(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.
ජනාධිපතිවරයා කලින් නොදන්නවා හදිසියේ මෙලෙස පැමිණීම පිළිබඳව වන්දනා මැතිමතුන් පුදුමයට පත් වූ ආකාරයේ දැකගත හැකි විය.එහිදී වන්දනා මැතිතුමතුන් පැවසූයේ දින ගණනාවක් පෝලිම් වල සිටින තමන්ගේ දුක් සැප බලන්නට ජනාධිපතිවරයා පැමිණීමෙන් ඉතා සතුටට පත් වූ බවයි.
මේ අතර ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ඊයේ රාත්‍රියේදී හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වහලුන්, බයියන් වැලලෙන්න හදයි චන්ද ගුන්ඩු කියලා, නමුත් අනුර ඔය මුකුත් නොකර තමයි ජනාධිපතිකමයි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකුයි ගත්තේ, ඒ නිසා රාජපක්ෂලා වික්‍රමසිංහලා සහ ප්‍රේමදාසලා බලය සදහා ගහන ගේම් මාලිමාවේ නැත.
වැඩේ අනාගෙන, නුවර එකම කුණු කන්දක් කරලා, දළදා වහන්සේට අපහාස කරලා දැන් යනවා ඡන්ද හිඟමනේ. ලැජ්ජයි හලෝ. තමුන්ට සංවිධාන කරන්න පුලුවන් බස් වලින් රැස්වීම් වලට සෙනග අදින එක විතරද?
චන්දෙ හිඟා කනවා .ලැජ්ජයි
හහ්.. මැතිවරණ රාජකාරි වෙන්න ඇති. ගුරා එක තැන ඉඳලා කරන දේ ගෝලයෝ දුව දුව කරනකොට ඔහොම එළියට ඇවිත් රඟපාන්න වෙනවා. පම්පෝරි සහ කයිවාරු ඇති... වැඩ කරන්න. ඡන්දේ දුන්නේ ඒකට...!
ඡන්දේ ළඟයිනේ.. අනාගත්ත වැඩේ කොහොම හරි ගොඩදාගන්න එපැයි.. බැරිකම වහගන්න එපැයි.
පැලවත්තේ සල්ලි වලින් වෙන්න ඇති ඔය චන්දෙ හිඟාකන්න යන්නෙ. ඔයිට වඩා නරකද, අර බොනිකර තරුව අරන් ගිහින් උන් එක්ක එකතුවෙලා නුවර වනසලා තියෙන කුණු ටික සුද්ද කළා නම්? නිකන් මීඩියා ෂෝ වල රඟපාන්නේ නැතුව
අනුර ආවෙත් දළදා පෙරහැර ඉවරයි කියපු අය දැන් මේව දැකලා ඉවසගන්න බැරිව, මොනවා හරි කියවනවා. අනුරට ඡන්ද හිඟන්න අවශ්‍ය නැහැ... ඡන්ද කොහොමත් ලැබෙනවා...
යෝග ඔයාගෙ අවලාද තියාගන්න, වෙච්ච දේ රටම දන්නවා, තමුන්නැහැලා හිතුවේ ඕක නෙවෙයි, ඔය වන්දනාවට දහයක්වත් එන එකක් නැහැ කියලා, උනේ කව්රුවත් නොසිතපු ජනගඟක් එකතුවීම, සෙනඟ එකතුවෙන තැන අපවිත්‍ර වෙන එක කව්රුත් දන්නවා, අනෙක ඔය එන්නේ සැපගන්න නොවෙයි.
ශ්‍රී දළදා වහන්සේට අගෞරව වෙන ආකාරයෙන් කිසිම සැලසුමක් නැතිව රාජ්‍ය නායකයාගේ ක්‍රියා කලාපය අපි දැඩිව හෙලා දකිනවා. දේශපාලන අපරාධ කරුවන්ටදළදා මාලිගාවේ වැඩවලට සම්බන්ධ කරගන්න එපා. නීතියෙන් එය සම්මත කරගන්න.
මෙයා දළදා මාලිගාවම අපවිත්‍ර කළා. මෙයාට විරුද්ධව සියලු දෙනාටම ඡන්දය පාවිච්චි කරන්න ළඟ එන මැතිවරණයේදී...
කරන්න බැරි දේවල් බාර අරගෙන දැන් කෙඳිරිගාන්න එපා. මහින්දගෙන් මේවා සංවිධානය කරන පිළිවෙළ ඉගෙන ගන්න.
ලප කොටා ඡන්ද හිඟමනේ ඇවිත්...
සෙනවිරත්න සහ අරවින්ද ඇරැව්වල වගේ අයත් තවම ඉන්නවා.
මීට කලින් ශ්‍රී දළදා ප්‍රදර්ශනය සංවිධානය කළේ රජවරු. ඒ වුණත් මේ සැරේ කළේ තඹුත්තේගම මරිසි අන්දරේ...