(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ක්‍රිකට් අතුරු කමිටුව ඉවත් කරගන්නැයි ඉල්ලීම් කර එසේ නොකළහොත් ක්‍රීඩා නීතිය ඔහු යටතට ගන්නේ යැයි ජනාධිපතිවරයා තමාට පැවසූ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
ඇමති ධූරයෙන් ඉවත් කර කැමති තීරණයක් ගන්නා ලෙස තමා එහිදී පැවසු බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා පත්කළ කමිටුව නැවත අහෝසි කරන්නේ නැතැයි තමා එහිදී තරයේ පැවසූ බවද ප්‍රකාශ කළේය.
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම්ද මේ අමාරුව කියන කියමන තමාට මේ අවස්ථාවේදී මතකයට එන බවද රණසිංහ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොෂාන්ට ලේසි වෙන්නේ නැහැ... පින්පති කියන්නේ එදා ඉඳන්ම ලොකු ලොකු හොරුන්ව බේරාගන්න එක තමන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය කරගත්තු කෙනෙක්...!
නියමයි ගරු ඇමැතිතුමනි...
ජනාධිපති හොරුන්ට සපෝට් කියන එකට තවත් උදාහරණ ඕනෙ නැහැ.
නයි මුගටි එලියේ ඇරගත්තාට. ගංවතුරේදි එකම කොටයට ගොඩවෙනවානේ...
මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව කොළඹ නාලන්දා විදුහල වෙනුවෙන් කොළඹ රාජකීය විදුහල පෙරට ඇවිත් වගේ..!
ගරු ඇමැතිතුමනි, ජනවරම් නැති මේ පින් ජනාධිපති හමුවේ ඔබතුමා නොසැලී සිටින්න.
හොඳටම පැහැදිලියිනේ කවුද ශම්මිගේ පිටුපස ඉන්නේ කියලා... ඇමැතිතුමා තනතුරෙන් ඉවත් වෙන්න බලාගෙන හරි කරපුදේ අගය කරනවා. අපි එන ඡන්දෙදී හොරු ගැන බලාගන්නම්..!
ඔබ නිවැරැදි, ඔබ වැඩි ජනමතයක් ඇතිව පාර්ලිමේන්තුවට ආව මහජන නියෝජිතයෙක්...
මිනීමරු හොර සර්පයින් ඉන්නේ කියලා දැන දැනත්, මහජනයාගේ කැමැත්තකින් තොරව හොර ජනාධිපති කරලා දැන් කනවෝ කියනවා. ඇයි රනිල්ට විරුද්ධව විශ්වාස භංගයක් ගේන්න බැරිද? හොරු කැමැති නැහැ නේද? කෙසේවෙතත් දවසක වඩිග ජාතික උද්දච්ඡ, මිනීමරු බැංකු හොරුන් " හිරේ " යන එකනම් යනවාමයි !!!
කොහොම කිව්වත් මේ ඇමැති නම් කියන්න තියෙන දේ කියනවා. වැඩේ තියෙන්නේ අපේ රටේ ඇත්තට තැනක් නෑ. ජනාධිපතියා මෙහෙම බලපෑම් කරනවා කියලා කියන්නත් කොන්දක් තියෙන්නත් ඕනෑ.
අන්න එහෙමයි කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්නේ. අපි ඔබ සමගයි ජනතාව ඔබ වෙනුවෙන් නැගී සිටීවී ඔය වඩිග පාලකයා පන්නා දමන්න....
හොරු කැමැති නැහැ. හොරු එළවනවට...
පිනාව අනුමත කරපු 134න් කෙනෙක්...
ලබන ඡන්දේ බලාගෙන නටන තවත් නාඩගමක්. රොෂාන්ව වීරයක් කරලා ලබන ජනාධිපතිවරනෙට ඉදිරිපත් කරවලා ඡන්ද ටිකක් කඩාගන්නයි ඔය හදන්නේ. පස්සෙ කට්ටිය ආයෙමත් එකතු වෙයි.
ඔය ඔක්කොම යාලුවො මල්ලි...