
(අංජුල මහික වීරරත්න)
කාන්තාවන්ගේ අත්කම් භාණ්ඩ විකිණීම සඳහා ගාල්ල ප්‍රදේශයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා සුදුසු ගොඩනැගිල්ලක් සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියට උපදෙස් දුන්නේය.
දේශීය මෙන්ම විදේශීය පාරිභෝගිකයන් ඉලක්ක කර ගනිමින් මෙම අලෙවිහල පිහිටුවන බව ද ජනාධිපතිවරයා කීය.
ශ්‍රී ලාංකීය කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් ප්‍රථම වරට සංවිධානය කරන ලද "Women Plus Bazaar 2023" ප්‍රදර්ශනය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ආරම්භ වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව කීය.
කොළඹ පිහිටි ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති කාර්යාලය, කොළඹ මහ නගර සභාව, කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය හා ජාතික ශිල්ප සභාව එක්ව සංචාරකයන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි.
දේශීය අත්කම් භාණ්ඩ නිෂ්පාදකයන් සහ කාන්තා ව්‍යවසායිකාවන්ගේ ප්‍රදර්ශන කුටි 200කට වැඩි සංඛ්‍යාවකින් මෙය සමන්විත වූ අතර කාන්තා ව්‍යවසායිකාවන්ට වැඩි ඉඩක් විවෘත කරදී ඔවුන්ගේ වැඩි දායකත්වයක් ලබාගැනීම විශේෂත්වයක් විය.
ෂැංග්‍රිලා ග්‍රෑන්ඩ් බෝල් රූම් හි පැවති ප්‍රදර්ශනය නැරඹීමට සහභාගී වූ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි වෙත යමින් නිෂ්පාදකයින් සමඟ සුහඳ කථා බහක නිරත විය.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග්, ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති මගීඩ් මොස්ලේ මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවල් හීන.
මරදානෙ ඉඳන් ජිනීවා වලට යනකම් විකුනපු එක්කෙනාට , ඕක මොකක්ද ..!
ගීතාගෙන් ජනපතිට යෝජනාවක් ආවත් කාරියක් නැහැ.
" ජනපතිගෙන් ගීතාට යෝජනාවක් " කියලා පත්තරෙන් දැක්කාම මට බය හිතුනා අනේ..මේ ඇත්තමයි අයියෝ.මට හරියට දුක හිතුනා.එයාට මම ඉන්දැද්දී ඇයි ඔය නාකි ගෑනිට යෝජනාවක් කලේ කියලා.පස්සේ මම එයාට කෝල් කරලා ඇහුවා " ඇයි මට මෙහෙම දුක් දෙන්නේ, මම ඔයාගේ හැම දෙයක්ම කරනවා ..." කියලා.පස්සේ එයා කිව්වා " නැහැ ඩාලින් එහෙම යෝජනාවක් නොවෙයි කියලා විස්තරකලා.මට එයා මිසක් වෙන සතුටක් නැහැ...
ජනපතිගෙන් ගීතාට යෝජනාවක්. මොනවද මේ වයසට? වයස මොකක්ද කැමැතිනම්...?