(ආරියරත්න රණබාහු)
පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ කාලය දික් කර ගැනීම සඳහා වෙනම ජනමත විචරණයක් නොපවත්වා ව්‍යවස්ථාවට අනුකුලම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී එම කාලය දීර්ඝ කරගත හැකි යැයි ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (29) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර මහතා ඉදිරිපත් කළ ඉදිරිපත් කළ යෝජනාවේ හඬ කාගේදැයි අමුතුවෙන් විමසා බැලිය යුතු නොවන බව පැවසූ ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයට ගොස් ජයග්‍රහණය කිරීමට නොහැකි නිසා මෙවැනි යෝජනා ගෙන එන බව සිතාගත හැකියැයිද කිය.
ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලය වසර දෙකකට දීර්ඝ කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා වූ එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එය ස්ථිර කිරීමට කෙනෙකු නැති බව වත්මන් පාර්ලිමේන්තු තුළින් පෙනෙන බවද හෙතෙම කීය.
බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ අදහස් පළ කළේය.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’ජනපතිවරණය රනිල් පරදින නිසා රංගේ ලවා යෝජනා ගේනවා’’
රංබොඩ Wednesday, 29 May 2024 04:58 PM
කතාව නම් ඇත්ත. ණයට කන එකයි විකුණන එකටයි අමතරව කොටි සහ එළු සැනසවීම කියන දේත් යහමෙන් කෙරෙනවා. බුවාව නම් ගෙදර යවන්න ඕනෑ. ප්‍රශ්නය තමයි තාම වෙනත් කෙනෙක් නැති වග...!
සමන් Wednesday, 29 May 2024 08:17 PM
රංබොඩ, හරියට හරි. පරගලේ හේතුවෙන් පත්ඉවෙලා ඉන්න බුවා යායුතුමයි. හැබැයි මේ කයිය ණායකල කවුරුවත් සුදුසුයි කියන්න බැහැ
විපරමා Wednesday, 29 May 2024 05:54 PM
චන්දයක් තිබ්බොත් දූෂිත දේසපාලුවන්ට වැලේ වැල් නැතුව යනවා. වසර 76 ක් පුරාවටම මාරුවෙන් මාරුවට බලයේ හිටපු බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දුශිත දේසපාලුවන්ට ජනතාව රවට්ටපු කාලේ දැන් ඉවරයි .
sanath Wednesday, 29 May 2024 06:25 PM
ඇයි දන්නේ නැද්ද ප්‍රවෘත්ති මැවීම රනිල් රාජපක්ෂගේ විනෝදාංශය බව..?
Bandara Wednesday, 29 May 2024 06:30 PM
ඔයාලාගේ ආර්ථික ප්‍රතිපත්තිය පොඩ්ඩක් කියනවාද? අනික් අය විවේචනය නොකර තමන්ගේ ප්‍රතිපත්ති පැහැදිලි කරලා ඡන්දෙ ඉල්ලන්න පුරුදු වෙලා හිටියා නම් හොඳයි...
JanahithaWednesday, 29 May 2024 07:51 PM
බැසිල්ගේ පතිපත්තියට සම කරන්න බලන්නඩ ඉල්ලන්නේ
Nilantha Thursday, 30 May 2024 07:22 AM
මාලිමාවේ ප්‍රධානියා හැර වෙනත් කෙනෙක් කියලා තිබුණා උන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ලිඛිතව නැහැ තියෙන්නෙ ඒඒ අයගේ හිත්වල කියලා ඉන් කියවෙන්නේ ඇටනැති දිව වගේ හැරුණු හැරුණු අතට කියන්න පුළුවන් කියලා තමයි කොටින්ම කිව්වොත් කිසිම සැලසුමක් ඔවුන්ට නැහැ කියලා තමයි මෙතෙක් කලක් රටට සිදුවෙලා තිබුනෙත් ඒකම තමා. ඔවුන්ට හැකියාව තියෙන්නෙ රජයේ මෙන්ම පුද්ගලික අංශයේ සේවකයින් වර්ජන සදහා මෙහෙයවීම කර රටේ සංවර්ධනය අඩාල කිරීම පමණයි පත්වෙන පාලකයො ඒවා විසදීමට යනකොට සංවර්ධනය අඩාල වෙනවා ඊළඟට කියන්නෙ දෙගොල්ලම මාරුවෙන් මාරුවට කලා මොකක්ද කරපුදේ කියලා තමයි ඒක තේරුම් ගන්න ඉදිකටු තුඩක තරමින් වත් මොළයක් නැති මන්ද බුද්ධිකලා 1971 සිට මේ දක්වා රටේ සංවර්ධනය අඩාල වීමට ජෙපි ක්‍රියාවන් ප්‍රබල ලෙසට හේතු වුනා කියලා තේරුම් ගන්න බැරුව පෝලිමේ ජෙප්පො රජකරන්න යනවා
lelwala Wednesday, 29 May 2024 11:42 PM
රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් පරදින බව මාලිමාව දන්නවා.
Nishan Thursday, 30 May 2024 04:16 AM
ඔයාගේ නායකයත් උඩින්ම පරදිනවා.
රෝහණ Thursday, 30 May 2024 01:13 PM
මේ රටේ තීරණාත්මක ඡන්දදායකයා බුද්ධිමත්. ජනාධිපතිවරණයට රනිල් ඉදිරිපත් වුනොත් ඔය කවුරුවත් නෙවෙයි පත්කර ගන්නේ එතුමා ම තමයි. මෑත ඉතිහාසයේ රට ජාතිය වෙනුවෙන් අනාගත දැක්මක් ඇතිව තීන්දු තීරණ ගත් එඩිතර නායකයෙක් තමයි රනිල් කියන්නේ. මේ රටේ බුද්ධිමත් ජනතාව ඒ ගැන හොදින් දන්නවා.