කටකතා සහ අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී හැකිතාක් සන්සුන්ව සිටින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන සිදු වූ පිපිරිම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් මහ ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
මෙය කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ සිදුවීමක් බවත් තමන් මේ හේතුවෙන් දැඩි කම්පනයට හා වේදනාවට පත්ව සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.
"කිසි විටෙක බලාපොරොත්තු නොවු සිදුවීමක් සිදු වී තිබෙනවා. මා මෙන්ම ලක් වැසි සියලු දෙනාම දැඩි ලෙස වේදනාවට සහ කම්පනයට පත්ව සිටිනවා. මෙම ප්‍රහාර පිටුපස ඇත්තේ කුමන කුමන්ත්‍රණයක්ද යන්න තවම පැහැදිලි නැහැ. මේ පිළිබඳව සෙවීම සඳහා ආරක්ෂක අංශ වට උපදෙස් ලබා දී තිබෙනවා. ඔවුන් මේ වන විට ඒ අනුව ක්‍රියාත්මක වෙනවා.
ජනතාවට සන්සුන්ව සිටින ලෙස මා ඉල්ලා සිටිනවා. අනවශ්‍ය කටකතා වලට රැවටෙන්න එපා. කිසිදු අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. රජය මේ සම්බන්ධ පියවර රැගෙන තිබෙනවා. එම වගකීම් ඉටු කරනවා."
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ප්‍රහාරය අයිඑස්අයිඑස් හෝ එවැනි සංවිධානාත්මක ත්‍රස්තවාදී සංවිධානක සැලසුමක් බව පැහැදිලියි. මේ රජය සමහර අයව සන්තෝෂ කරන්න බුද්ධි අංශ අඩපණ කිරීමේ හා අනවශ්‍ය පුද්ගලයින් බුද්ධි අංශ තුලට රිංගවීමෙන් ලැබුනු එක, භයානක ප්‍රතිපලයක් තමයි මේ සිදුවීම. මේ රජයත් මෙයට වගකිව යුතුයි.
ත්‍රස්තවාදය මත්ද්‍රව්‍ය පාතාලේ මේවා මුලිනුපුටා දැමීමට කාලය දැන් ඇවිත්. දැඩි නීති ගෙනත් රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වීමේ වාසනාව ගෙන දෙන ලෙස කාරුණිකව ඉල්ලනවා
විශේෂ ප්‍රකාශ එපා. කරුණාකරලා රටේ ආරක්ෂාව තහවුරු කරන්න, හැමදාම වුනා වගේ සාමාන්‍ය ජනතාව විතරයි දුක් විදින්නේ.
රටේ ආරක්ෂාව බින්දුවට බැහැලා
දැන් ඕව කියල වැඩක් නැ මහත්තයෝ.
ආරක්ෂක අංශ යනු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක්වත් පශ්චාත් මරණ පරීක්ෂණ කරන අංශයක්වත් නෙමෙයි. මේවගේ දරුණු සිදුවීම් පෙළක් වෙනකන් ජාතික ආරක්ෂාව භාර අය මොනවද කලේ? රාජ්‍ය බුද්ධි අංශය ක්‍රියාත්මක වෙන්නේ දේශපාලුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ බුද්ධි තොරතුරු වෙනුවෙන් විතරද. රටේ ආරක්ෂාව බින්දුවටම ගිහින් බව ලෝකෙටම පෙන්නුවා.
නාමල් කුමාර කිව්වේ නැද්ද මේක ගැන?
ආරක්ෂකයෝ හිරේ. රට අණතුරේ. ත්‍රස්තවාදීන්ට ඕන විදිහට නැටීමේ ප්‍රතිඵල ඇස් ඉදිරියේ. මේවා නැතිකරගන්න අවංක පියවරක් ගනී කියලා කිසිම විශ්වාසයක් නෑ
විශිෂ්ට ප්‍රකාශයක් මැතිතුමනි. ඔබ අපට ශක්තියක්
මම හරි ආසයි මෙයාගේ විශේෂ ප්‍රකාශ අහන්න.
කට කතා නෙවෙයි මේවා. ඇත්ත දේවල්
රට ඇතුලේ තියෙන පල්ලි පන්සල් කෝවිල් විශ්වාස නැති නිසානේ නායකයෝ තිරුපති යන්නේ. ගිහින් වැදලා ආවා සෙතක් ලැබුනද. රජයේ මුදලින් ගුවන් ටිකට් අරගෙන දෙවියන් හොයාගෙන යන්නේ නැතිව ඒ මුදල් රටේ ආරක්ෂාවට යොදවන්න, ඔය ඉන්දියාවෙන් කිසිම ලොක්කෙක් එනවද දළදා මාලිගාවෙන් සෙත සලසා ගන්න. ඔය බොරු දේවල් නතර කරන්න.
මේ ප්‍රහාරයට, මේ ආණ්ඩුව බලයට පත් කරගන්න ඡන්දය දුන් ලක්ෂ 62 ත් අනියමින් වග කියන්න ඕන. කට්ටයට සතුටුද දැන්? සැබැ වෙනසක් නේ?
කලින් මේ දේවල් දැනුවත් කරානම් ඒ සම්බන්ධව පියවරක් ගැනීමට අසමත්වුනේ අැයි?