(සුජිත් හේවාජුලිගේ )
භූමිතෙල් ඇතුළු ඉන්ධන වෙනුවෙන් ධීවර ජනතාවට සහනාධාරයක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට පොරොන්දුවී ඇත.
ජනාධිපතිවරයා තමාට දුරකතනයෙන් මේ බව දැනුම් දුන් බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසීය.
ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා රටපුරා ධීවර නායකයන් කැඳවා ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව ඊයේ (23) දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.
මේ සාකච්ඡාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, එම අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක,ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්තකහවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.
තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ධීවර නියෝජිතයෝ මෙහිදී ධීවර අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කළහ. මේ අවස්ථාවේදී ධීවර අමාත්‍යවරයා ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරා ඇති අතර ජනාධිපතිවරයා හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමකට සහභාගි වී සිටි හෙයින් එය ව්‍යාර්ථ විය.
පසුව ජනාධිපතිවරයා එදින රාත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා ට මහතාට දුරකතන ඇමතුමක් ලබාදී ඉහත පොරොන්දුව ලබාදී ඇති බව වාර්තා වේ.
එසේම ධීවර ගැටලු සම්බන්ධයෙන් ධීවර නියෝජිතයන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් දැනුම් දුන්නේ යැයි ධිවර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පියවරක්, ක්‍රියාමාර්ගයක්
මුලින්ම මාළුවලට පාලන මිලක් නියම කරන්න. ඉන්පසු ධීවරයාට තෙල් සහන දෙන්න. තෙල් සහන අරන් ධීවරයා මාළු මිල ඉහළ දැම්මට පස්සේ පාරිභෝගික අපට වැඩක් නොමැත.
මෙයාලා භූමිතෙල් අරගෙන බස්කාරයින්ට විකුණලා දාන්න...