නාලක සංජිව දහනායක
විදුලිබල අවශ්‍යතාවය සපුරාගැනීම සදහා රජයේ ප්‍රතිපත්ති පිළිබඳ විදෙස් රටවල් දැනුවත් කර නව ව්‍යාපෘති සඳහා ආයෝජකයන් ගෙන්වා ගැනීමට විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල අමාත්‍යංශයේ නිළධාරීන්ට උපදෙස් දී ඇත.
එමෙන්ම ඉකුත් රජය විදේශ රටවල් සමඟ විදුලිබල ක්ෂේත්රයට අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබුණ ද ඒ ගිවිසුම් බොහෝමයක් රාජ්‍යයන් අතර නොව පෞද්ගලික සමාගම් සමඟ අත්සන් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල අමාත්‍යංශයේ නිළධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදී මේ බව අනාවරණය වී ඇත.
එබැවින් ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේදී ඒ පිළිබඳව නිසි අධ්‍යයනයක් කර රටට හිතකර අන්දමින් කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලශක්තිය කියන්නේ වැඩි ආදායම් ලබා ගත හැකි ආයෝජනයන්... ඒ බව දන්නා කුප්‍රකටයින් මාළු බාන්නේ නැහැ. අහුවුණු තැන්වලම ඉහගන්නවා..
ඔතන නැද්ද විදුලිය කියන්නේ මොකක්ද කියලාවත් දන්නා කෙනෙක්... ප්‍රත්‍යාවර්ත ධාරා, සරල ධාරා...
චීනය සහ ඉන්දියාව හැරුණාම තමන්ගේ වටිනා ඩොලර් නාස්ති කරගන්න තාම කවුරුත් ඉදිරිපත් වෙලා නැත්තේ අැයි?
එමෙන්ම ඉකුත් රජය විදේශ රටවල් සමඟ විදුලිබල ක්ෂේත්රයට අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබුණද ඒ ගිවිසුම් බොහෝමයක් රාජ්‍යයන් අතර නොව පෞද්ගලික සමාගම් සමඟ අත්සන් කර තිබේ."විදුලි බලය" තම ව්‍යාපාරය කරගත් සමාගම් මිසක් රාජ්‍යයනුත් තියනවාද?
ලංකාවේ සෝලා ආයතන 100 කට වඩා තියනවා. ඇයි ඒවායින් ප්‍රයෝජන ගන්නේ නැත්තේ...?
ලංකාවේ තියෙන බලාගාර හොඳටම ඇති හොයන්න ඕන මහවැලියෙන් සහ සාදන ලද බලාගාරවලින් සපුරාගන්න බැරි අඩුපාඩු වැස්සට සියලුම ජලාශ වාන් දානවා. තවමත් ජලය රඳවාගෙන විදුලිබල දීගන්න බැහැ. සාම්පූර්, නොරෙච්චෝලේ, කැලණිතිස්ස , පුද්ගලික බලාගාරවලට මොකදවෙලා තියෙන්නේ? අපතේ යන විදුලිය ගණනය කර තියෙනවද? බිල්පත් හරියාකාරව අයකරගෙන තියෙනවද හොයලා බලලා තම වෙනත් විකල්පවලට යන්න ඕනෑ. ඉන්නටිකේ ගානක් කපාගන්න පොටවල්වලට යන්නේ නැතිව...
ඔතන නිලධාරින් ඔබතුමා රවුමේ යවනවා වගේ පේනවා. සපයන්නේ යන්තර මිස විදුලි බලලේ නොවේ. යන්තර ගන්නේ නිලධාරින්ගේ වුවමනාවකට මිස රටේ අවශ්‍යතාවයට නොවෙන බැව් පේන්නේ... සොයා බලන්න ලෙහෙසි වැඩක් නම් නොවේ...
මේකේ ප්‍රතිචාර කියෙව්වම හිතෙන්නේ මෙච්චර කල් හොඳට තිබ්බ දෙයක් ජනාධිපතිතුමා විනාශ කරන්න යනවා කියලා. මේකේ ලියන කට්ටිය ජනාධිපති උපදේශකලා වෙන්න ඕනෑ.
ආයෝජකයන් එන්නේ අැයි? ආයෝජකයන් එන්නේ නැත්තේ අැයි? මේ දෙකට මධ්‍යස්ථව නිර්භයව උත්තර දෙන්න පුළුවන් තත්වයක් රටේ ඇති වුණාම කාරණේ විසඳෙයි.
විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරීන් මොනවද ආයෝජකයන් ගෙන්වාගැනීම ගැන දන්නේ? ඒවා දන්නේ ලෝකේ ව්‍යාපාර, ආයෝජන වගේ වැඩ කටයුතු වල නිරත උදවිය නේද? ආයෝජකයින්ට හිතකර තත්වයක් රටේ ඇති නොකර විදුලි ඉංජිනේරුවන්ට ඔවුන් නොදන්නා දේවල් කරන්න පැවරීම, හැකියාවන් හඳුනා ගැනීමේ දුර්වලතාවයක්...
අපි අහලා තියෙන හැටියට විදුලිබල මණ්ඩලය ප්රතිලාභ ගෙවන රාජ්‍යායතනයක්... දුෂණ අතිනුත් ඉහළමයි කියලයි කියවෙන්නේ. විදුලියට පත් වුණු ලොක්කෝ දෙන්න නම් විශේෂයෙන්ම දෙවැනියා නම් අවංක භාවයේ ප්‍රතිමූර්ති වශයෙන් චිරප්රසිද්ධ අය නිසා අපට ලොකු විශ්වාසයක් තියෙනවා විදුලි බල මණ්ඩලේට මොකක් හරි සිද්දවෙයි කියලා...
මේක පුදුම ජනතාවක් හා පාලකයෝ ඉන්න රටක්. මේ ලඟකදී අපේ මහාචාර්යවරයෙක් සොයා ගත්ත සුළං බලයෙන් රටටම විදුලිය දෙන්න පුළුවන් ක්‍රමයක්. එතුමා කිව්වේ මුලින් ටිකක් වියදම් කරන්න වේවි ඊට පස්සේ සියලු දේවල් නොමිලේම ගන්න පුලවන් කියලා. කරුමේ මේවගේ දේවල් වලට සල්ලි නැහැ සල්ලි තියෙනවා සෙල්ලම් නොකරන ක්‍රීඩා පිටි හදන්න අපට දකින්නවත් නැති රොකට් යවන්න සත 5 කට වැඩක් නැත. වරායවල්, ගුවන් තොටුපළවල් මහා කොමිස් කඳු මේවට සල්ලි තියෙනවා. අරවගේ රට ගොඩ ගන්න දේවල් වලට සල්ලි නැහැ. අඩු තරමේ එතුමාව ගෙන්වල සොයල බලන්නවත් ඕන නේද
විදුලිය නිෂ්පාදනය, සැපයුම කාර්යක්ෂම කර පාරිභෝගිකයන් ආරක්ෂා කරගැනීමටනම් කළ යුතුව ඇත්තේ මෙම කර්මාන්තය විදුලි ඉංජිනේරු මාෆියාවෙන් බේරගනිමයි. මෙම ඉංජිනේරු මාෆියාව පාරිභෝගිකයන් ප්‍රාණ ඇපයට ගැනීම පළමුව වලක්වා ගත යුතුව ඇත. දෙවනුව, ඔවුන්ගේ ආත්මාර්ථකාමී ආදායම් ඉපයීමේ අයතා දුෂිත ක්‍රම වළක්වාලිය යුතුව ඇත. දැනට මේ සඳහා විකල්ප දෙකක් ඇත. එකක් ඉංජිනේරු මාෆියාවට ඔවුන්ගේ කුණුගොඩ පිරිසිදු කරගෙන මහජනතාවට පිරිසිදු සේවාවක් ලබාදීමට අවස්ථාව දීමයි. අනික, ඔවුන් එසේ කිරීමට අකමැතිනම් ආයතනය පෞද්ගලික ආයතන කිහිපයකට පත්කර මාෆියාව බිඳ දමීමයි.