IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’’ජනපතිගෙන් ප්‍රජාතන්ත්‍රවාදයට මරාගෙන මැරෙන ප්‍රහාරයක්’’

(යොහාන් භාසුර)

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නීතියේ ආධිපත්‍යට අභියෝග කරමින් හැකි සෑම අවස්ථාවකම නීතිය සෙල්ලමකට ගෙන ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරමින් හෝ බලය රැකගැනීම ආණ්ඩුවේ උවමනාව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (28) පැවසීය.

නාවල කොස්වත්ත පක්‍ෂ කාර්යාලයේදී අද (28) පැවැති මාධ්‍ය හමුවේදී ඩලස් අලහප්පෙරුම මහතා එසේ පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම ක්‍රියාකළාපය විධායක ජනාධිපතිවරණයේ නරකම පූර්වාදර්ශය බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මැතිවරණ ක්‍රියාවලිය, ව්‍යවස්ථාදායක සභාව, ස්වාධීන කොමිෂන් සභා වැනි ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කරන ආයතනවලට ජනාධිපතිවරයා බලපෑම් කරමින් සිටින බවත් ඒ මහතා කීය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේත් මේ ආකාරයට හැසිරුණු කිසිවෙකුට ගෞරවයක් ලැබී නොමැති බව කී ඩලස් අලහප්පෙරුම මහතා වැලිකඩ හිරගෙදර සිට අවසාන ලිපිනය ලිවීමට කැමතිනම් පමණක් මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට සූදානම් වන්නැයි අපි ඒ සැමට මතක් කරන බව ද සඳහන් කළේය.

කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතා වැනි නිර්භීත අවංක රාජ්‍ය සේවකයින් ඝාතන කිරීමෙන් ඝාතක වුවමනාව පුද්ගලයෙකු නොව රාජ්‍ය සේවය ඝාතන කිරීම යැයි පැහැදිළි වන බවත් රාජ්‍ය සේවයට දැල්වුණු රතු සංඥාවක් ලෙස එය තේරුම් ගන්නැයි මාධ්‍යයෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (0)

’’ජනපතිගෙන් ප්‍රජාතන්ත්‍රවාදයට මරාගෙන මැරෙන ප්‍රහාරයක්’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site