ඩයනා උදයංගනී
තමා දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ඒ ගැන සිතීමට පෙර තමාට රට පාලනය කරන්නට ලැබුණු කාලයේදී කළ යුතු දේවල් කළ යුතුයැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නුවරඑළිය, වලපනේ ප්‍රදේශයේදී අද (20) පැවති ගම සමඟ පිළිසඳර වැඩසටහනට එක්වෙමිනි.
මාධ්‍ය නිදහස යනු මාධ්‍ය හිමිකරුවන්ගේ නිදහස නොවන බව කී ජනාධිපතිවරයා ලැබී ඇති නිදහස ආරක්ෂා කරගැනීම මාධ්‍ය සතු වගකීමක් බවද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු අම්මෝ සර්, මේ කරපු විනාසේ හොඳටම ඇති... ලෝකුඹු නිරේ කල්පයක් ම ගතකරන්න. තවත් අවුරුදු 05ක් රජකම් කරනවා කියන්නේ තව කල්පයක්ම නිරයේ ඉන්න වෙනවා කියන එක! ඒ නිසා අපි ගැන කෙසේවෙතත් ඔබතුමා ඔබ ගැනවත් හිතලා ඊළඟ ඡන්දෙන් පස්සේ රට යන්න. දැන් නඩුත් සියල්ලෙන් ම නිදහස් වෙලානේ තියෙන්නේ...
මෙම පුවත කියවීමේදී අපට ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියගේ ලස්සන ගීතයක් මතකයට නැගුණා... එම ගීතයේ පද කීපයක් සියල්ලන්ගේම රසවින්දනයට මෙසේ සඳහන් කරන්නෙමු. හා.. හා.. හොරේ දැනුණා අපට "කෙසෙල් කැන" පැන්නා දැනුනා..." මෙම සුන්දර ගීතය අපේ රතු චීත්තකාරයින්ට, මෙන්ම සජි පුතාටත් සවන්දීමට හැකි වේවා...!!!
මාධ්‍ය නිදහස යනු මාධ්‍ය හිමිකරුවන්ගේ නිදහස නොවන්නේය. එහෙත් ජනතාව මුලා කරමින්ද, එස්.එම්.එස්. වලින් දිනකට අති විශාල මුදල් ප්‍රමාණයක් එකතු කරගෙන එයින් සොච්චමක් පැයකට වරක් තෑගි දෙමින්ද සිටී. ඇතැම්විට ඔවුන්ගේ එදිනෙදා වියහියදම් පියවා ගන්නේද ජනතාවගේ මේ එස්.එම්.එස්. මුදලින්ම විය හැකිය. සැබෑ දානපතියන් තෑගි භෝග මෙන්ම ප්‍රජා සේවාවන් කරන්නේ ඔවුන්ගේ පුද්ගලික මුදලින්ය.
අනේ සර් එන්න.. අපි රට දාලා යන්නම්...
දුක් වෙන්න එපා. ඒක ජනතාව තීරණය කරයි.
මොන බොරුද? ගිය වතාවේදි පොහොට්ටුවේ ලොකු ලොක්කන් සේරම "අන්තිම මොහොතේ හොඳ ජොකියෙක් දානවා"යි කියකියානේ හිටියේ. ඉතින් එදාත් නාමයෝජනා දෙන්න තීරණය කළෙත් ජනතාවද?
ගෝඨාභය දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද? නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ඔබ දෙවන වරට පැමිණියත් වර්තමානයට වඩා වෙනසක් දැකිය නොහැකිය. ඔබවටා සිටින්නේත් මහජන මුදල් අවභාවිතාකළ දූෂිත චෝදනාවලට ලක්වූ නමුත් නඩුවලින් නිදොස්කොට නිදහස් වන සහ නිදහස් වූ දේශපාලකයන් නිසා රටේ ජනතාව මේ වනවිට දේශපාලනය යනු රටට විනාශයක් බව තේරුම් ගෙන ඇත. එමනිසා ඔබටත් යුතුකමක් ඇත. එනම් දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී දූෂිත ජනතා අප්‍රසාදයට පත්වූ දේශපාලකයන් සමග රට ඉදිරියට ගෙනයාමට නොහැකිබව තේරුම් ගෙන රටට වෙනසක් සඳහා අලුත් තරුණ දේශපාලන කණ්ඩායමකට සහයෝගය ලබාදීම ඔබතුමාට කළහැකි මෙහෙවරකි. ඉදිරි වසර 10 පක්ෂ, පාටවලින් තොරව රට වෙනුවෙන් කැපවන අවංක පිරිසකට ඔබගේ සහයෝගය ලබා දෙන්න. ඔබ කැමතිනම් වර්තමාන දේශපාලන ක්‍රමයට සහ රටට වෙනසක් ලබාදීමට සහයෝගය ලබාදෙන්න. එසේ නොමැති වුවහොත් ඉදිරි වසර 70ක් වත් මේ ආකාරයෙන්ම ගමන් කෙරෙනු ඇත.
සර් මෙදාපාර නම් ෆේල්.. ලබන සැරේත් කරලා බලන්න පාස් වෙයිද කියලා...
රාජපක්ෂ යුගය දැන් අවසන්... ආයේ එන්න හිතන්න එපා. රටේ මිනිස්සු ඔබලාට ආයේ කවමදාකවත් එන්නට ඉඩ නොතබනු ඇත.
නැවත ජනාධිපතිවරණයට ආ යුතුද? නැද්ද? කියා ජනතාව නෙමෙයි තීරණය කරන්නේ.. එය තීරණය කරන්නේ ඔබගේ ජනාධිපති කාලයේ ක්‍රියා කලාපයයි. නමුත් දැන් ජනතාවට තේරෙනවා ඔබේ මේ අවුරුදු 2 කාලේ පරිසර විනශය, කැලෑ ගස් කපලා විනාශය ඉතා දරුණු විදිහට සිදුවෙමින් පවතිනවා. ඔබ ඒ සම්බන්ධයෙන් නිහඬව ඉන්නේ ඇයි කියා අපි දන්නවා. ඡන්දෙ දිනන්න ව්‍යාපාරිකයන් සල්ලි විසි කළා. ඒ සල්ලි දුන්නේ නිකන් නෙමෙයි... පස්සේ ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන්..., දැන් ව්‍යාපාරිකයන් කෑලැ ගස් කපලා හෝටල් හදන්නේ ඒ ප්‍රයෝජන නිසා තමයි.. එ්කයි ආණ්ඩුව මේකට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ.., අණ්ඩුවට ලැබෙන ඡන්දෙ නැති කරන්න බෑ කියන එකයි, ආණ්ඩුවට ඡන්දයට වියදම් කරන ව්‍යාපාරිකයන් නැති කර ගන්න බෑ කියන එකයි..
පින් සිද්ධ වෙයි ඇමරිකාවටම ආපහු යන්න, පුළුවන් නම් හෙටම. දැනට කරපු හරිය හොඳටම ඇති.
අපෝ දැන් ඔය කරලා තියෙන වැඩ ටික හොඳටම ඇති. දැන් ආපු රටකට ගිහිල්ලා ඔය ගොඩදාපු හොර බිස්නස්කාරයන්ගේ පිහිටෙන් ජීවත්වෙන එකයි ඇත්තේ...
මගෙ අම්මේ අායේ නම් එන්න එපා. පැන්ෂන් එකත් දෙන්නම්...
පවුලේ නඩු සේරම වගේ අවසන්... ඉතුරු නඩු ටිකත් නිදොස්කොට නිදහස් වෙන්න... එ්ක තමයි තියන්නේ... ඉතින් ආයිත් මොනවට තමන්ගේ කරන්න ඕනේ? 20 සම්මත කරලා දීලත් කරන්න බැරි නම්....
වැඳලා කියන්නම්... නැවත එන්න.
එක්පාරක් කරපු ගොන් කම ජනතාව අයේ කරන එකක් නැහැ
69 ලක්ෂය නම් අනිවාර්යෙන් සර් ව තමයි ඉල්ලන්නේ
මිනිසුන්ට දැන්නම් රාජපක්ෂලා එපාම වේගෙන වගේ එන්නේ
දෙයියන්ගේ නාමෙන් ආයෙත් එපාමයි 69 ලක්ෂක් කරපු දේ ගැන අද පසුතැවෙනවා ඇති.
ජනතාවට අනුකම්පා කර අනේ නැවත එන්න
මොන බොරුද? ගිය වතාවෙදි පොහොට්ටුවේ ලොකු ලොක්කෝ සේරම "අන්තිම මොහොතේ හොඳ ජොකියෙක් දානවා" කිය කියා නේ හිටියේ. ඉතින් එදාත් නාමයෝජනා දෙන්න තීරණය කලෙත් ජනතාවද? සංවිධානාත්මක නාට්‍ය සංදර්ශන වල දේවල් ඇත හැරලා වෙස් වලාගෙන ගිහින් හරි ගමේ හන්දියේ කතාවෙන දේවල් ඇහුව නම් ජනතාව ඉල්ලන්න හිතාගෙන ඉන්න දේ හොඳින් වටහාගන්න පුළුවන් වෙයි.
ආයෙ මෙයාට ඡන්දෙ දෙනව නම් ලයික් කරන්න
වගකියන්න ඔන රටේ ඉන්න මිනිසුමයි..
අනේ මෙහෙම ආසාවක් ,අනේ මෙහෙම තණ්හාවක්? පවුල් බලලෝබි බඩගොස්තරවාදියෝ කියන එක අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.
සදහටම බලයේ ඉන්න හදන, එකම පවුලේ අය රජකරන බල තණ්හාව ඉහට ගහපු පාලකයින් ඉන්න රටක් මුලු ලෝකෙම නැතුව ඇති...
යහපාලනයට රෙදි නැතිව කඩේ ගිහින් අන්තිමට බෝම්බ කන තැනට මේ රටේ ජනතාව පත්වෙනවා බලන් ඉඳපු අය මේකේ දාලා තියෙන අදහස් බලපුවාම කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බැහැ.
ඔබතුමා මැතිවරණ පොරොන්දු සියල්ල ඉෂ්ඨ කරපු නිසා ලබන පාරත් බය නැතිව ඡන්දෙ ඉල්ලන්න. රටවිරුවන් ඇතුළු 69 ලක්ෂයක් පෝලිමේ ඇවිත් ඡන්දෙ දේවි.... ඔබට ඇමෙරිකාවටම දුවන්න. අර බැසිල් කළා වගේ බඩු පොදි බැඳගෙන ඩෙනිමක් එහෙම ගහගෙන එමිරේට්ස් එකේ නැගලා යන්න පුළුවන්.
කිසිම කෙලෙහි ගුණයක් දන්නේ නැති මිනිස්සු "අඬන්නා වැළපෙන්නා සහ නලාව" කියලා තැන් තැන්වල ලියන්න පටන් අරගෙන... මේ වගේ මිනිස්සුත් එක්ක කොහොමද රටක් හදන්නේ?