
(ආරියරත්න රණබාහු)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවෙන් හෙළි කළ කරුණු ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කිරීමට යෝජිත විමර්ශන කමිටුව විහිළුවක් බැවින් එය එක හෙලා ප්‍රතික්ෂේප කරන බව ලංකා කතෝලික සභාව ප්‍රකාශ කරයි.
එය ජනතාවගේ මුදල් තවත් වරක් නාස්ති කිරීම මෙන්ම ප්‍රහාරයෙන් මියගිය තුවාල ලැබූ වින්දිතයන්ට කරන අවමානයක් යැයි ද ලංකා කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරි ගාමිණි පියතුමා පවසයි.
ජාත්‍යාන්ත නිරීක්ෂණයක සහ අධීක්ෂණයකට යටත්ව ස්වාධීව කොමිසමක් මගින් මෙම විමර්ශන කටයුතු සිදු කළ යුතුයැයි ද ඔහු කීය.
ඒ සඳහා මෙතෙක් විමර්ශන කටයුතු කළ දැනට තැන් තැන්වලට ස්ථානමාරු කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 20 දෙනා ඒ සඳහා තවදුරටත් යොදා ඔවුන් නැවත් වූ තැන සිට ඉදිරියට පරික්ෂණ කටයුතු කිරීමට ඉඩ සලසා දිය යුතු බව ද පියතුමෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනම් විහිළුවක්ම වෙලා.
ජනාධිපති කමත් විහිළුවක්... එයාගේ කමිටුත් විහිළුවක්...
මේවද දැන් ලංකාවේ කරන්න ඕනෑ..?
ජනාධිපති කොමිසම් ජනාධිපති කලිසම් වගේ තමයි. නිතරම විටින් විට අවශ්‍ය පරිදි උස්ස උස්ස තියන් ඉන්නේ...
පුදුම දිවදෙකේ සභාවක් මේක නම්... එකල ආණ්ඩුව හරි කියනවා නෙවෙයි... නමුත් චැනල් 04 ආයතනය යුද්ධයෙන් පස්සේ ‘‘සුදු කොඩි‘‘ සිද්ධිය සම්බන්ධයෙන් අපේ හමුදාවට අයුතු චෝදනා කරනකොට කතෝලික සභාව මීක් නෑ. දැන් චැනල් 04 නිවුස් එක ගැන ප්‍රශංසා කරනවා. තමුන්ගේ වරිගය ගැනම හිතන ආත්මාර්ථකාමී සභාවක් මේක නම්...!
එයාගෙ මොන කමිටුවද විහිලුවන් නොවුනෙ
මාද්‍ය නිවෙදන නිකුත් කර කර ඉන්නෙ නැතුව ඔබ වහන්සෙලාට පුලුවන්නෙ ජාත්යන්තර අදිකරනයට පමිනිල්ලක් දාන්ට.
ඒක ඇතිත. එයා වැඩබැරි කතාකරයෙක් විතරයි. මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න බැරි වුණු කෙනෙක්නේ රටේ නායකයා වෙලා ඉන්නේ...