
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර හමුවක් ලන්ඩන් නුවර දී පැවැත්විණි.
දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා එහි ගිය අවස්ථාවේදී මෙම හමුව සිදු විය.
පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවලි මහතා (James cleverly) විසින් චර්ච් හවුස්හි දී සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ අතර එහිදී ලෝක නායකයින් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබුණ බව ජනාධිපති කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd