(සුජිත් හේවාජුලිගේ )
එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කර වැඩි පිරිසකට කොරෝනා මර්දන එන්නත ලබාදෙන්නැයි ජනාධිපතිවරයා තමාට උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එසේම විදේශ විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය සඳහා යන මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද කොවිඩ් මර්දන එන්නත වහාම ලබා දෙන්නැයි ජනාධිපතිවරයා තමාට උපදෙස් දුන් බව පැවසූ යුද හමුදාපතිවරයා විදේශ රැකියා සඳහා පිටත් වීමට නියමිත පිරිස් සඳහාද ජනාධිපතිවරයාගේ උපදෙස් මත පසුගියදා එන්නත් ලබාදුන් බව ප්‍රකාශ කළේය.
කොරෝනා මර්දන එන්නත ලබා නොගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදේශ විශ්වවිද්‍යාලවලටද සේවක සේවිකාවන් අදාළ රටවලටද බාර නොගන්නා තත්ත්වයක් තිබෙන හෙයින් ඒ තත්වය සලකා ජනාධිපතිවරයා තමාට මෙසේ උපදෙස් දුන් බව ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය .
එමෙන්ම යුද හමුදාව සහ අනිකුත් හමුදාවන්හි රෝහල් යොදාගෙන එන්නත්කරණ වැඩපිළිවෙළ දිගටම කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසුවේය.
සෞඛ්‍ය අතුරු සේවාවන්හි පිරිසක් උද්ඝෝෂණයේ යෙදී සිටියද රට ගැන හිතන සේවකයන් එන්නත්කරණ වැඩපිළිවෙළට උදව් කරන බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉතාම කාරුණිකව රජයෙන් ඉල්ලා සිටිනවා ලැබුණු pfizer එන්නත් අස්ට්‍රසේනෙකා දෙවන මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙනමෙන්. කරුණාකර මෙයට වගකිවයුතු ඔබේ අවධානය ලැබේවා! ප්‍රමුඛතවය ලැබේවා!