(රංජිත් රාජපක්ෂ)
සමීක්ෂණ වාර්තා අනුව ජනාධිපතිවරණයට ප්‍රථම සජිත් ප්‍රේමදාස මහතා පරාජය වන බව රනිල් වික්‍රමසිංහ මහතා දැන සිටියත්, ඔහු ජයග්‍රහණය කරා රැගෙන යාමට කිසිදු පියවරක් නොගත් බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා අද(15) පැවසීය.
චමීර පෙරේරා මහතා ඒ බව පැවසුවේ ජාතික මහජන සභාව හැටන් නගරයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිණි.
එළඹෙන මහ මැතිවරණයේදී මන්ත්‍රීධුර 113 දිනාගැනීම කටයුතු කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ මහ මැතිවරණයේදී නායකත්වය ලබා ගැනීමේ අරමුණක් ඒ මහතාට ඇති බැවින් යැයිද චමීර පෙරේරා මහතා කියාසිටියේය.
මේ රටේ ලක්ෂ 55ක ජනතාව සජිත් ප්‍රේමදාස මහතාව ඉල්ලන බවත්, මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ නාකත්වය ලබා දිය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතාට බවත් චමීර මහතා කියා සිටියේය.
ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබා දුන්නේ දින 35 කට පෙර බවත්, මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ පරාජය දැන ගතහොත් මහ මැතිවරණයේ නායකත්වය ද සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරන බවත් චමීර පෙරේරා මහතා එහිදී පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට කළින් ගිරිය කඩාගෙන කිව්වා ගෝඨාභයට පුරවැසි භාවය නැහැ කියලා. නැත්නම් ඒ මනුස්සයා ගිහින් ඡන්දේ දැම්මේ කොහොමද? මේ අයට තියෙන්නේ කථාව විතරයි. ක්‍රියාව පුස්සක්...
මොනවද මේ දොඩවන්නේ? මේ කියන්නේ පක්ෂභේදයකින් තොරවයි. යමෙක් අමාරුවේ වැටෙන වග දන්නවා නම්, ඔහු හෝ ඇය කෙරෙහි මොනයම්ම හෝ ලැදියාවක් තියනවා නම්, හා සැවොම දන්නා මනුස්සකම තියේවි නම් කළයුතු දේ වන්නේ ඒ පිළිබඳව දැනුම් දීම මිස වෙන මොනවද? කිසිම අවවාදයක් පිළිනොගන්නවා නම් කළයුතුදේ... ඔය ප්‍රශ්න දෙකටත් උත්තර හොයාගෙන ප්රවෘත්ති සාකච්ඡාව පැවැත්වූවා නම් ඔබලාගේ පණිවිඩය හරියට දෙන්න තිබුණා.
අපිට ඕනෑ රනිල්. මොකද 2030 වෙනකන් අපිට ඕනෑ මහින්ද ජනාධිපතිතුමා...
මොනවා කියවනවද මන්දා? රනිල් සුළු ජාතික ඡන්ද අරන් දීපු එකම මදිද? අනික සජිත් මහත්තයා මොනවද වේදිකාවල කතාකළේ? තිබිච්ච ආණ්ඩුවෙන් කෙරිච්ච එක හොඳ වැඩක් ගැන කතාකළාද? තමන්ගේ තාත්තාගේ පම්පෝරිය කතාකරපුවාම හරිද? ප්‍රේමදාස මහත්තයා නැති වුනේ එතුමා ජනප්‍රියත්වයේ බිංදුවේ හිටපු කාලයේ කියන එක සජිත් මහත්තයා අමතක කරපු එක හරිද? රනිල් දැන් පක්ෂනායකකම දිය යුතුයි.. නමුත් සජිත්ට දුන්නොත් තව අවුරුදු 40 කාටවත් යූ.එන්.පී එක දිනනවා බොරු...
රනිල් කැමති සජිත්ට වඩා මහින්දට. මොකද විපක්ෂ නායකත්වයේ දිගටම ඉන්න පුලුවන් නිසා.
එයා 2010, 2015 සහ 2019 එහෙම තමා කරේ. එයාට ඕන කොහොමහරි නායකත්වය රැකගන්න. රටකට ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕනේ. ගිය ආණ්ඩුව කාලේ ඒක පොහොට්ටුව හොදින් කරා. නමුත් මොහු 1994 සිට අද වෙනකන් රටට මෙලෝ වැඩක් නොකරපු කම්මැලියෙක්.
සේන, ඔයා කියන්න ඕනේ ටික කෙටියෙන්ම කියලා තියනවා. හරියට ම හරි. රනිල් මැතිතුමන් කිව්වා උතුර නැගෙනහිර ඔහු දිනවන්නම් සජිත්ට දකුණ දිනවන්න කියලා පොඩි මිනිහගේ කෙනා කියන නිසා. කෝ දින්නද? මෙයා දින 51 දීත් කළේ කකුලෙන් නොඇද සිරිසේනට කඩේ යාම. මෙයා දිනවන කොට බැරිය.........
මොකද මහ බැංකු හොරකමේ මුදල් එහෙ මෙහෙ විසිකර ඡන්ද ගන්නද හදන්නේ රනිල් මැතිතුමා ?
චමීර කියන තැනැත්තා තමයි සජිත්ගේ බිරිඳ එක්ක ගිහින් රැස්වීමකට නුවරඑළියේ ඇයට ඇය විසින්ම ආර්යාව කියලා කියවා ගන්න සැලස්වූයේ... මේගොල්ලෝ තමයි සජිත්ගේ දේශපාලනේ මුරදේවතාවුන් විදියට පෙනී සිටින විනකරන පිරිස... රනිල් මැතිඳුන් ඉත සිතින්ම ආශිර්වාද කරනවා ඔහුට... ඔහුටත් එහෙම පිස්සුවක් නැහැ. වටේ ඉන්න රිලව් ටික තමයි මේ විනාශය කරන්නේ...
එක්සත් ජාතික පක්ෂයේ අවසාන සලකුණු...
ඔය කතාව මෙයා නොකිව්වට කවුරුත් දන්නවා. අපේ ඉතිහාසයේ එහෙම දේවල් තියෙන නිසා වටහා ගැනීම පහසුයි. හෙක්ටර් කොබ්බැකඩුවට ජනාධිපතිකමට ඉල්ලන්න දීල එයාගේ කකුලෙන් ඇද්දා. මහින්දට ඉල්ලන්න දීලා අනික් නෝනා එයාගේ කකුලෙන් ඇද්දා. රනිල් එක්ක එකතුවෙලා සිරිසේන ජනාධිපති වූ දා පටන් වර්තමාන පොහොට්ටු කට්ටිය එක්ක සමගි ගිවිසුම් ගහන තුරුම මහින්දලා එයාගේ කකුලෙන් ඇද්දා. මේක අපේ දේශපාලන සංස්කෘතියේ අංගයක්.
සජිත් එයාගේ ජනප්‍රියත්වය පෙන්වන්න රනිල්වත් අභිබවා ගිහින්නේ ඡන්දෙ ඉල්ලුවේ... පැරදුණාට පස්සේ එක එකාට බෝලේ පාස්කරන එක හරිද?
නවතම ප්රගතිශීලී විපක්ෂයට ඇබෑර්තුවක් ඇත. නොතේරෙන දේවල් කතා කරන ජෙප්පන් හැර අවංක උගත් තරුණයන්ගෙන් සමන්විත පක්ෂ අයදුම් කරන්න.
රනිල්ට කරන්න පුළුවන් ලොකුම දේ තමයි සජිත්ට ඡන්දය දෙන්න කියන එක. රනිල් කිව්වයි කියලා අපි සජිත්ට ඡන්දෙ දෙනවද?
සජිත්ව දිනවන්නේ මොකටද.?
මේ ඩොලර් කුක්කා කවදාද රටට යහපත් දෙයක් කිව්වේ ? මේත් තවත් එක එන්.ජී.ඕ කාරයෙක්.
තවත් මාධ්‍ය සාකච්ඡා තියනවනේ ලැජ්ජා නැතිව...