(පුෂ්පකුමාර ජයරත්න)
ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළහොත් රටේ හිටපු කිසිම ජනාධිපතිවරයෙකු නඩත්තුව සඳහා රටේ මහජන මුදල් වියදම් නොකරන බවත් ඔවුන් නඩත්තුව සඳහා මහජන ආරක්ෂණ අරමුදලකින් දීමනාවක් පමණක් ගෙවීමට පියවර ගන්නා බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (11) කුරුණෑගල පැවැති ජන හමුවකදී ප්‍රකාශ කළේය.
මෙතෙක් හිටපු ජනාධිපතිවරුන් සේම මියගිය ජනාධිපතිවරුගේ දරුවන් සහ භාර්යාවන් නඩත්තු කිරීම සඳහා මේ වනවිට අති විශාල මහජන මුදලක් වැය කිරීමට සිදුව ඇතැයිද එය රටේ ආර්ථිකයට දැරිය නොහැකි බරක් වී ඇතැයිද අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජේ.ආර්.ජයවර්ධන මහතාගේ පටන් මහින්ද රාජපක්ෂ මහතා දක්වා මෙතෙක් සිටි සියලුම ජනාධිපතිවරුන්ට තනතුරෙන් ඉවත් වීමෙන් පසුව වාසය කිරීම සඳහා සැප පහසු නිවාස පවා ලබාදී ඇති බව පෙන්වා දුන් දිසානායක මහතා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයෙන් විශ්‍රාම යාමටත් පෙරම ඉදිරියේ වාසය සඳහා කොළඹින් මේ වනවිට සැප පහසුකම් සහිත සුවිසල් නිවසක් ඉදිකරගෙන ඇති බවද පැවසීය.
එබැවින් මේ ආකාරයට මහජන මුදල් කොල්ලකෑම සඳහා ඉදිරියේදී ඉඩ නොතබන බව පැවසූ අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී විශ්‍රාම යන සහ විශ්‍රාම ගොස් සිටින සියඵම ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් නඩත්තුව සඳහා සමාජ ආරක්ෂණ අරමුදලකින් පමණක් නඩත්තු දීමනාවක් ගෙවීමට පියවර ගන්නා බවද පැවසීය.
කුරුණෑගල නගර සභාවේදී අද (11) පස්වරුවෙය් පැවැති ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් ජනාධිපති ප්රචාරක රැස්වීමට සහභාගි වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහස හොඳයි. එතකොට හිටපු මන්ත්‍රීවරු? ඒ ගොල්ලන්ව නඩත්තු කරනවා නේද? මොකද තමන්ටත් කෙලවෙනවනේ. නේද?
බොරු බියිලා වැඩක් නෑ. පුළුවන් නම් මන්ත්‍රීවරු අවුරුදු 5 විශ්‍රාම යන එක වළක්වන්න. ඒවා කරන්න කියන්නේ නෑ මොකද එතකොට මෙයාටත් වැඩේ වරදිනවනේ...
ඔබ දිනුවොත්, එය කළ හැකි නම් විශිෂ්ඨයි. මොකද ආරක්ෂාව උපරිමයෙන් දීලා, රජයේ සම්පත් දීලා එයාලා වැඩකරන්නේ රජයට විරුද්ධව. රජයේ වැඩ කඩාකප්පල් කරන්න. විශ්‍රාම ගිහින් ඒ ගෞරවය තියාගෙන ඉන්නවා නම් කමක් නැහැ. ඒත් කරන්නේ සියල්ල අවුල් කරන වැඩ.
අනුර මලයගෙන් තව ගොඩක් පැනයන් තියනවා පිළිතුරු ලබා ගැනීමට. නමුත් අප මුලින් අසන ලද පැනයන්වලට ඔහෙම අවංකවම පිළිතුරු ලබාදෙයි යන්න අපගේ විශ්වාසයයි. ඔහේගේ අයගෙන් නම් අපට ඒ සඳහා පිළිතුරු අවශ්‍ය නැත. කෙලින් කතා කරොත් හොඳයි මල්ලියේ... එය රතු මලයාගේ ඇඟටත් හොඳයි.. අපට බබා පාට් දාන්න නම් එපා මලයෝ මිහරකුන් 225 ම අප හොඳින් හදුන්වනවා හොඳේ..
2015 කියාපු පරණ යල් පැනපු පුහු කතා. මේවා හොඳ ගැලරියට ගන්න විතරයි.
අවුරුදු 5 න් දෙන පැන්ෂන් එකත් නතර කළොත් තව කොච්චර මුදලක් ඉතිරි කරගන්න පිලිවනිද? අවුරුදු 50ක් 60ක් සේවය කරලා විශ්‍රාම යන රජයේ සේවකයින්ට සේවයක් නේද?
මෙයා දවල් හීන දකිනවා අනේ...
අපේ බොහෝ දෙනෙකුගේ අදහසක් තියෙනවා, UNP හෝ SLFP පක්ෂ දෙක විතරයි රට පාලනය කරන්න සුදුසු කියලා. කවුරු හරි කෙනෙක් යම්කිසි සාධාරණ අදහසක් දුන්නත් ඒකෙ සිදු නොවන පැත්තමයි ඵයාලට පෙනෙන්නේ. අපට බොහෝම අත්දැකීම් තියෙනවා මේ පක්ෂ දෙක රට වෙනුවෙන් කළ හැකි දේවල් නිසිපරිදි සිදු කලේ නෑ කියලා. ඒ විතරක් නෙවෙයි. අපි හැමෝම දන්නවා සිදුවුණු මහා පරිමානයේ දූෂණ, අපරාධ, අසාධාරණකම්. ඒ වුණත් අපේ වැඩි දෙනෙක් කැමති කොච්චර වැරදි තිබුණත් මේ පක්ෂ දෙකෙන් එකකට. අපේ අයට මේ ටික තේරුම් යනතුරු අපිට රටේ දියුණුවක් ගැන සිතන්න අපහසුයි.
එක්කෙනෙක් කියනවා චෛත්‍ය, දාගැබ් හදනවා කියලා, ඔයා කියනවා ජනාධිපතිලගේ පැන්ෂන් එක නැති කරනවා කියලා. අම්මපා කෝටිගාණක් වියදම් කරලා මැතිවරණ තියලා, නඩත්තුවටත් කෝටිගාණක් වියදම් කරලා පත්කරන්නේ ඔයවගේ පොඩි වැඩ වලටද? ජනාධිපති ඡන්දෙ නොතිය උන්නා නම් ඔයිට වැඩිය ගානක් ඉතුරුවෙනවනේ නේද?
ඔය කියනදේ සෑම දේශපාලකයෙකු සඳහාම වලංගු විය යුතුයි. සමාජවාදී වාසුදේව මහතාගේ දරුවන් ඇමෙරිකාවේ ඉගෙනගෙන එහි පදිංචියි. තවත් සමාජවාදී නායකයන්ගේ දරුවන් පිටරට... වීරවංශ මහතාගේ සමාජවාදී දිවිපෙවෙත ගැන මම දැන් කතා නොකරන්නේ පාඨක සභාවේ ලේ කෝප කිරීම සුදුසු නැති නිසාය. කියන්න කණගාටුයි... රට හදන්න පෙර තමන්ගේ රතු සහෝදරයන් ටික හදාගන්න.
විවේචනය කරන එක හරිම ලේසි වැඩක්... යමක් කරන්න ගියහම තමයි එ්කේ අමාරුව තේරෙන්නේ. පොරොන්දු දෙන එකත් හරිම ලේසියි. විශේෂයෙන්ම JVP කාරයෝ විවේචනය කරන්න දක්ෂයි. මොවුන් කාගේකාගේත් කෙරුවාව පෙනෙන්නේ වැඩේට බැස්සහම තමයි. මේ මනුස්සයා අවුරුදු 1 1/2ක් කෘෂිකර්ම ඇමති වෙලා හිටියා මිනිහ කෘෂිකර්මය දියුණු කරන්න මොකක්ද කලේ? කිසිම දෙයක් නැහැ මිනිහ හැම නිලධාරියෙක් දිහාම බැලුවේ හොර තක්කඩියෙක් විදියට... කියන්නත් කණගාටුයි මේ දවස්වල මිනිහා හමුවෙන්න කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයාට පුළුවන් කම තිබුනේ බදාදාට විතරයි. එ්ත් අනෙක් මිනිස්සුත් එක්ක පෝලිමේ ඇවිදින් තීරණ ගත්තේ නිලධාරින් හෝ විද්‍යාඥයින් එක්ක නොවේ. මිනිහ හවස 5ට පස්සේ මිනිස්ට්‍රි එකට ගමේ ගොඩේ කසිප්පු කාරයන් ගෙන්න ගන්නවා. ඒ අය එක්ක එකතු වෙලා තමයි තීරණ ගත්තේ.. එහෙව් කෙනෙක් රටේ ජනපති වුනොත් කොහොමට හිටීද? ඡන්දය දෙන්න හිතාගෙන ඉන්න හැමකෙනෙක්ම මේ ගැනත් හිතන්න.
ඇයි හිටපු ජනාධිපතිවරුන්ට විතරක් කියපන්කෝ හිටපු මන්ත්‍රීවරුන්ටත් කියලා. අනෙක කියන්න මම ජනාධිපති වැටුප ගන්නෙත් නැහැ කියලා. බොරු කයිවාරු එපා. මොනවා කිව්වත් කාටවත් ඡන්දෙ දෙන්නේ නැහැ.
අවුරුද් 70ක් කරපු ඔය පක්ෂ දෙක ඉස්සරහටත් කරන්නේ ඔය මුලාවම තමයි. අපි අවුරුදු 5ක් මේ අයට දීලා බලමු. බොරු කළොත් පන්නමු.
අනුර කුමාර මහත්තයෝ ඔබතුමාට කොහොමත් දිනන්ට බැහැ. ඒක ඔබතුමාත් දන්නවා. ඔබතුමාලා කතා කරන්නේ ගමේ දුප්පත් මිනිහට... රනිල්ලා, මහින්දලා කතා කරන්නේ රටේ ඉන්න ධනපතියන්ට. ධනපතියන්ගේ කීමට තමා දුප්පතා ඡන්දෙ දාන්නේ... මේක තමා හැමදාම වෙන්නේ... ජනාධිපතිලාගේ වියදම් අඩුකරනවා කීවට දුප්පතාගේ එළවලු මිල වෙනස් වෙන්නේ නැහැ. ධනපතියාගේ අදායම අඩු වෙන්නෙත් නැහැ. ඔබතුමාලා මොනවද ඡන්ද වේදිකාවේ කියන්න තියෙන්නේ. පාරවල් හැදුවා කියන්නද, නිවාස හැදුවා කියන්ටද, යුද්ධය ඉවර කෙරුවා කියන්ටද? කියන්ට තියෙන්නේ කරන්ට හිතන දේවල්. නමුත් ඔබතුමාලා වේදකාවල කියන දේවල් බලය ලැබුණත් කරන්ට බැහැ. මේකට හොඳම විසඳුම මොකක්ද? ඔබතුමාට හොඳ අත්දැකීම් තියෙනවනේ. ඔබතුමාලා බලයට ආපුවම සියලුම රජයේ සේවකයන් මරලා දාලා ජවිපෙ සාමාජිකයෝ පත්කරන්ට ඕනේ. රටේ සියලුම කොන්ත්‍රාත් ජවිපෙ කොන්ත්‍රාත් කාරයින්ට දෙන්නට ඕනේ. පාර්ලිමන්ට් එකේ සියලුම ඇමැතිවරු අගමැති, කතානායක, මේ සියල්ල ජවිපෙ වෙන්ට ඕනේ.. ගමේ ග්‍රාමසේවකගේ ඉඳලා ප්‍රදේශීය ලේකම් වෙනකම් ජවිපෙ වෙන්ට ඕනේ. මෙහෙම කළොත් රට ගොඩගන්ට පුළුවන්. එහෙම නැතිව මේ ඉන්න සක්කිලි එක්ක වැඩ කරලා රට ගොඩගන්න නම් තුණ්ඩු කොලෙන් කඩවල් වහපු තියරිය ක්‍රියාත්මක කරන්නට ඕනේ...
පබාට, මාලනීට, ගීතාට මහජන මුදලින් විශ්‍රාම වැටුප ගෙවන එක නවත්තන්න. ගම්පහ ජනතාවට විශේෂ ගැසට් නිවේදනයකින් අධ්‍යාපන ධාරිතාව වැඩිකරලා මැටි මෝල් ගතිය නැතිකරන්න ක්‍රියාමාර්ග ගන්න. වෙන්නප්පුවේ ජනතාවටත් එයමයි.
දිනන්න කවුද ඡන්දෙ දෙන්නේ..?
දවල් හීන දකිනවා.
බොහොම ස්තුතියි.. දැනට රටට තියෙන ලොකුම අඩුපාඩුව පිරිමහන්න හදනවට...
බමුණුආරච්චි කියන විදිහට ගෝඨාට දිනන්න අනික් අය ඡන්දෙට ඉදිරිපත් නොවී ඉන්න ඕනෑ. මාර ප්රජාතන්ත්රවාදී රටක්. අනුර ඉදිරිපත් වුණා කියලා ගෝඨාට දෙන අය නොදී ඉන්නෙත් නැහැ. සජිත්ට දෙන අය නොදී ඉන්නෙත් නැහැ. අනුරට දෙන අය ඔය දෙන්නට දෙන්නෙත් නැහැ. ලංකාවේ බොහොම අය කාටවත් ඡන්දෙ දෙන්න කැමති නැහැ.
දැන් ජනතාව විදියට අපිට කරන්න තියෙන්නේ අනිත් අපේක්ෂකයන්ටත් පුළුවන් නම් කියන්න කියලා සියලු හිටපු දේශපාලකයින්ට ගෙවන ඒ අසාධාරණ විශ්‍රාම වැටුප අහෝසි කරනවා කියලා පොරොන්දු වෙන්න කියලා... එතකොට බලාගන්න පුළුවන් දැන් ඔය ඒ අය වටේ නිලමැස්සෝ වගේ කැරකෙන එවුන් මොනවද කියන්නේ කියලා... මොකද මේක පොදුජන මතයක් කරන්න ඕනෑ. වෙන රටවල දේශපාලකයෝ ඔහොම දෙයක් ගත්තා නම් ගත්තේ ඒ රටවලට ලොකු සේවයක් කරලා ඒ රටවල් ඔසවා තබලා. අපේ එවුන් රට දවස ගානේ රට කාබාසිනියා කරලා තව කිසිම දායක මුදලක් වත් නොගෙවා හොඳ සුපිරි විශ්‍රාම වැටුපක් අරන් පැරදුණත් ජොලියේ ඉන්නවා.
රටට ගැලපෙන පොදු අපේක්ෂකයෙක් නොදා බයිලා ගහනවා. නිකං මේ දේශපාලන මඩ ගොහොරුවේ වැලලෙනවා. අපට හරිම කණගාටුයි..!
ගැලරිය පිනවන කතා නැතිව බුද්ධිමත්ව ජනතාව අමතන්න...
බමුණුආරච්චි, ජූජක බමුණා වගේ තමන්ගේ වැඩේ සහ අදහස පමණයි.
නිලතල නොදරන කිසිකෙනෙකුට නිල නිවාස නොදිය යුතුයි. නමුත් හිටපු ජනපතිවරයෙකුට ආරක්ෂාව සැපයිය යුතුයි. ඒ වගේම රජයෙන් පැන්ෂන් එකක් පමණක් දිය යුතුයි. ඒකෙන් ඔහුට ජ්වත් වෙන්න පුළුවන්. ජනතාව විසින් නඩත්තු කළයුතු නැහැ. නැත්නම් සමහරු පැන්ෂන් යන්න කලින් රජයේ වියදමින් මාලිගා හදනවා ගියාම ඉන්න...
වජිර මහත්තයෝ මේ දේවල් කතා කරන්න එපා. තමුන්නාන්සේ කොහෙන්ද දන්නේ නැහැ මේ සංඛ්‍යා ලේඛන හොයා ගත්තේ...? අනුර කෘෂිකර්ම ඇමති කාලේ වැඩිම වී අස්වැන්න කියලා කිව්වනේ... එ්ත් මම කියනවා ලංකාවේ වී නිෂ්පාදනය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වුනේ ඔහු ඇමති කාලේ කියලා ඔහු ඇමතිකම් කලේ 2004 වසරේදීය. සන්සන්දනය සඳහා මා තෝරාගන්නේ 2004 වසරට කිට්ටු වසර කිහිපයක් පමණි.