(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුවට සහ G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 & China)ට සහභාගී වීම සඳහා අද (18) උගන්ඩාවට පැමිණියේය.
උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි (Yoweri Museveni) මහතාගේ ආරාධනය අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වෙයි.
ජනපති උගන්ඩාවට පැමිණියේ ස්විට්සර්ලන්තයේ ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීමෙන් අනතුරුවයි.
නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ හෙට (19)සිට 20 දක්වා උගන්ඩාවේ කම්පාලා නුවර දී පැවැත්වේ.
G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව ජනවාරි 21 සිට 22 වනදා දක්වා කම්පාලා නුවරදී පැවැත්වෙන අතර මෙවර එහි තේමාව වී ඇත්තේ 'කිසිවෙකු අත් නොහරිමු' යන්නයි.
මෙම සංචාරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළු ද්විත්වයම ඇමතීමට නියමිත අතර අප්‍රිකා කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද ආඩම්බර...? ලංකාවේ මිනිස්සු අමතන්නේ ඔබතුමාගේ දෙමව්පියන්ට...!
අනේ බුදු මහත්තයෝ, ඔබතුමා පොත් වලින් ටීවී වලින් ඉගෙනගෙන දියුණු රටවල නායකයෝ කරන දේවල් කරනවා. දේශගුණ විපර්යාස ගැන සොයනවා. හවුතිලට ගහන්න නැව් යවනවා. කලාපීය ආරක්ෂාව ගැන සොයනවා. සමුද්‍රයික ආරක්ෂාව ගැන කියනවා. ලොකු ලොකු සම්මේලනවලට යනවා. ජෝන් කෙරීට අතට අතදෙනවා. බුදු මහත්තයෝ අපිට කන්න නැහැ. බෙහෙත් නැහැ. රස්සා නැහැ. දරුවන්ට උගන්නන්න නැහැ.
ජනාධිපතිටත් විදේශ ගමන් වලට දීමනා ගෙවනවාද?
මතක් කරලා මහින්ද මහත්තයාගේ business ටිකත් බලලා පිළිවෙලක් කරලාම එන්න. උවමනාවක් වුණොත් ලාභ ලබන එව්වා ටික කුණුකොල්ලෙට විකුණන්න උපදෙසකුත් දෙන්න. එතකොට තමයි තේමාව වී ඇති "කිසිවෙකු අත් නොහරිමු" මිහිපිට පරම සත්‍ය වන්නේ...!
උගන්ඩාවෙන්... අපායට... එය තමයි ඉතාම කෙටිපාර...!
උගන්ඩාවෙන් ණයක් ලබා ගන්න කටයුතු කරන්න ජනාධිපතිතුමනි, හැකි නම් අප්‍රිකාවට කම්කරුවන් යවන්න ගිවිසුමකටත් අත්සන් තබන්න. ගෘහ සේවිකා ඇබෑර්තුවලට වුණත් ලංකාවේ අයට ඕනෑවටත් වඩා සුදුසුකම් තියනවා... අනික ඉතින් ලෝකයෙන්ම ප්‍රෞඩ ජාතිය ඇෆ්රිකාවෙත් වළං පිඟන් හෝදනවා දකිද්දී අපට කොච්චර ආඩම්බර වෙන්න පුළුවන්ද..? ඇෆ්රිකන් විදේශ විනිමයත් මේ රටට ගලාගෙන එද්දී, 2048 වෙද්දී ලෝකයෙන්ම සංවර්ධිත රාජ්‍යය ලංකාව වෙන එක සක්කරයාටවත් වළක්වන්න බැහැ.. මොනා වුණත් තවමත් අපේ ජනාධිපතිතුමා ටයිකෝට් ඇඳගෙන ඒ රටවලට ගොඩ බහිද්දී, ඒ රටවල නායකයින් ඔබව පිළිගන්න එකට අපි ඔවුන්ට ස්තුති කළ යුතුයි. අනික ඉතින් ඒ රටවල් කාණු හෝදන නුගතා පවා ගමනක් යද්දී ටයි, කෝට් එකක් පළඳින එක සාමාන්‍ය දෙයක් වගේම ඒ රටවල නායකයින් ඔවුන්ටත් එකලෙස ගෞරව දක්වනවා මම දැකලා තියනවා...
උගන්ඩාවට ඉන්වෙස්ටර්ස්ලා යනවා.
පරිවර්තකයින් අනවශ්‍ය අපි ජනාධිපතිතුමන් කරන සේවය අගය කළයුතුයි...
එතැනින් පස්සේ කොහේද යන්න හිතන් ඉන්නේ? රතු මුහුදට නැව් යවලා කොහේ රවුම් ගහනවද මන්දා... ? ඔහෙදී අල්ලගන්නත් බැරි නෑ....
ඔය ගමන් මහින්දයා උගන්ඩාවට යවපු ඩොලර් ගැනත්, හොයලා බැලුවොත් ලොකු දෙයක්?
කමක් නෑ එහෙ ගියාට... මෙයාට එහේ විකුණන්න දෙයක් නෑ...
හා.... දැන් එහෙනම් උගන්ඩාවට ගුවනින් අරගෙන ගිය ඩොලර් ටික ඉල්ලගෙන එන්න පුළුවන්.
එංගලන්තේ හිඟන්නෙක් ඔය ගමන යැව්වා නම් ඒ මිනිහාටත් පරිවර්තකයෝ ඕන නැහැ .ඉංග්‍රීසි කතාකරපු පමණින් වැඩ්ඩෝ කියලා දෙකට නැමුණු කාලේ ගියා .සමහර විට පරිවර්තක කතාව ලියන්න ඇත්තේ සට්ටැබියෙක් වෙන්න ඇති