
(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව මෙරටදී උපත ලබන දරුවන්ට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරන උප්පැන්න සහතිකයට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ජාතික හැදුනුම්පත් අංකය අද (1) සිට ඇතුළත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.
එම දෙපාර්තමේන්තු දෙක මාර්ගගත ක්‍රමය ඔස්සේ තොරතුරු හුවමාරු කරමින් ආරම්භයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවත් ගම්පහ, දෙහිවල, හඟුරන්කෙත, කුරුණෑගල, රත්නපුර සහ තමන්කඩුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් ගුණතිලක මහතා කීය.
එම උප්පැන්න සහතිකය ලබාගත් සියලුම පුරවැසියන් වයස අවුරුදු 15 ට එළඹි පසු ජාතික හැදුනුම්පත සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ පසු උප්පැන්න සහතිකයේ සඳහන් අංකයට ජාතික හැදුනුම්පතක් නිකුත් කරන බවත් උපතේ සිට එකම අංකයකින් තොරතුරු වාර්තා සහ ගබඩා කරගැනීමට හැකියාව ලැබීමෙන් ජනතාවට පහසුවක් ඇති වන බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ වැඩක්. මෙම අංකයටම දේපොළ සහ බැංකු ගිණුම්වල තොරතුරු සම්බන්ධ කළා නම් රටේ හොරකම යම් තරමකට අඩු කරගන්න පුළුවන් වෙයි.
Ciscoගේ අදහස ඉතා අගෙයි
මේක අරත සිංගප්පූරුවට එලවපු කෙනාගෙ යෝජනාවක් අනුව ක්‍රියාත්මක වීමක් නේද?
ඉතාම හොඳම වැඩක්...
මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න මේච්චර පරක්කු වුණු එක ගැන තමයි හිතට අමාරු... මේ සම්පූර්ණ ක්‍රමය හැම රජයේ ආයතනයක් සමගම බද්ධ කළානම් මිනිසුන්ට රජයේ කාර්යාල ගානේ රස්තියාදු වෙන්න ඕනෑම නැහැ. තෙල් ඉතුරුයි, කාලය ඉතුරුයි, වැඩ ඉක්මන්... රජයේ සේවකයින්ගේ අයිස් ගැහිල්ලත් ඉවරයි....
එතකොට වීරවංශ පවුලේ භාවිතා වන්නේ කොයි හැඳුනුම්පත් අංකයද?
මේ ක්‍රමය ඉතාම අවාසි එකක්. හැකිනම් DNA ප්‍රොෆයිල් එකත්, රුධිර වර්ගයත් ඇතුල් කරන්න. ඒ වගේම ඒ අංකයට එම පුද්ගලයාට ඉදිරියේදී අවශ්‍ය වන ගිණුම් අංක, දුරකථන අංක, ගමන් බලපත් අංක නිකුත් කරන කොට සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම වුණොත් රටේ අපරාධ ගොඩක් අඩුකරගන්නත්, අනෙකුත් පාලන කටයුතු වලට ගොඩක් පහසු වේවි...!
වේලාපත්කඩෙත් මේ අංකය ඇතුල් කළානම්...?
උප්පැන්න ලියාපදිංචි කිරීමේ සහතිකය නැත්නම් උප්පැන්න සහතිකයට ජන්ම පත්‍රය කියනවද? සාමාන්‍යයෙන් ලංකාවේ දරුවෙක් උපන් අවස්ථාවල උපන් වේලාව සඳහන් කරලා ජ්‍යෝතිෂය කරන කෙනෙක් හදන හඳහනට නම් ජන්ම පත්‍රය කියනවා...!
ඉතාමත් කාලෝචිත ක්‍රියාමාර්ගයක්...