(නිමන්ති රණසිංහ)
කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරීයේ සභාපති ලෙස කටයුතු කළ විශ‍්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පත් කර ඇත.
ඔහුගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධුරයට කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතා පත්කර ඇතැයි වාර්තා වේ. කපිතාන් නිහාල් කැප්පෙට්ටිපොල මහතා වරාය අධිකාරියේ හාබර් මාස්ටර්වරයකු වශයෙන් සේවය කර විශ‍්‍රාම ගිය නිලධාරියෙකි.

(විශ‍්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා)

(කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හරි ඔක්කොම ඔහොම යන්කෝ... !!!
අපේ ජනවහරේ එන ඉඟුරු දීලා මිරිස් ගත්ත කතාව මතක් වුණා හාමුදුරුවනේ...!!!
වරායේ එක්කෙනාව ගෙදර යවන්න ඕනෑ එකේ වෙනත් එකකට මාරුකරලා. අනිත් එකටත් පත්කර තියෙන්නේ හමුදාවේ කෙනෙක්. වරායේ කළ සේවයට වඩා වෙනත් දක්ෂ අය මේ තනතුරු වලට සිටිනවා ඇති. ඒත්, කරුමෙක මහත, ඒ සුදුස්සන්ට දේශපාලන සුදුසුකම නැහැ. කෝකටත් තෛලය වගේ රටේ මොනතරම් දක්ෂ සිවිල් පරිපාලන නිලධාරීන් සිටියදී හැමදේටම හමුදාවේ සිටි අයම පත් කරන්නේ මොන කරුමයකටද මන්දා.. හමුදාවේ පරිපාලන කටයුතු කරන අයට සිවිල් සමාජයේ පරිපාලන කටයුතු නිසි අයුරින් කිරීමට නොහැකි බව ඔවුන් විසින්ම මනාලෙස ඔප්පුකොට තිබියදීත්, ඒ තනතුරු සඳහා එවන් අයම පත්වන්නේ රටේම කරුමයට බව පෙනේ. පරිපාලන තනතුරු සඳහා හමුදාවේ අයව පත්කිරීම ගැන අප රටට ජ්‍යාත්‍යන්තරයෙන්ද, චෝදනා එල්ල වී තිබෙනවා. ඒත්, ඒ ගැන වගකියුත්තන් ඉන්නේ වගේ වගක් නැතිවයි...
නැව ගිනි ගත්තාම සභාපති කමෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තනතුරට... මෙතන වරදක් කළොත් කෙලින්ම ඇමැති කමකට. ඔහොම දිගටම යමුකෝ. සෞභාග්‍යය උතුරාවි....
කපිතාන් නිහාල් කැප්පෙට්ටිපොල කියන්නේ අවුරුදු 25ට වැඩිය කොළඹ වරායේ සේවය කළ කෙනෙක්... හිටපු හාබර් මාස්ටර්... වරාය ගැන දන්න කෙනෙක්...
ජනපති වගේම හමුදාපතිත් දැන් ෆේල් වගේ...
හැමදේම මිලිටරිකරණය කරන්න ගිහින් අන්තිමට ගොන් වෙන්න යන්නේ
මෙයා වරායේ වැඩකලේ ඒකාධිපතියෙකු වගේ... සමහර දූෂිත වෘත්තිය සමිති කාරයින්ගේ කේලම් අසමින්... වරායේ සේවය කළ දක්ෂ වෛද්‍යවරියන් දෙදෙනෙක් ඔහුගේ කාලයේදී රැකියාවෙන් පහකළා. ඔවුන්ව නැවත වරායේම සේවයේ පිහිටුවිය යුතුයි. ඔහු තව මාස 02ක් වරායේ සිටියා නම් අනිවාර්යයෙන්ම සේවකයින්ගෙන් ගුටි කනවා. එ් බව දැනගත් රාජපක්ෂලා වෙන අමාත්‍යංශයකට දැම්මා.
කර්මාන්ත අමාත්‍යාංශයත් විනාශ වේවි.. සර්ගේ ගෝලයින් රොත්තම ෆේල්...