
(නිමල කොඩිතුවක්කු)
සමගි ජනබලවේගයේ එකඟතාවය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් ආරාධනා ලැබුණ හොත් ජනාධිපති ධුරය බාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹදී අද පැවසීය.
අගමැති ධුරය බාරගන්නා ලෙසටත් දිගින් දිගටම පොහොට්ටුව පාර්ශවයෙන් තමන්ට ආරාධනා ලැබෙමින් තිබෙන බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
රට බලාපොරොත්තු වන ප්‍රගතිශීලී දේශපාලන වැඩපිළිවෙළක් සඳහා තමන්ට සහයෝගය ලබාදීම සඳහා පොහොට්ටුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස් දිනපතා තමන්ට කතා කරන බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
රාජපක්ෂවරු, රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූෂිත දේශපාලනය නිමා කළත් ඊළඟට පත්වන්නේ ද දූෂිත දේශපාලනඥයන් බැවින් ජනතාව අපේක්ෂා කරන පාලනය ඉන් බිහි නොවන බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසීය.
යුද්ධයට නායකත්වය දීමේ දී ද තමන්ට නොයෙකුත් අභියෝගය එල්ල වූ බවත් රට වෙනුවෙන් අභියෝග භාරගැනීමට තමන් පසුබට නොවන බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
ඔහුට ලැබෙන ආරාධනා සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂය දැනුවත් කළේද යන්න සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තමන්ගේ පෞද්ගලික දේශපාලන සාකච්ඡා සියල්ලම පක්ෂ නායකත්වය දැනුවත් කිරීම අනවශ්‍ය බවයි.
තමන්ට රට වෙනුවෙන් වගකීම් බාර දෙන්නේ නම් අරගලකරුවන්ගේ අරමුණ ජයග්‍රහණය කර රට ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවත් ෆොන්සේකා මහතා එහිදී කීවේය. ජනාධිපති මන්දිරයේ අරලියගහ මන්දිරය භාරදීම සඳහා හදිසි නොවන ලෙසත් දේශපාලඥයන් තීන්දු ගැනීමෙන් පසු හරි වෙලාවට ඒවා භාර දීමට කටයුතු කරන ලෙසත් අරගල කරුවන් ගෙන් ඉල්ලීමක් කරන බවත් ෆොන්සේකා මහතා එහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉන්නේ අනිත් එක්කෙනා... මේ ඔක්කොම ඉන්නේ බලය ගන්න පෙරේත කමේ මිසක් රට ගැන ආදරෙන් නෙවෙයි.
නියම කෙනා... හැබැයි හොරු ඇල්ලුවේ නැතිනම් ඔයාටත් ලැබෙන්නේ මේකතමයි පුතෝ...!
බල තණ්හාවක් තියෙන මිනිහෙකුට රට බාරදුන්නොත් අබ සරණයි...!
පැන්නා නේද බළලා... මල්ලෙන් එළියට... අර මනුෂ්‍යයා වෙන්න ජනාධිපති වෙන්න පෙරුම් පුරාගෙන ඉන්න කොට ඒකට ගෙනාපු යෝජනාවට පක්ෂව අත උස්සලා ඔහොම කරන්න එපා මහත්තයෝ... ආයෙත් හොස්පිටල් ඇඩ්මිට් වෙන්න වෙයි එයාට... ඔබතුමා නීතිය හා සාමය ඇමැතිවෙන්න. ජනාධිපති නොවේ. අනික් දේ බාරගන්නවා කියලා කීදෙනෙක් දැන් කියෙව්වාද? කවුද හරියට ඉස්සරහට ආවේ. ඒ නිසා තමා රනිල් අගමැති වගේම වැඩ බලන ජනපති වෙලා ඉඳගෙන. මේ ගේම් එක ප්ලේ කරන්නේ... මොකද එයා දන්නවා. ඔයා ගන්නවා කියන කවුරුවත් එකතු වෙලා මේ වෙලාවේ රට ගැන හිතලා නොඑන බව... ඔක්කෝම කරන්නේ තමන්ගේ ගේම් එක ප්ලේ කරගන්න පුළුවන් විදිය බලන එක...!
මමත් මේ කියන්නමයි හිටියේ. මාත් කැමතියි ජනාධිපතිකම බාරගන්න.
මෙම අවස්ථාවේ ජනාධිපතිකමට සුදුසුම කෙනා සරත් ෆොන්සේකා මහතායි.
225ම ඉල්ලන්න කැමැති ඇති... ඔහොම තමයි කවුරුත් ඡන්දෙ ඉල්ලන්න එන්නෙත්.. කෝ රට හැදුණද? තමන් හැදුණා පමණයි.
ඔව් අපිට ඔබව අවශ්‍යයි... ඉතිරි වෙලා ඉන්න වඳුරන් සහ බූරුවන්ට වඩා හොඳයි..
එදා ගෝඨාභයම එන්න කීවාම එපා කීවා නේද...? රාජපක්‍ෂලාගෙන් වෛරය පිරිමහන්නද ඔය තැනට එන්නේ..?
රටට කෙසේවෙතත් අරගලයින්ට නම් ටක්කෙටම හරි යනවා මෙයා. ඩිෂුම්! ඩිෂුම්! ඩිෂුම්! බලං ගියාම වරදකුත් නෑ.
අපිට හොඳටම බොක්කට වැදිලා ඉන්නේ දේශපාලනය ගැන මළපොතේ අකුරක් නොදන්නා, නූගත් විරුවෙකුට දීලා.. අම්මෝ තවත් නම් විරුවන් මේ දූපතට ඕනෙම නැහැ. ඔයා වෙන වැඩක් කරගෙන ඉන්න. ඔන්න නොකීවයි කියන්න එපා...
මෙයාට නම් ආරක්ෂක ඇමැතිකමට වඩා කිසිදෙයක් දෙන්න එපා. නන්දසේනට වඩා වැඩි යමක් කරන්න බැහැ. අනික ලෝකේ කිසිම රටකින් මෙයාව පිළිගන්නේ නැහැ. රට තවත් අගාධෙන් අගාධයට යනවා...
ආරක්ෂක ඇමැති කම දෙන්න සුදුසු පුද්ගලයා තමයි. ජනාධිපති කමට හමුදා නිලධාරියෙක් පත්වුණාම වෙන්නේ ඕකද කියලා දැක්කනේ..!
කොන්ද පණ තියෙන කෙළින් කතාකරන පිරිමියෙක්....
ඉවසීමේ ගුණයක් නැති කෙනෙක් ජනාධිපතිකමට සුදුසු නොවේ..!
අනේ අප්පේ ආයෙත් හෝතඹුවන්ට, උගුඩුවන්ට, මුගටින්ට ආයෙත් අපල කාලයක් එයිද දන්නේ නැහැ... 2010 ඡන්දෙදී වගේ....!
අනේ එපා...!
ලංකාවේ ජනතාවට මිරිස් දීලා ඉඟුරු ගන්න ඕනේ නෑ. ජනාධිපතිකමට සුදුසු හර්ෂ ද සිල්වා හෝ ඩලස් අලහප්පෙරුම. කෙනෙක් ජනාධිපති අනිත් කෙනා අගමැති...
අපිට තේරුණා ඔබ ඉතාමත් ආසාවෙන් ඉන්න බව. එහෙම වුණොත් තව මාස 2 න් මිනිස්සු කියාවි ගෝඨාභය හොඳයි කියලා...
ඔය කියන්නේ මම දුෂිත නැහැ කියලාද? එහෙනම් යුද්ධය කාලේ ආයුධ ගෙන්වීම වක්‍රව තමන් සම්බන්ධ කම්පැණියකට දුන්නා කියන කතාවක් තිබෙනවා නේද?
තමාගේම හමුදාව යුද්ධ අපරාද කළා කියා පාවාදුන්නු ඔබව අපි විශ්වාස කරන්නේ කොහොමද?
ඔබට ජනවරමක් නෑ... මීළඟ විශාලතම ජනවරම තියෙන්නේ සජබ නායකයාටයි.. ඔබ එයා නෙමෙයිනේ... අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීමෙන් වළකින්න. ඔබත් ජනවරම දිනා ඇවිත් පදවි ගන්න.
විකාරද කොහේද? අරගල කාරයින්ට කිසිම අයිතියක් නෑ... ඔය ජනතා දෙපළ ඔය විදිහට නාස්ති කරන්න. ඕවා සුද්ද කරන්න යන්නෙත් අපේ සල්ලි. ඒවා වහා ඉක්මණින් බාරදෙන්න කියන්න ඕනේ එකේ විකාර දොඩවනවා.
ජයවේවා..!
හැමෝම ඉල්ලන්නේ ජනාධිපතිකම... ඕකටද අරගල කළේ? ඡන්දෙන් ඕක කරගන්නම් පුළුවනිනේ...