IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු

(රෝෂන් තුෂාර)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට  සුදුසු පුද්ගලයකු නොවන බවට  සමාජය තුළ  මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිපියක්  ජනපතිවරණයට පෙර සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සැකකරුවන් වහා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළණ ගමගේ මහතා රහස් පොලිසියට අද  (06)නියෝග 

ජනාධිපතිවරයා ජනාධිපති ධූරයට නුසුදුසු බවට  ජනතාව තුළ මතයක් පැතිරවීමට හා ජාතික ජන බලවේගය අප කීර්තියට පත් කිරීමට ද්වේශ සහගතව හා වංචනිකව  ජාතික ජන බලවේග ලිපි ශීර්ෂය  සහිතව මුහුණු පොතේ ලිපියක් පළ කිරීම   සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම් දීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාර පොලිස් නිලධාරීන්  මෙසේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළේය.

ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල මහතා  සැප්තැම්බර් 12 වැනි දින රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම  විමර්ශනය ආරම්භ කර ඇත.

ජාතික ජන බලවේගය ලිපි ශීර්ෂය යටතේ නීතිඥ සුනිල් වටගල මහතා විසින් 2024 සැප්තැම්බර් 10 වෙනි දින කොළඹ පෞද්ගලික රෝහලක් අමතා සකස් කරන ලද ලිපියක් බවට හැඟී යන පරිදි මෙම ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍යයේ පළ කර ඇති අතර එම ව්‍යාජ ලිපිය සමාජගත කිරීම තුළින් අනුර කුමාර දිසානායක මහතා කොළඹ පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගත් රෝගියකු බවට හැඟී යන පරිදි  පොදු මහජනයා තුළ යම් තහවුරු කිරීමක් සිදුකිරීමට වෙර දරා ඇති බවත්,අනුර කුමාර දිසානායක මහතා පිළිබඳව සමාජය තුළ අවිශ්වාසයක් අප්‍රසාදයක්,ජනපති ධුරයට නුසුදුසු බවට මතයක් ඇති කිරීමට වංචනික චේතනාවෙන් ලිපිය පළ කර ඇති බව සුනිල් වට කළ මහතා රහස් පොලිසියට පැමිණිලි කර කරමින් සඳහන් කර ඇත.

සුභාග හේරත් හා ඩී. වන්නිආරච්චි නමැති ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හරහා මෙම  ව්‍යාජ තොරතුරු පලකර ඇති බවට සුනිල් වටගල මහතා විසින් රහස් පොලිසියට පැමිණිලි කර ඇති අතර එම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් ප්‍රතිවාදී පක්ෂය දෙකක පුද්ගලයින් පලකර ඇති බවත්  පැමිණිලි කර ඇත.

සුනිල් වටගල මහතා ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශන ප්‍රගතිය පිළිබඳව රහස් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් අනාවරණය වන්නේ නම් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස දන්වමින් විමර්ශන ගොනුව සේප්පුවේ තිබීමට නියෝග කළේය.



අදහස් (14)

ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු

යෝගා Wednesday, 06 November 2024 05:23 PM

එහෙනම් මහින්ද රාජපක්ෂ මහතා අපකීර්තියට පත්කිරීමට, ද්වේෂ සහගතව උගන්ඩාවට ඩොලර් පිටකළ බවට බොරු කිව්ව මාලිමා සෙට් එකටත් දඬුවම් කරන්න ඕනෑනේ...!

:       179       179

ජයනාත්Thursday, 07 November 2024 11:14 AM

උසාවියට ගියා නම් හරිනේ.යෝගා.... එහෙම කරමු .

:       0       0

Asela Wednesday, 06 November 2024 05:46 PM

සිදුවිය යුත්තක්. අනුර සහෝදරයාට මඩ ගැසීමේ අරමුණින් අනුර සහෝදරයාගේ රුවට සමාන රුවක් ඇති මුහුණු පොතේ රඟදැක්වූ පුද්ගලයා ගැනත් සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන්න...!

:       0       0

ගමේ එකාලා Wednesday, 06 November 2024 05:56 PM

හොන්ද වැඩක්.ඔය වගේ බොරු මඩ ප්‍රචාර ගෙනියන හැම එකෙකුටම විරුද්ධව නීතීයෙන් උපරිම දණ්ඩුවම් දිය යුතුයි .

:       0       0

රටවැසියා Wednesday, 06 November 2024 07:29 PM

එහෙනම් මාලිමා බොරු ප්‍රචාර කරපු ඔක්කෝම බාර වෙන්න කියන්න. වැඩි හරියක් මඩ ගැහුවේ එයාලා...

:       101       106

pakeer Wednesday, 06 November 2024 09:31 PM

දැන් බලාගනින් රිලව්නේ. කොකාට වාරයක් ආවා නම් තිත්තයාටත් වාරයක් එනවා කියලා. දැන් සැපද?

:       0       0

Nishan Thursday, 07 November 2024 03:09 AM

ලංකාවේ සමාජ මාධ්‍ය අපහරණය කළේ මාලිමාවේ අය තමයි. අනිත් හැමෝම ඔවුන්ගෙන් ඒක ඉගෙන ගත්තු අය. ගුරාලව අත් අඩංගුවට ගන්නේ නැතුව ගෝලයන්ව අත්අඩංගුවට ගන්න සිරිත හඳුන්වලා දුන්නෙත් මාලිමා ආණ්ඩුවම තමයි.

:       0       0

සෙනෙවිරත්න Thursday, 07 November 2024 06:30 AM

බොරු කියන එකයි, කෙනෙක්ගේ නම සඳහන් කරලා අත්සන යොදලා ලියැවිලි ප්‍රසිද්ධ කරන එකෙයි වෙනස නොදන්නා ටෙලිෆෝන් සිලින්ඩර බිල්ලෝ ඉන්නවානේ. එහෙම නම් අර දානේ නැතිවෙයි. පෙරහැර ඉවරයි. ලේ විලක් වෙනවා කියපු උන්නාන්සේලාත් අල්ලන්න එපායෑ... ඒ එකක් වත් වුණාද?

:       0       0

සෙනෙවිරත්න Thursday, 07 November 2024 06:37 AM

අනුර, රනිල් ඩීල් තියෙනවා කීවා, ඩොලර් එක හාරසීය වෙනවා කීවා, කොටස් වෙළඳපොල බහිනවා කීවා, ඇත්කඳ විහාරේ පෙරහැර ඉවරයි කීවා, දළදා පෙරහැර ඉවරයි කීවා, පන්සල් වලට දානෙ නැතිවෙයි කිව්වා, රටම ලේ විලක් වෙනවා කීවා, ජාතික කොඩිය ජාතික ගීය වෙනස් කරනවා කීවා, එකක්වත් වුනේ නැහැනේ, උනුන් අල්ලලා හිර කරන්නද කියන්නේ?, මේක ව්‍යාජ ලියැවිල්ලක් සම්බන්ධයෙන් කලින් කල පැමිණිල්ලක් තේරුම් ගන්න.

:       0       0

Madawa Thursday, 07 November 2024 06:38 AM

එයාලාට හතර අතේ අවබෝධයෙන් බොරු කියලා, මිනිස්සුන්ගේ දේශපාලනේ විනාශ කරලා, මිනී මරලා, ගෙවල් ගිනිතියලා, ලංකාවට ඩොලර් එවන්න එපා කියලා රටටම කෙලවන්න හොඳයි. හැබැයි එයාලාට විරුද්ධව චූටි චෝදනාවක් ආවත් හරියට අමාරු වෙනවා...

:       0       0

Toni Thursday, 07 November 2024 11:46 AM

විරුද්ධවාදීන් මර්ධනය පටන් අරගෙන වගේ සංසාර පුරුදු තමයි...

:       0       0

manjula Thursday, 07 November 2024 12:01 PM

හොරුන්ට මඩ ගහනවා වගේ නෙවෙයි රටවැසියා... අවංක මිනිස්සුන්ට මඩ ගහන එක වැරැද්දක්. ඔයාලාට නුවණ පෑදේවි යෝගා වුණත් මීට වඩා රට ගැන හිතන්න ඕනෑ.

:       0       0

Bakmeegolla Thursday, 07 November 2024 02:12 PM

ඔන්න වැඩේ.

:       0       3

saman Thursday, 07 November 2024 02:43 PM

බොරුද නැද්ද කියන එක ලඟදීම දැනගන්න පුළුවන්?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site