
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
විධායක ජනාධිපති ක්‍රමයේ වාසි මෙන්ම අවාසි පවතින බවත්, ජනාධිපති ධූරය සතු විධායක බලය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැඟීමට මෙන්ම තිස්වසරක යුද්ධය නිමා කිරිමට හැකි වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි 'What's New'' තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී පැවති වැඩමුළුවට සහභාගී වෙමිනි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍ය බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් ජනාධිපති ධූරයේ විධායක බලතලවලින් ප්‍රමාණයක් පළාත් සභාවලටත්, පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා වෙතත් ලබාදී ඇති බව සඳහන් කළ අතර ඉදිරියේ දී ගෙන එන නව පනත් කෙටුම්පත් මගින් ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට බෙදී යන බව ද පෙන්වා දුන්නේය.
ඉදිරියේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසට යන විට සිහිකල්පනාව අඩු වෙනවා, එවිට අනුන් කියන දේවල් නොවේ තමන් කියන කරන දේවලුත් අමතක වෙනවා. ඒ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා වගේ භාරදූර දේවල් ගැන මඤ්ඤං කියවන්නේ නැතුව ගෙදර යන්න අපි ඒවා හරියට කර ගන්නම්.
අර පතෝලයෙක් මොකද ජන්පතිතුමා ළග වාඩිවෙලා .
ඔය විධායකේ තමා කළගෙඩි ලාම්පු ගෙනල්ලා, පුස්තකාල ගිනිතියලා, උතුර දකුණ ගිනි තියලා රටවලපල්ලට යැව්වෙ.
ඔය කිව්වට ජනාධිපතිවරණය තියෙනකන් විස්වාස නැහැ .
ජනවරමක් නොමැතිව මැතිවරණයකින් පරාජය වී රාජ්‍ය නායකයෙකු වූ ලොව පළමු දේශපාලනඥයා රනිල්ය. මෙය ගිනස් ලෝක වාර්තා අතරට යා යුතුයි...!
ගෝඨාභයගේ ඉතිරි ධුර කාලය වෙනුවෙන් පත්කරපු අනුප්‍රාප්තික පින් ජනපතියා මිසක් කිසිම ජනවරමක් නැති, තමුන්ගේ ආසනයෙනුත් පැරදුණු කෙනෙක්... ජාතික ලැයිස්තුවෙන් ඇවිත් දූෂිත පවුල් පාලනේ අය, පොහොට්ටු කාරයින් රකින එක මිසක් වෙන මොනවද කරන්නේ..?
දැන් ඡන්දේ දින කියමුකෝ. ඉන් පස්සේ රටත් ගොඩගත්තා කියමුකෝ. නමුත් හැමදාම ජීවත්වෙන්න බැහැනේ. ඕනේ නම් තව අවුරුදු හතර පහක් ඉදිවි. ඉන් පස්සේ කාටද රට බාර දෙන්නේ? අමාරුවෙන් ඇහැරවගෙන යන බෑනා පොඩ්ඩටද? මිනිහා මලාට ඡන්දයක් දිනන්නේ නැහැ. එහෙම නම් පුතාණෝටද? විවාදෙකටවත් බය හන්ගගෙන එයාට රට දුන්නොත් ඉල්ලන් කෑවා වගේ වෙනවා. එහෙමත් නැතිනම් කේජු කෑල්ල වැටෙනකන් පස්සෙන් යන රාජපක්ෂටද?