(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

අනතුරුව  ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණ සිටි ජනතාව වෙත ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත විය. එහිදී ජනතාව  සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය සුබ පැතුම් එක් කළේය.

දියවඩන නිලමේ නිලංග දෑල මහතා ශ්‍රී දළදා මාලිගාවේදී ජනාධිපතිවරයා පිළිගත්තේය.