(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරයා සර්වපාක්ෂික සමුළුවේදී 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නට යැයි පවසමින් තම දේශපාලන වැඩපිළිවෙළට විපක්ෂයේ මුද්‍රාව තබා ගැනීමට ගත් උත්සාහය පූර්ණ වශයෙන් අසාර්ථක වූ බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
සර්ව පාක්ෂික සමුළුවක් නොපැවැත්විය යුත්තේ කෙසේදැයි ජනාධිපතිවරයා ලෝකයටම පෙන්නූ බව සඳහන් මන්ත්‍රීවරයා ඉතිහාසය පුරාම සිදු වූ දේශපාලන සූදු කෙළිය දැන්වත් නතර කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය.
පළාත් පාලන ඡන්දය අනීතික ව කල් දමමින් බලය බෙදීමේ ආකෘතිය වූ පළාත් සභාද අක්‍රිය කිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවද ඔහු කීවේය.
අලහප්පෙරුම මහතා මෙසේ පැවසූවේ අද (28) පැවති නිදහස ජනතා සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
මෙම සර්ව සර්වපාක්ෂික සමුළුව සැබෑ චිත්‍රය ජනතාව නොදුටු බවත් ජනතාව දුටුවේ සංස්කරණය කරන ලද කොටස් පමණක් බවත් ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
නමුත් එහි ඇත්ත කතාව එය නොවන බව පැවසූ මන්ත්‍රීවරයා මෙය අසාර්ථක සමුළුවක් බවද ප්‍රකාශ කළේය.
කුඩාම පරිපාලන ඒකකයට බලය දීමට අකමැති රාජ්‍ය නායකයා, පළාත් සභාවලට දහතුන්වැනි සංශෝධනය අනුව බලය දෙයි ද යන්න ගැන බරපතළ සැකයක් මතුවන බවද ඔහු පැවසුවේය.
ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය.
ආණ්ඩුවේ ක්‍රියාකලාපය වංචනික යි ප්‍රෝඩාකාරී කියන එක මේ වනවිට ඔප්පු වෙලා ඉවරයි .
අපි අවසාන වශයෙන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ දරුවන්ගේ රටේ ජනතාවගේ අනාගතය සමඟ මේ සෙල්ලම දිගටම කරන්න එපා කියන එකයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ජනපතිගේ ’’සීල්’’ උත්සාහය අසාර්ථකයි
මැක්ස් Friday, 28 July 2023 04:10 PM
මේ ෆෙඩරල්වාදීන්ගෙන් පරෙස්සම් විය යුතුයි. මතකයිනේ එක සැරයක් ඔක්කෝම අතහැරලා ඇමෙරිකා ගියා. මෙයා මිලින්ද මොරගොඩගේ ගෝලයෙක් බවත් අමතක කරන්න එපා...
කිරිපුතා Friday, 28 July 2023 04:23 PM
පළාත් සභා කියන්නේ සුදු ඇතෙක් වග ඉතාම පැහැදිලියි. ඒක රටට අනවශ්‍ය බරක් විතරයි. මෙතුමා හොඳ කෙනෙක් තමයි. නමුත් දේශපාලනිකව කතා කරනකොට ඇත්ත කියන්නේ නෑ. පළාත් සභා ඕනැත් නෑ. 13 ඕනත් නෑ.
සල්ලි Saturday, 29 July 2023 03:22 PM
ප්‍රසිද්ධියේ බනිනවා, පීචන් කරනවා... අප්‍රසිද්ධියේ බදා ගන්නවා, පාටි දානවා. අපි ආයේ ඕවාට රැවටෙන්නේ නෑ ඩලස්...