(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීමනා ලෙස රුපියල් ලක්ෂ හතරක් පමණ ලැබෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණත් තමන්ට එතරම් දීමනා ලැබෙන්නේ නැතැයි මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම පාර්ලිමේන්තුවේදී අද (7) පැවසූහ.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන චමින්ද විජේසිරි, තුෂාර ඉඳුනිල් සහ රෝහිණි කවිරත්න යන මන්ත්‍රීවරුන් මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විමලවීර දිසානායක මන්ත්‍රීවරයා ද පැවසුවේ තමන්ගේ සියලු දීමනා එකතු කළ ද ලක්ෂ 4ක් නොලැබෙන බවයි.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ජනතාව තුළ මන්ත්‍රීවරුන් ගැන වැරදි ආකල්පයක් ඇති වන බවද ඔවුහු පැවසූහ.
මෙම අවස්ථාවේ අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේ මන්ත්‍රී දීමනා තවත් ඉහළ නංවා ගැනීමට ආණ්ඩුව කර තිබූ යෝජනාව අමතක කර දැනට ලැබෙන දීමනා ගැන පමණක් කතා නොකළ යුතු බවයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ජනපතිගේ ප්‍රකාශය වැරදි බව මන්ත්‍රීවරු කියති