(අජන්ත කුමාර අගලකඩ)
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කර ඇත.
ජනාධිපතිවරයා එම ඉල්ලීම කරමින් පක්ෂ නායකයන් වෙත ලිපියක් ද යොමු කර ඇත.
සමගි ජන බලවේගය ,එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු හවුල්කාර පක්ෂවලට ද මේ සඳහා ආරාධනා කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරයා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හෙට (28) පස්වරුවේ ජනාධිපති මන්දිරට කැඳවා ඇති අතර එහිදී මේ සම්බන්ධයෙන් ඔවුන් සමඟද සාකච්ඡා කරනු ඇතැයි දැනගන්නට ඇත .
මේ සම්බන්ධයෙන් සකච්ඡා කිරීම සඳහා ජනපතිවරයා සියලු පක්ෂ නායකයනට ජනපති මන්දිරයට අනිද්දා (29) පැමිණෙන්නැයි ආරාධනා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම අවශ්‍යතාවයක් නැත. ඔබට බහුතරයක් ඇත. විධායක බලතලද ඇත. අගමැතිද සිටියි. දිනපතා පාර්ලිමේන්තු එන්න ප්‍රශ්නවලට උත්තර දෙන්න රට කරලා පෙන්වන්න.
ගොනා සහ තණකොළ...!
අයියණ්ඩි යවන සැටි මම පෙන්වන්නම්..!
අනේ මේ නන්දසේන... තොලොංචි වෙලා යන්න.. තවත් රට කන්නේ නැතිව. අලුත් ඇමැතිලා පත්කරලා දවස් 2යි. ඉල්ලා අස්වෙන්න තමයි වෙන්නේ.
ගෝඨා ගෝ හෝම් කියලා ඉංග්‍රීසියෙන් කිව්ව නිසා තේරිලා නැහැ. ඒකයි නොගිහින් ඉන්නේ...!
තාම තේරෙන්නේ නැද්ද? නනදේ ඔයාට යන්න කියන්නේ කියලා... හොරකම් නොකරන පිත්තකුත් ඇති ඔතැනට දැන්...!
මේක ලේසියි ජනාධිපතිතුමා. අපි දිගටම උද්ඝෝෂණය කරකර ඉන්නම්... මොකද අපට කියලා රට හදන්න වැඩපිළිවෙලක් නැහැනේ... දැන් විපක්ෂයේ කට්ටිය හිතන්නේ එහෙමයි...!
පිදුරු ගහේ එල්ලිලා ගැලවෙන්න බැරි තරමට වැඩේ දැන් දුරදිග ගිහිල්ල කියල තේරෙන්නේ නැති එකනේ කරුමේ. වටේට ඉඳගෙන මස්කටු උරණ කට්ටිය කියන දේවල් අහල ප්‍රශ්නය තවත් දිග්ගස්සන්නේ නැතුව සේරම ගියොත් නරකද ? කරු ජයසුරිය මහත්තයත් ඊයේ රාත්‍රියේ අඩනින්දෙන්ම අගමැති හීනයක් දැක්කලු ඔන්න.
ජනපතිතුමනි, ඔබතුමාම තමන්ගේ පපුවට අතතබා අසා බලන්න. ඔබතුමාලා මේ රට ඉතිහාසයේ කිසිම දවසක නැති ආකාරයකට බංකොලොත් කළා. ඇයි ජනතාව නගන ලද චෝදනා වලට නිසි පිළිතුරු නැත්තේ? ඔබතුමා හා මේ සිටින අසාර්ථක රජය සම්බන්ධ කරගෙන සර්ව පාක්ෂික රජයක් ගැන කෙසේ විශ්වාසය තබන්නද?. රාජිත මහතා චැනල් එකක කියනවා ඇහුණා බහුතර බලයටත් වඩා අත්සන් ඇතිව 3 වැනිදා විශ්වාසභංගය බාරදෙනවා කියා. අපට දේශපාලනයක් අවශ්‍ය නැහැ. ඒත්, වැටී ඇති රට, ඔබතුමාලාට ගොඩගැනීමට නොහැකි රට, ගොඩගැනීමට දැන් හෝ ජනතා මතයට හිස නමන්න. ඔබතුමාලාගේ අසාර්ථක බව ප්‍රමාණයටත් වඩා ඔප්පු වී හමාරයි...
සිංහල වලින් කිව්වා යන්න කියලා තේරෙන්නේ නැහැ. දෙමලෙන් කියන්නම් " ගෝටා පෝඩා ". දැන් හොඳින් කියලත් යන්නේ නැතිනම් මේ ප්‍රශ්නය දවසක අවසන් වෙන්නේ හිරගෙදරක කූඩුවෙලා. ඔබ විතරක් නොවෙයි අයියලා මල්ලිලා. බයි පරම්පරාවම...
ලෝක බලවතෙක් වන රුසියාව යුක්රේනය වටකරගෙන බර අවිවලින් පහරදෙන කොට හිටපු විකට නළුවෙක් වන සෙලෙන්ස්කි යුද භූමියේ සිට සටනට මූලිකත්වය දෙනවා. නිරායුධ කොල්ලන් සෙට් එකක් ඇවිත් ගෝල් ෆේස් එක වටකළාම අපේ යුදවිරුවා බංකරයේ හැංගිලා.
ලංකාවේ විතරක් නෙවෙයි, ශිෂ්ඨ සම්පන්න රටවල ජීවත්වෙන ලාංකිකයින් පවා ප්‍රතික්ෂේප කරලා හමාරයි. රට විනාශයට පත්කරපු දූෂිත පවුල් පාලනේ අයත් එක්ක මොන ආණ්ඩුද?
ආණ්ඩු හදන්න ඉස්සර වෙලා මෙයාගේ මොලේ චෙක් කරන්න ඕනේ. රටම කියනවා ඉල්ලා අස්වෙන්න කියලා. මෙයා බයිලා කියනවා.
බලන්නකෝ මෙයාලගේ තියෙන බල පෙරේතකම්..! දැන් කළ යුත්තේ පිනක් දහමක් කරලා ලබන ආත්මය ගැන සිතන්න. නැතිනම් ඔය ජනාධිපති මන්දිරයේම හොල්මන් කරාවි.
අගමැති කවුද? ඔබ මගේ සුදු අයියද?