IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජනපති ස්විට්සර්ලන්තයෙන් උගන්ඩාවට

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුවට සහ G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 & China)ට සහභාගී වීම සඳහා අද (18) උගන්ඩාවට පැමිණියේය.

උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි (Yoweri Museveni) මහතාගේ ආරාධනය අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වෙයි. 

ජනපති උගන්ඩාවට පැමිණියේ ස්විට්සර්ලන්තයේ ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීමෙන් අනතුරුවයි. 

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ  හෙට (19)සිට 20 දක්වා උගන්ඩාවේ කම්පාලා නුවර දී පැවැත්වේ. 

G77 සහ චීනය  3 වැනි දකුණු සමුළුව ජනවාරි 21 සිට 22 වනදා දක්වා කම්පාලා නුවරදී පැවැත්වෙන අතර මෙවර එහි තේමාව වී ඇත්තේ 'කිසිවෙකු අත් නොහරිමු' යන්නයි.

මෙම සංචාරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සමුළු ද්විත්වයම ඇමතීමට නියමිත අතර අප්‍රිකා කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත වේ.



අදහස් (13)

ජනපති ස්විට්සර්ලන්තයෙන් උගන්ඩාවට

fairoos Thursday, 18 January 2024 04:19 PM

කාටද ආඩම්බර...? ලංකාවේ මිනිස්සු අමතන්නේ ඔබතුමාගේ දෙමව්පියන්ට...!

:       0       1

siril Thursday, 18 January 2024 04:28 PM

අනේ බුදු මහත්තයෝ, ඔබතුමා පොත් වලින් ටීවී වලින් ඉගෙනගෙන දියුණු රටවල නායකයෝ කරන දේවල් කරනවා. දේශගුණ විපර්යාස ගැන සොයනවා. හවුතිලට ගහන්න නැව් යවනවා. කලාපීය ආරක්ෂාව ගැන සොයනවා. සමුද්‍රයික ආරක්ෂාව ගැන කියනවා. ලොකු ලොකු සම්මේලනවලට යනවා. ජෝන් කෙරීට අතට අතදෙනවා. බුදු මහත්තයෝ අපිට කන්න නැහැ. බෙහෙත් නැහැ. රස්සා නැහැ. දරුවන්ට උගන්නන්න නැහැ.

:       0       1

Chandima Thursday, 18 January 2024 04:50 PM

ජනාධිපතිටත් විදේශ ගමන් වලට දීමනා ගෙවනවාද?

:       0       0

උගන්ඩාවේ කම්පාලා Thursday, 18 January 2024 05:05 PM

මතක් කරලා මහින්ද මහත්තයාගේ business ටිකත් බලලා පිළිවෙලක් කරලාම එන්න. උවමනාවක් වුණොත් ලාභ ලබන එව්වා ටික කුණුකොල්ලෙට විකුණන්න උපදෙසකුත් දෙන්න. එතකොට තමයි තේමාව වී ඇති "කිසිවෙකු අත් නොහරිමු" මිහිපිට පරම සත්‍ය වන්නේ...!

:       0       0

Chathuri Thursday, 18 January 2024 05:10 PM

උගන්ඩාවෙන්... අපායට... එය තමයි ඉතාම කෙටිපාර...!

:       0       0

බද්රානි Thursday, 18 January 2024 05:19 PM

උගන්ඩාවෙන් ණයක් ලබා ගන්න කටයුතු කරන්න ජනාධිපතිතුමනි, හැකි නම් අප්‍රිකාවට කම්කරුවන් යවන්න ගිවිසුමකටත් අත්සන් තබන්න. ගෘහ සේවිකා ඇබෑර්තුවලට වුණත් ලංකාවේ අයට ඕනෑවටත් වඩා සුදුසුකම් තියනවා... අනික ඉතින් ලෝකයෙන්ම ප්‍රෞඩ ජාතිය ඇෆ්රිකාවෙත් වළං පිඟන් හෝදනවා දකිද්දී අපට කොච්චර ආඩම්බර වෙන්න පුළුවන්ද..? ඇෆ්රිකන් විදේශ විනිමයත් මේ රටට ගලාගෙන එද්දී, 2048 වෙද්දී ලෝකයෙන්ම සංවර්ධිත රාජ්‍යය ලංකාව වෙන එක සක්කරයාටවත් වළක්වන්න බැහැ.. මොනා වුණත් තවමත් අපේ ජනාධිපතිතුමා ටයිකෝට් ඇඳගෙන ඒ රටවලට ගොඩ බහිද්දී, ඒ රටවල නායකයින් ඔබව පිළිගන්න එකට අපි ඔවුන්ට ස්තුති කළ යුතුයි. අනික ඉතින් ඒ රටවල් කාණු හෝදන නුගතා පවා ගමනක් යද්දී ටයි, කෝට් එකක් පළඳින එක සාමාන්‍ය දෙයක් වගේම ඒ රටවල නායකයින් ඔවුන්ටත් එකලෙස ගෞරව දක්වනවා මම දැකලා තියනවා...

:       2       26

Dasa P Thursday, 18 January 2024 06:15 PM

උගන්ඩාවට ඉන්වෙස්ටර්ස්ලා යනවා.

:       3       27

Lal Thursday, 18 January 2024 08:16 PM

පරිවර්තකයින් අනවශ්‍ය අපි ජනාධිපතිතුමන් කරන සේවය අගය කළයුතුයි...

:       36       3

chandima Thursday, 18 January 2024 09:29 PM

එතැනින් පස්සේ කොහේද යන්න හිතන් ඉන්නේ? රතු මුහුදට නැව් යවලා කොහේ රවුම් ගහනවද මන්දා... ? ඔහෙදී අල්ලගන්නත් බැරි නෑ....

:       0       2

විපරමා Thursday, 18 January 2024 09:53 PM

ඔය ගමන් මහින්දයා උගන්ඩාවට යවපු ඩොලර් ගැනත්, හොයලා බැලුවොත් ලොකු දෙයක්?

:       0       4

Rosa Friday, 19 January 2024 12:07 AM

කමක් නෑ එහෙ ගියාට... මෙයාට එහේ විකුණන්න දෙයක් නෑ...

:       0       3

Deepal Nirosh Friday, 19 January 2024 05:36 AM

හා.... දැන් එහෙනම් උගන්ඩාවට ගුවනින් අරගෙන ගිය ඩොලර් ටික ඉල්ලගෙන එන්න පුළුවන්.

:       0       6

chandima Friday, 19 January 2024 06:23 AM

එංගලන්තේ හිඟන්නෙක් ඔය ගමන යැව්වා නම් ඒ මිනිහාටත් පරිවර්තකයෝ ඕන නැහැ .ඉංග්‍රීසි කතාකරපු පමණින් වැඩ්ඩෝ කියලා දෙකට නැමුණු කාලේ ගියා .සමහර විට පරිවර්තක කතාව ලියන්න ඇත්තේ සට්ටැබියෙක් වෙන්න ඇති

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site