
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අප්‍රේල් දහ වෙනිදා අගමැතිකම ගත්තා නම් මේ එකක් වත් වෙන්නේ නෑ නේ දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රශ්නයක් යොමු කරමින් පාර්ලිමේන්තුවේදී විමසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව නැගී සිටි විපක්ෂ නායකවරයා එම කතාවට එරෙහිව කරුණු ඉදිරිපත් කරද්දී නැගී සිටි ජනාධිපතිවරයා:-
"මේ කතාව ගැන විවාදයක් කරන්න පුළුවන් නම් හොඳයි. මම විපක්ෂ නායකතුමාට කියනවා මේ සියල්ලටම එතුමා වග කියන්න ඕන .මං මට පුළුවන් විදියට වැඩේ කළා.අප්‍රේල් දහ වෙනිදා ඔබතුමා අගමැතිකම ගත්තා නම් ඔය කියන එකක් වත් වෙන්නේ නෑ නේ දැයි " ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ආණ්ඩුවක් හදාගන්න ඕනෑ, මේ එක එක කුලල් කාගන්නේ නැතිව, අපේ රට ගොඩ යනකල්
Great. ඒ නායකත්වය. නමුත් මම ඔබේ රසිකයෙක් නොවේ.
මේ දෙන්නා හැමදාම නිකන් විහිලු සපයනවා විතරයි
ජනාධිපති තුමා හරිම ප්‍රජාතන්ත්‍රවාදී යි ,සැහැල්ලුයි .මෙහෙම අය තමයි අපිට ඕන
ඇත්තෙන්ම විපක්ෂයේ නායක ජනාධිපති වෙතට චෝදනා එල්ල කරනවා ඔහුට ගෝඨාභය අගමැති වෙන්න කිව්වම කොහේදෝ හැංගුනා හරියට ජේආර් පළාත් සභා ගිවිසුම අත්සන් කරද්දී ලොකු ප්‍රේමදාස හැංගුනා වගේමයි ඒ වෙලාවෙ අගමැති වෙලා ජනාධිපති වුණා නම් දැන් පෙන්වන කිසිම වරදක් අබමල් රේණුවක තරමින් වත් නොවෙන්න තිබුනා කියලා හිතෙනවා කවුරු කොහොම කිව්වත් මෙතනදි වත්මන් ජනාධිපති නිවැරදියි කියන්න පුළුවන් මට ධර්මසේන හාමුදුරුවන්ගේ සද්ධර්ම රත්නාවලියේ උපමාවක් මතක් වුනා ඒක හරියට විපක්ෂයේ නායක කියන කතාවට සමාන අදහසක් දෙනවා එය ආදා යවාලා වල්පත ගත්තා සේ කියලා කියන්නෙ අවශ්‍ය වෙලාවට අවශ්‍ය කටයුතු නොකර පසුව ලතවෙනවාට උදාහරණයක් තමයි
රනිල් දන්නවා සජිත්ගේ බැරිකම හා දුර්වලකම, ඒ නිසා සජිත්ට බැහැ රනිල්ට අභියෝගය කරන්න තියා ධනාත්මක විවේචනයක් හෝ කරන්න. ඒ අතින් අනුර තමයි අද පාර්ලිමේන්තුවේ රනිල්ට අභියෝගය කරන්න පුළුවන් එකම හා ප්‍රබලම පුද්ගලයා.
ගන්න කීව පලියට ගන්නේ කොහොමද? ගෙදරින් අහන්න ඕනෑ... අම්මාගෙන් අහන්න ඕනෑ, අක්කාගෙන් අහන්න ඕනෑ, ඒ මදිවට එදා ගාලු මුවදොරදී ඔලුව බේරගත්තු හැටි මතක් වෙනකොටයි, ඊට පස්සේ දවස් ගාණක් යනකන් මෙයා අතුරුදන් වෙලා උන්නු හැටියටයි, පස්සේ ලියුම්ලීව හැටියටයි කොහොමද රට බාර ගන්නේ? මෙදා වෙන්නේ ඒකේ අනික් එක. මෙයා කවදාවත් රටේ ජනපති වෙන්නෑ. ජනපති වරනෙන් පස්සේ මෙයාව හොයාගන්න වෙන්නෙත් නෑ. ඔය යන විදියටම යන්න සජී බබා...
මෙයාට බාර දීපු රටක් නෑ. හරියට අර පෙරේත තටුවට අරක් ගත්ත පෙරේතයා වගේ හොරු රකින්නම් කියලා බදා ගත්තා. කතාව රට හදන්න ඒත් වීසා එකෙනුත් ගසා කනවා. හතර පාරක් අගමැති. හැරමිටියෙන් යනකල් හිටියා රට හදන්න.