(ආරියරත්න රණබාහු)
පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ කාලය දික් කර ගැනීම සඳහා වෙනම ජනමත විචරණයක් නොපවත්වා ව්‍යවස්ථාවට අනුකුලම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී එම කාලය දීර්ඝ කරගත හැකි යැයි ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (29) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර මහතා ඉදිරිපත් කළ ඉදිරිපත් කළ යෝජනාවේ හඬ කාගේදැයි අමුතුවෙන් විමසා බැලිය යුතු නොවන බව පැවසූ ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයට ගොස් ජයග්‍රහණය කිරීමට නොහැකි නිසා මෙවැනි යෝජනා ගෙන එන බව සිතාගත හැකියැයිද කිය.
ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලය වසර දෙකකට දීර්ඝ කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා වූ එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එය ස්ථිර කිරීමට කෙනෙකු නැති බව වත්මන් පාර්ලිමේන්තු තුළින් පෙනෙන බවද හෙතෙම කීය.
බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ අදහස් පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව නම් ඇත්ත. ණයට කන එකයි විකුණන එකටයි අමතරව කොටි සහ එළු සැනසවීම කියන දේත් යහමෙන් කෙරෙනවා. බුවාව නම් ගෙදර යවන්න ඕනෑ. ප්‍රශ්නය තමයි තාම වෙනත් කෙනෙක් නැති වග...!
චන්දයක් තිබ්බොත් දූෂිත දේසපාලුවන්ට වැලේ වැල් නැතුව යනවා. වසර 76 ක් පුරාවටම මාරුවෙන් මාරුවට බලයේ හිටපු බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දුශිත දේසපාලුවන්ට ජනතාව රවට්ටපු කාලේ දැන් ඉවරයි .
ඇයි දන්නේ නැද්ද ප්‍රවෘත්ති මැවීම රනිල් රාජපක්ෂගේ විනෝදාංශය බව..?
ඔයාලාගේ ආර්ථික ප්‍රතිපත්තිය පොඩ්ඩක් කියනවාද? අනික් අය විවේචනය නොකර තමන්ගේ ප්‍රතිපත්ති පැහැදිලි කරලා ඡන්දෙ ඉල්ලන්න පුරුදු වෙලා හිටියා නම් හොඳයි...
රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් පරදින බව මාලිමාව දන්නවා.
ඔයාගේ නායකයත් උඩින්ම පරදිනවා.
මේ රටේ තීරණාත්මක ඡන්දදායකයා බුද්ධිමත්. ජනාධිපතිවරණයට රනිල් ඉදිරිපත් වුනොත් ඔය කවුරුවත් නෙවෙයි පත්කර ගන්නේ එතුමා ම තමයි. මෑත ඉතිහාසයේ රට ජාතිය වෙනුවෙන් අනාගත දැක්මක් ඇතිව තීන්දු තීරණ ගත් එඩිතර නායකයෙක් තමයි රනිල් කියන්නේ. මේ රටේ බුද්ධිමත් ජනතාව ඒ ගැන හොදින් දන්නවා.