(ලක්ෂ්මී ජයකොඩි)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නේ නම් ඒ සඳහා වසරකට වැඩි කාලයක් ගතවනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ සුමන්තිරන් මහතා පෙන්වා දෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෝෂාභියෝගයක් මගින් එම ධුරයෙන් ඉවත් කරන්නේ නම් ඒ සඳහා කොපමණ කාලයක් ගත වනු ඇද්දැයි ඔහුගේ ට්විටර් ගිණුමේ නඟා තිබු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සුමන්තිරන් මහතා මේ බව පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් සුමන්තිරන් මහතා වැඩිදුරටත් විස්තර කරමින් සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයා එම ධුරයෙන් ඉවත් කරනු ලබන්නේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කළ යුතු බවත් එම චෝදනා නිවරුදි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය හඳුනා ගතහොත් එම දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ඇති බවත්ය.
එසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන දෝෂාභියෝගය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්විය යුතු බවද එහෙත් එය සම්මත කිරිමට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවද මන්ත්‍රීවරයා මෙහිදි පැහැදිලි කර තිබේ.
එැබැවින් ජනාපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් සම්මත කර ගැනීමට වසරකට වැඩි කාලයක් ගත විය හැකි බවද මන්ත්‍රීවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යථාර්ථය...!!!
ඔයාලගේ සහයෝගය දෙන්නකෝ ඉස්සෙල්ලා. තවත් වසරක් නන්දසේන හිටියොත් රටට අබ සරණයි..