IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපතිට පිලිපීනයෙන් ලැබුණු ආරාධනය

(අංජුල මහික වීරරත්න)

ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබ තිබේ.

ඒ අනුව සැප්තැම්බර් 28 වැනි දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන සංචාරය නිම කර පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතය.

එහිදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති බොංබොං මාකෝස් (Bongbong Marcos) මහතා සමග මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජපාන සහ පිලිපීන නිල සංචාරය නිමා කර සැප්තැම්බර් 30 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

 



අදහස් (7)

ජනපතිට පිලිපීනයෙන් ලැබුණු ආරාධනය

යෝගා Sunday, 25 September 2022 05:08 PM

පිලිපීනයේ මහ බැංකුවට අබසරණයි...!

:       26       64

gandheera Sunday, 25 September 2022 08:47 PM

දන්නේ නැති මගුල්වලට වගේම ජෙප්පන් කියන බොරුවලට අහුවෙන අය තමයි මෙහෙම පෝස්ට් දාන්නේ..? ඡන්දෙන් පස්සේ පාර්ලිමේන්තු එන්නේ නැතිව අවුරුදු 2ක් ගෙදරට වෙලා හිටියා... කුදලාගෙන යන්න තිබුණනේ... කිසිම බලයක් නැතිකාලේ... දාන්න තිබ්බානේ මනුස්ස ඝාතන කළා හරි අනුබල දුන්නා හරි කියලා ජිනීවා හරි ජාත්‍යන්තර අධිකරණයට හරි. අපිට බයිලා කියකියා ඉන්නේ නැතුව....

:       0       1

චින්තක Sunday, 25 September 2022 07:19 PM

ඇත්ත දන්න අය රනිල්ට ගරු කරනවා. රනිල් වැරැදියි කියලා මිනිස්සු කිව්වාට ඒවා නිවැරදි කරන්නේ නැහැ

:       28       23

Lal Sunday, 25 September 2022 10:37 PM

ඉදිරිපත් කිරීමට සුදුසු ජනාධිපති කෙනෙක් ඉන්නවා.

:       0       1

ලුම්බිණි Monday, 26 September 2022 04:28 AM

පුළුවන් තරම් පිටරට යන්න රනිල්. නැවත මෙහෙම පිනා චාන්ස් එකක් ලැබෙන එකක් නැහැ.

:       5       2

lankaputha Monday, 26 September 2022 09:10 AM

අර්ජුන් මහේන්ද්‍රන් හා නිවාඩ් කබ්රාල් ඊට සහභාගී නෙවුනේ ඇයි?

:       4       1

Chandima Monday, 26 September 2022 10:54 AM

ආසියානු සංවර්ධන බැංකුවටත් අර්ජුනමහේන්ද්‍රන් දාන්න කතාකරගෙන එයිද?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 339 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site