(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණයට වෙලාවට පොහොට්ටුවේ තුරුම්පු ආසියා ඉස්සරහට දාන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ලබන වසර කොහොමත් මැතිවරණ වසරක් බව කී අමාත්‍යවරයා ඒ නිසා ජනාධිපතිවරණ අපේක්ෂකයන් වැහි වැහැලා සිටින නමුත් රටේ විශාලතම ඡන්ද පදනම තියෙන පොහොට්ටුව තවම නිශ්ෂබ්ද බව පැවසීය.
සජිත් ප්‍රේමදාස, අනුර කුමාර,සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් , ව්‍යාපාරිකයන් ජනාධිපතිවරණ අපේක්ෂක පෝලිමේ එන බව කී රණතුංග මහතා ජනාධිපතිවරණ, මහා මැතිවරණ, පළාත් සභා, පළාත් පාලන මැතිවරණ මොනවා තිබ්බත් ජනතා මනාපයෙන් ඉහලින්ම දිනන්නේ පොහොට්ටුව බව සඳහන් කළේය.
ගම්පහ,උඩුගම්පළ පිහිටි කාර්යාලයේදී දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඊනියා අරගලකරුවන් හා කුමන්ත්‍රණකරුවන් එකතුවී විනාශයට ගෙන ගිය රට යථා තත්ත්වයට ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ අනාගතය තහවුරු කරමින් තිබෙන බව කී ප්‍රසන්න රණතුංග මහතා දවස් දහයක් ඇතුලත ලෝකයේ ප්‍රබල රටවල් හතරක නායකයන් හා ප්‍රධානීන් මුණගැසීමෙන් ජනාධිපතිවරයා ජාත්‍යන්තරයේ විශ්වාසය ඉහලින්ම දිනාගෙන ඇති බව තහවුරු වන්නේ යැයි කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකාව දැම්මත් ඇප නැතිවෙන්න වැඩේ සිද්ධවෙයි
""..දවස් දහයක් ඇතුලත ලෝකයේ ප්‍රබල රටවල් හතරක නායකයන් හා ප්‍රධානීන් මුණගැසීමෙන් ජනාධිපතිවරයා ජාත්‍යන්තරයේ විශ්වාසය ඉහලින්ම දිනාගෙන ඇති බව තහවුරු වන්නේ යැයි කීය..." පිස්සු නැත්නම් ශෝක්.
"..දවස් දහයක් ඇතුළත ලෝකයේ ප්‍රබල රටවල් හතරක නායකයන් හා ප්‍රධානින් මුණගැසීමෙන් ජනාධිපතිවරයා ජාත්‍යන්තරයේ විශ්වාසය ඉහළින්ම දිනාගෙන ඇති බව තහවුරු වන්නේ යැයි කීය.." - ඔය ඇඳුනුම්කමට අපේ පින්පතිතුමාට එහෙ වලව්වක් බට්ලර් ජොබ් එකක්වත් ඉල්ලා ගන්න බැරිවෙයිද..?
රට විනාශයට ගෙන ගියේ අරගලයේ මහත්තුරු නිසා නොවේ, ඔයා වගේ දේශපාලන කප්පම් කාරයින්, වංචා කරුවන්, කොමිස් කාරයින්, දූෂිතයින් නිසා තමයි රට විනාශය කරා ගෙනගියේ. කප්පම් කරුවන් ආණ්ඩුව නියෝජන කරනතුරු අවංක, දේශප්‍රේමී දේශීය හෝ විදේශ ආයෝජකයින් එන්නේ නැහැ. එහෙම එනවා නම්, කප්පම් කරුවන්ට ආවේණික හොර, දූෂිත ආයෝජිකයින් තමයි එන්නේ. එහෙම දූෂිත ආයෝජිකයෝ ආවාට, කප්පම් කරුවන්ට සහ කොමිස් කාරයින්ට වාසි මිස රටට කිසිම ප්‍රතිලාභයක් නැහැ. ..
දේශපාලකයෝ ඉතින් හැමදාමත්ම කරන්නේ කාඩ් ගහන එකමනේ...
වතුර රත්වෙනකන්, හැලියේ ඉන්න කකුළුවොත් ඔහොම චූන් එකේ ඉන්නවා.
ඔබතුමාට ඔකට ඉදිරිපත් වෙන්න බැරිද ? පොහොට්ටුවෙ දැනට ඉන්න කුඩුකාරයො, මිනිමරුවො කප්පම් කරයො නියොජනය කරන්න සුදුසුම පුද්ගලය ඔබ බව මගෙ අදහසය, පොහොට්ටුව නියොජනය කල යුත්තෙ උසාවියෙන් දඩුවම් ලැබු ඔබවැනි පුද්ගලයෙක් මිසක් උගත් බුදිමත් චරිත හෙරත් වනි පුද්ගලයෙක් නොවෙ.
බඩ තඩි කකුලුවො ජරාව කකා හැලියෙ නටනට ඉන්නෙ වතුර රත්වෙවි ලඟදිම,
මොන ආසියා දැම්මත් දැනටමත් ඇපත් නැහැ...
එදා ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය කරලා අහිංසකයින් 300 පමණ මරපු ඔබලා .... කැලණියේ නයි නටවපු ඔබලා.. ආයෙත් සැරයක් අඩව්වක් අල්ලන බව අපි හොඳින්ම දන්නවා. මේ පාර පන්සලකට හරි කෝවිලකට හරි පැනලා ජීවිත ගණනක් බිලිඅරගෙන... ඊට පස්සේ මහජනතාව ඉදිරියට ඇවිත් පපුවට ගහගෙන..." අපි මේ ම්ලේච්ඡ ප්‍රහාරය හෙලා දකිනවා... අපේ රජයක් යටතේ විශේෂ පරීක්ෂණයක් කරලා වැරැදි කරුවන්ට උපරිම දඬුවම් දෙනවා. ඒ සඳහා අපිට ඔබලාගේ වටිනා ඡන්දය ලබාදෙන්න " කියලා.. ටිකක් අඬලා.. මිනිස්සුන්ව අන්දන්න හිතාගෙන ඇති. එහෙම විනාශයක් වුනොත් අනිවාර්යයෙන්ම.. මේ ගඳගහන, කොරගහන, නාකි බඩා මහා පාරේදීම " සම්බෝල " හදන්න මිනිස්සු බලාගෙන ඉන්නවා.
කලින් තුරුම්පු ආසියා නම්, බූරුවා වෙලා තමයි ගෙදර ගියේ...
ඔය බූරු කුට්ටමේ... ජෝකර් කියලා කෙනෙක් ඉන්නවා නේද?
ලංකාවේ දේශපාලකන් හා පාලකයන් අතිශයින්ම දුෂිත හා විශ්වාශය තබා කටයුතු කළ නොහැකි බව අද වන විට මුළුලොවම දනී. විදේශීය රෑපවාහිනී නාලිකා හා පුවත්පත් මගින් ඒ බව තහවුරැ කර ඇත. රටට නය දෙන්නේ අසරණ දුප්පතුන්ගේ අසරණභාවය ගැන අනුකම්පා කොට විනා දේශපාලනයන් ගේ ඇඳුනුම්කම්වලට නොවේ. සුනාමි කාලයේ ලංකාවට අධාර දුන්නේ අසරණ දුප්පත් මිනිසුන් කෙරෙහි ඇකිවු අනුකම්පාව නිසාය. යථාර්තය සියලුදෙනාම පක්ෂභේදයෙන් තොරව අවබෝධ වන්නේනම් රටට සුබදායකය.
කන බත් පතේ වැරද්ද වෙන්න ඇති. මේ විදියෙ. ගොන් කතා කියන්නෙ. ඈගේ තරමට මොලේ තිබුනානම් වටිනාකම කියලා වැඩක් නැහැ. ඔය නඩෙන් එකෙක් නැහැනෙ. මොලය පාවිච්චි කරලා කතා කරන්න පුලුවන්. උම්බෑ ගාන්න විතර්‍යි දන්නෙ. තප්ප්පුල පුල
මිත්‍රවරුනි , මේකාගේ දිස්ත්‍රික්කයේ කඩවත බස් නැවතුම්පොළ තුල තියෙන්නේ වැසිකිලි දෙකයි. ඒකත් උඩ තට්ටුව ක. දහ ජරාව . විදේශිකයන් යන්නෙත් ඒකට . ගෑනුන්ට එකයි පිරිමින්ට එකයි. මේකා යන වාහනේ වටිනාකමෙන් වැසිකිලි 100ක් විතර හදන්න පුලුවන් . ඉතින් බලන්න මිත්‍රවරුනි මේකා උගේ පලාතේ දේවල් හොයන්නේ නැතුව පොහොට්ටුව ගැනම තප්පුලන හැටි.