(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ජර්මනිය සහ ස්විස්ර්ලන්තය ඇතුළු යුරෝපයේ ප්‍රධාන රටවල් අටක් සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී ඇතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
එම රටවල් ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබාදීමට ඉදිරිපත් වී සිටින්නේ යැයි ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී දැනුවත් කළ බවත් එය අපේ රටට ඉතාමත්ම හොඳ පණිවුඩයක් බවත් අමාත්‍යවරයා පැවසීය.
ප්‍රබල නායකයකු ලෙස කාබනික පොහොර නිෂ්පාදනයට ජනාධිපතිවරයා ගත් තීරණය වඩාත් වැඳගත් බවත් විපක්‍ෂය කොතරම් ජනතාව ප්‍රකෝපකිරීමට උත්සාහ කළත් ජනාධිපතිවරයා කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සැළසුම් සකස් කර අවසන් බවත් අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල් වල මුර බල්ලන් ඉන්නවා නම් ඒ අතර ඉන්නවා වැඩියෙන්ම බුරන බල්ලෙක් අනිත් උන්ට වඩා. නිකන් කිව්වේ...
අනේ ඇත්තද?
අවේලාවේ දැකපු සිහිනවලට කියන්නේ දවල් හීන කියලා...!!!
මහා වසංගතයක්... එක දවසින් මේ වගේ මෝඩ තීරණ වලට පෙළඹිලා රට සාගතයට යවලා තමයි මේ ගොල්ලෝ පස්ස බලන්නේ...
තනිකරම හිතුවක්කාර මෝඩ රැලක්! රසායනික පොහොර නතර කිරීමට පෙර ඒ සඳහා විකල්ප සුදානම් කර ඉන්පසු නතර කරපල්ලා! වැඩක් සාර්ථක වෙන්න නම් ඒ සඳහා වැඩපිළිවෙලක් තිබිය යුතුයි.. මේ මෝඩ පාලකයින්ට කිසිම ක්‍රමවේදයක් පිළිවෙලක් නැත. එසේ තිබුණි නම් මිනිස්සු පොහොර ඉල්ලා මහා පාරට එ්ම අවශ්‍ය නොවේ. අවසානයේ සිදුවන්නේ මිනිසුන්ට කාබනික කියන වචනයද එපා වීමයි..
හොඳ දෙයක්.., හැබැයි දෙන්න එපා.. අයිතිය එයාට... ස්තුතියි...
ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ...!!!!
ලබන අවුරුද්දේ ඉඳලා කන්න වෙන්නෙත් හීනෙන් තමයි.
ඒ වුණාට අපේ රටේ නොමිලයේ දෙනවා කීව පොහොර සල්ලිවලටවත් ගන්න නැතුව කබලෙන් ලිපට වැටිලා ඉන්න ගොවියන්ගේ සහාය ලැබෙන පාටක් නම් නැහැ මහත්තයෝ...
එහෙනම් සහාය දෙන රටවල් ලවා ලෝකයාටම කියන්න පුළුවනි ශ්‍රී ලංකාව කාබනික පොහොර දාලා තේ වවනකම් අපේ වෙළෙඳපල අල්ලගෙන තියාගන්න කියලා...
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ... ගොවියො ලිපටම දමමිනා... පොහොර අද නැත වෙළඳපල හමුවේ... දරුවො බඩගිනි උහුලණා...
ඉක්මණින්ම අපායට යයි වගේ...
මහදැනමුත්තයි, ගෝලයො රොත්තයි...!
අරක්කු රජයක්.., මේ වගේ අඳ, බාල මිනිසුන් රට පාලනයට පත්කළ අපයි වැරැදිකරුවෝ...
එතනෝල් වස විස නැද්ද?
ඇත්තටම මේක සිහිනයක්
අපේ දේවල් අපිම කනහැටි.. අපිත් දැන් ජර්මනියෙන්, ස්විට්සර්ලන්තයෙන් ඉගෙන ගන්න වෙලාද? හැබැයි වෙන දේවල් නම් ලැබෙන්නේ නැහැ..!!!