(නිමල කොඩිතුවක්කු)
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ලංකාදීපයට අද(08) පැවැසීය.
ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වී කළ සාකච්ඡාව අවසන් එකඟතාවයකින් තොරව අවසන් වූ බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.
අද පෙරවරු 11.00 සිට පැය දෙකකට අධික කාලයක් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා පිළිබඳ සකච්ඡා කළත් එහිදි එකඟවිය නොහැකි කරුණු කිහිපයක් මතු වූ බවත් ඔහු කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ලබන සතියේදී යළි රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ සහයෝගේ කව්රුගත්තත් ඒ අයට අපේ චන්දෙ නැහැ . ගුරුකන්දේ හමුදුර්වන්ට කරපුදේට සහගහනවා
ඔබතුමන්ලාගේ ඔය රඟපෑම අපි මිට කලින්ද කීපවරක්ම දැක තිබේ. දෙමල ජනතාව රැවටීමට බොරුවට ඔවැනි රංගනයන් ඉදිරිපත් කර අවසානයේ එජාපය සමග සන්ධාන ගතවන බව මොලේ කලඳක් හෝ තිබෙන ශ්‍රී ලාංකිකයන් සියල්ල සක්සුදක් සේ දනී
මෙයාලගේ සහය කවුරුත් නොගෙන හිටියමං තමයි රටට ඉතා හොද බලයට එන්න දගලන මල පෙරේතයෝ කවුද කියා අපි බලමු
මෙයාලව කවුරුත් ගන්න එපා එයාලව තනිකරන්න
අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ හා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහාය දැක්වීම... ගෝඨාභය විරෝධී ඡන්ද වල්මත් කිරීම සඳහා 2005දී මෙන් මෙවර සල්ලි දී ප්රභාකරන් මස්සිනා වන ශිවාජිලිංගම් පැමිණීමෙන් LTTE භීතිකාව හා දේශප්‍රේමය මැනවින් ප්‍රදර්ශනය වෙයි. දෙමළ ඩයස්පෝරාව, LTTE හොල්මන්, දේශප්‍රේමය, මුස්ලිම් අන්තවාදය, ෂරියා විශ්වවිද්‍යාලය, වැඩ වර්ජන ආදී සියලු භීතිකාවන් බිල්ලන් මෙහෙයවන්නේ රඟ දක්වන්නේ එකම ස්ථානයකින් බව පසක් වේ. ප්‍රේමදාස දින්නොත් රනිල් හරහා ඇමෙරිකානු අතකොළුවක් වීමද, ගෝඨාභය දින්නොත් සෘජුවම ඇමෙරිකාවේ රූකඩයක් පඹයෙක් වීමද සක්සුදක්සේ පැහැදිලියි.
මෙයාලා ශ්‍රී.ල.නි.ප වැනි දේශපාලන පක්ෂ අැල්පිටියේ ඡන්දෙ වැටෙන හැටි බලන් ඉන්නවා. ශ්‍රී.ල.නි.ප යට දිනන පැත්තට යන්නත් මෙයාලට සජිත්ට සහාය දීමට හෝ කිසිවකුට සහාය නොදී සිටිමට... මේ දෙගොල්ලන්ටම තරු විසිවෙන්න අැල්පිටියේ ජනතාව දෙයි උත්තරය රිදෙන්නම...
ටි න් එ එකේ තීරනය තාම නැති වුනත් ඒ තීරනය ගැන හැබැයි මුලු රටම දන්නවා.
මෙයාලගේ ඒවා කවුරුත් ගන්න එපෝ...
අනිවාර්යෙන්ම යුඑන්පි යට