
(අංජුල මහික වීරරත්න)
නීති ක්ෂේත්‍රයට වසර 50ක සේවයක් ඉටු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ඇගැයීම වෙනුවෙන් සංවිධානය කළ “අභිනන්දන සම්මාන උළෙල” කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.
වෘත්තීය නීතිඥ දිවියේ වසර 50ක් සම්පූර්ණ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එහිදී ඇගැයීමට ලක් වූ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ජනාධිපතිවරයා වෙත “අභිනන්දන සම්මානය” පිරිනැමීය.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැති “ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජාතික වාර්ෂික සමුළුව - 2023” ට සමගාමීව මෙය සංවිධානය කර තිබූ අතර කාණ්ඩ 03ක් යටතේ සම්මාන පිළිගැන්විණි.
ජුලියානා මාග්‍රට් කොස්වත්ත, වෝල්ටර් ලෙස්ලි ද සිල්වා, රත්නසභාපති ආරුමුගම් ජෙගතීසන්, ජනාධිපති නීතිඥ උපාලි ඒ. ගුණරත්න, කනගරත්නම් ගනේෂයෝගන්, ජනාධිපති නීතිඥ එම්.එම්. සුහයිර්, විනිසුරු අශෝක නිහාල් දි සිල්වා, විනිසුරු ඩී.ජේ. ද එස්. බාලපටබැදි, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නීතිඥවරු 26 දෙනෙක් මෙහිදී සම්මාන ලැබූහ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති සංජේ රාජරත්නම්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස්, “අභිනන්දන” කමිටුවේ සභාපති ජනප්‍රිත් ප්‍රනාන්දු, කැඳවුම්කරු චමත් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අහලා තියෙනවා කොහේදෝ... රටක හිටපු මිලිටරි පාලකයෙක් එයාගේම නමට එයාම පදක්කම් ඵලදාව ගත්තා කියලා...
මේ බැංකු හොරාට බයේ මෙයා කියන කියන, ඉල්ලන ඉල්ලන සම්මාන දෙන අයට ගහන්න ඕනෑ...
ගරු නීතිඥ මහත්වරුනේ, ඔබ ඔබගේ පපුවට අතතබා, හදවතේ ගැසෙන රාවයට කන් දීලා බලන්න. ඒ වගේම ඔබගේ බුද්ධියට අමතලා අහන්න.. "අපි මේ කලේ හරි වැඩක්ද? " කියලා. ජීවත්වන ටික කාලය මිනිසෙක් වශයෙන් ජිවත් වී, මිනිසුන් වෙනුවෙන් යමක් කර, මිනිසත් කමට ගරුකර, දුප්පත්, අහිංසක මිනිසුන්ගේ විරයෙකු වී, අවසානයේ මිනිසුන් විසින් ඇතිරූ මල් පාවඩ මතින් අවසන් ගමන් යන්න. හැබැයි.. ජීවත්වන කිසිම නිමේෂයකදී ඔබ ඔබේ බුද්ධියට නිගා නොකරන්න..!!!
ඔය සම්මානය හදන්න වියදම් කරපු සල්ලි වලින් 1 /1000 වියදම් කරලා පාරේ ඉන්න බල්ලෙකුට පාන් ගෙඩියක් අරන් දුන්නා නම් ඒ සතා වලිගය වනලා කළගුණ සලකාවි. නමුත් අධර්මිෂ්ටයින්... ?
නීතිඥ මහත්වරුනි, කැතයි වැඩේ. ඔය සම්මානය දෙන්න සුදුසු වෙන කෙනෙක් හිටියේම නැතිද?
ජනතාවගෙන් ලැබිලා තියෙනවා ඊට වඩා ලොකු සම්මානයක්, පින් ජනපතියා කියලා?
නීති ක්ෂේත්‍රයේ ඉන්න කඩේයන බත්බැලයින් අඳුනා ගන්න. කවදාවත් නඩුවකට පෙනී නොසිටි පිනාටත් කරපු සේවය වෙනුවෙන් කියලා සම්මානයක් දීලා...
ඉක්මණින්ම නිවන් සුව ලැබේවා...!
එය හරි කැමැතියි ඕව්වාට... අන්තිමට පොඩි පාටියකුත් දානවා නම් වඩාත් සතුටුයි...
ගෝඨාව එළවන්න පාරට බැහැපු කළුකෝට් රැළ මෙන්න බොලේ රනිල්ට සම්මාන දෙනවා.... අවුරුදු 50 ක් පාර්ලිමෙන්තු ගිය එකාට උසාවි ගියාට දෙන සම්මාන දෙන්න තරම් නිවට රැළක්.... ලැජ්ජයි
මෙයා ඔය වසර 50ට නඩු කීයකට පෙනී හිටල තියෙනවද?????