IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනමාධ්‍ය ඇමතිගෙන් මාධ්‍ය ආයතනවලට පොරොන්දුවක්

(ඩයනා උදයංගනී)

තමන් ජනමාධ්‍ය අමාත්‍යධූරයේ සිටින තාක් කිසිඳු මාධ්‍ය ආයතනයක බලපත්‍රයක් අහෝසි කිරීම සඳහා වන නීති සම්පාදනයට මැදිහත් වන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇතිකරගැනීම සඳහා සියලු මාධ්‍ය ආයතන සමඟ ඒකාබද්ධ වී අන්තර්ජාතික මට්ටමේ මාධ්‍ය සංස්කෘතියක් ඇතිකරගැනීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමක් මිස මර්දනයට හෝ පවරා ගැනීමට අදාළව අණ පනත් සැකසීමක් කිසිසේත් සිදුනොකරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.  

එසේ වුවත් ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අයහපත් දේ වළක්වා ගැනීමට විධි විධාන සැකසිය යුතුව ඇතැයි ද ඇමතිවරයා කීය. 



අදහස් (0)

ජනමාධ්‍ය ඇමතිගෙන් මාධ්‍ය ආයතනවලට පොරොන්දුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site