IMG-LOGO

ජනපති හිටගෙන ඉන්නෙ ලංකාවත් එක්කයි

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තරය කුමක් කීවත් කුමක් සිදුකළත් ශ්‍රී ලාංකික මහජනතාව ශ්‍රී ලංකාවත් සමඟ සිටගත යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා  සිටගෙන සිටින්නේ ලෝකයත් සමඟ නොවෙියැයිද  එතුමා සෑම වෙලාවකම සිටගත්තේ ශ්‍රී ලංකාවත් සමඟ බව කී අබෙිවර්ධන මහතා එමෙන්ම  විපක්ෂයත් සිට ගත යුත්තේ ලෝකයත් සමඟ නොව  ශ්‍රී ලංකාවත් සමඟ යැයි වජිර අබෙිවර්ධන මහතා කීය. 

ආර්ථික, සමාජ සහ දේශපාලන වශයෙන් ඉතාමත් නරක තැනක තිබූ රට ඉතාමත් කෙටි කාලයකදී  නැවතත් හොඳ තත්ත්වයකට පත්කර ගැනීමට හැකිවූයේ රට ගොඩගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල  නිසා බව ද අබේවර්ධන මහතා පැවසීය.

පිටකෝට්ටෙි ජාතික සේවක සංගම් ශාලාවේ පැවැති එජාප කොට්ඨාශ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී වජිර අබේවර්ධන මහතා මෙි බව කීය.

ජනපති ගෙන යන වැඩපිළිවෙල දරාගත නොහැකි පුද්ගලයින් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඒ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට උතසාහ ගනිමින් සිටින බවද, එම වැඩපිළිවෙල ආරක්ෂා කර ලංකාව ලෝකය හමුවේ ඔසවා තැබීමට සමස්ථ ජනතාව ඉදිරියට පැමිණිය යුතුව තිබෙන බවද අබේවර්ධන මහතා අවධාරණය කළේය.



අදහස් (9)

ජනපති හිටගෙන ඉන්නෙ ලංකාවත් එක්කයි

sena Monday, 20 March 2023 05:09 PM

කොහේද රටට හොඳ වුණේ..? ලංකාවේ පවුල්වලින් 48% කටම කන්න නැතිලු...

:       7       15

samMonday, 20 March 2023 09:02 PM

කොහේද රටට හොඳ වෙන්නේ ..? ලංකාවේ පවුල්වලින් 48% ක්ම කන්න බලාගෙන ඉන්නේ සමුර්දියෙන් සහ ජනසවියෙන්. රුපියල් 4,500 ජීවත්වීමට නොහැකිබව දැන දැනත් වෙනත් රැකියාවල් කරමින් සමුර්දියෙන් හෝ ජනසවියෙන් මුදල් ලබාගන්න විශාල පිරිසක් 48% අතර සිටී. ඉදිරිපත්කර තිබෙනාවූ 48% සමුර්දි සහ ජනසවිලබින්ගේ ලේකන තිළිණ ලබාගත් data මත පදනම්ව සකස්‌ කර ඇති බව පැහැදිලිවේ.

:       0       0

පිටිගල මිලානෝ Monday, 20 March 2023 05:49 PM

රනිල් රට හදයි කියලා ඒ දවස උදාවෙනකල් බලාගෙන ඉන්න එකම පුද්ගලයා කොටවජිර...

:       11       19

විජිත් Monday, 20 March 2023 05:52 PM

මිනීමරු, අසික්කිත, හොර ජනාධිපතිත් එක්ක නුඹලා ඔක්කොම හෙළුවෙන්...!!! අසික්කිත පැහැර ගස්බල්ලන් රැල...!!! කකුළුවත් හැලියේ වතුර උතුරලා නටන කම් " ශෝක් වතුරටික.." කියලා කීවලු. ඔහොම නටාපල්ලා ...වතුරටික උතුරනකම්...!

:       12       19

de silva Monday, 20 March 2023 07:01 PM

හිටගෙන හිටියට කලිසම හැලෙනවා...

:       7       21

sena Monday, 20 March 2023 07:03 PM

එයා හිතන් ඉන්නේ හොරුත් එක්ක හෙළුවෙන් කියලා...

:       6       11

විපරමා Monday, 20 March 2023 07:18 PM

පින් ජනපතියා හිටගෙන ඉන්නේ ලංකාවත් එක්ක නම් ඡන්දෙ තියලා... ජනතා පරමාධීත්වයට ගරුකරන්න එපැයි... ලෝකෙම දන්නවා කරන්නේ දූෂිත පවුල් පාලනේ අයව, දූෂිත දේශපාලුවන් රකින එක කියලා...

:       11       14

Perera Monday, 20 March 2023 07:43 PM

පිනා ජනාධිපති හිටගෙන ඉන්නේ කාත් එක්කද කියලා මුළු රටම දන්නවා... ජනතාව ළඟදීම ඔය පිනා ජනාධිපතියව එළවනවා.

:       11       14

ranjith Monday, 20 March 2023 08:04 PM

ජාත්‍යන්තරය ඕනෑ නැතිනම් IMF ගියේ මොකද? ඔය ගොන් කතා දැන්වත් නවත්තලා වැඩදායී යමක් කියන්න පුරුදු වෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 797 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1209 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site