IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ජනපති ස්ටාලින් අමතයි

 

(අංජුල මහික වීරරත්න)

  ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්  තිබෙන්නේ නීතිමය කටයුත්තක් බවත් තමා ඒ ගැන ස්ටාලින් මහතා සමග කතා කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පැවසීය.

නීතිය කැඩූ අය සහ අනිත් අය තෝරා බේරා ගැනීමෙිදී ප්‍රශ්නයක් තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

"සිස්ටම් චේන්ජ්" ගැන කතා කරන අරගලකරුවන්  අගය කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අරගලය නිසා හොඳ දේ මෙන්ම  නරක දේත් සිදු වු බව සඳහන් කළ ජනාධිපතිවරයා හොඳ විතරක් තියාගෙන  නරක පැත්තකට දාමු යැයිද නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී යම් අඩු පාඩු වුණා නම්  සාකච්ඡා කර ඒවා විසඳා ගනිමු යැයිද කීය.

ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව කීය.



අදහස් (13)

ජනපති ස්ටාලින් අමතයි

ලුම්බිණි Sunday, 07 August 2022 12:45 PM

ඒ උනාට ඇප දෙන්න බාධාවක් නැහැ නේද?

:       2       6

sena Sunday, 07 August 2022 12:58 PM

අඩු පාඩුවක් නෙවෙයි මෙතන හිතාමතාම කිරීමක් තියෙන්නේ. පොලිස් නිළධාරියා වැරැද්දක් කරලා තියෙනවනම් එයාට දඩුවම් කරන්නේ නැත්තේ ඇයි?

:       5       5

BT Sunday, 07 August 2022 01:59 PM

1980 සිට 1989 දක්වා මෙරට අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපතිගේ සෑම අත්හදා බැලීමකටම මීයන් (lab rats) ලෙස යොදාගත් අපගේ පරම්පරාවටනම්, ඔහු කරන කියන දේ පුදුමසහගත නොවේ.

:       6       22

සේනකSunday, 07 August 2022 03:08 PM

ලංකාවෙ හිටියෙ මීයො නෙමෙයි.හරක්.රනිල්ට මේ රට කරන්න ඉඩ දුන්නනම් අද අපි සිංගප්පූරුවත් පහුකරල.ලංකාවෙ ඉන්න මෝඩ වාමාංශිකයො,වාමාංශික වෘත්තීය සමිති කාරයො සහ පංචමහා බලවේග කාරයො රට දියුණු කරන්න දුන්නෙ නෑ.තිත්ත ඇත්ත ඒකයි.සුවසැරියට විරුද්ධ වෙච්ච හැටි මතකයිනෙ.ටැබ් වයිෆයි දෙන්න හදනකොට මොනවද කිව්වෙ?බුලත්විට නොකා ගොවියො චුයින්ගම් කෑවනම් හොඳ නැද්ද?මෝඩ පසුගාමී මිනිස්සු නිසා තමයි මේක වුණේ.

:       16       29

ලසන්ත Sunday, 07 August 2022 04:33 PM

සේනක ඔබතුමා හරි වුනත් පාන් රාත්තල තුනයි පනහට කන්න ගිය පිරිස් තවමත් රටේ ඉන්නවා. හොදම උදාහරණය සුවසැරිය එය නොතිබුණා නම් කොවිඩ් කාලයේ කොහොමද වෙන්නෙ. සුවසැරියක ගේන රෝගීන් පවා රෝහලට නොගන්නම බලකරපු පිරිසක් රටේ හිටියා

:       0       14

BTSunday, 07 August 2022 06:33 PM

රනිල් වික්‍රමසිංහ මහතාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් අප ප්‍රාථමික පාසලේ සිට සාමාන්‍ය පෙළ දක්වා අත්විඳ ප්‍රතිඵල පිළිබඳ නිදසුන් කිහිපයක් ඉදිරිපත් කරමි. 1981දී 3වන ශ්‍රේණියේ සිංහල ළමයින්ට දෙමළ භාෂාව ඉගැන්වීම ඇරඹුණි. නමුත් එය ක්‍රියාත්මක වූයේ වසරක් පමණි. අවසන් ප්‍රතිඵලය: දෙමළ හෝඩියේ අක්ෂර යම් පමණකට ලිවීමට සහ කියැවීමට හැකියාව ලැබුණු නමුත්, කියවන දේ තේරුම්ගැනීමට නොහැක. 1985දී පාසල්වල ශ්‍රේණි හැඳින්වීමට "වසර" යනුවෙන් භාවිතා කිරීම ඇරඹුණි. නමුත් සිසු දරුවන්ට වූ වාසියක් නොමැත. 1987දී අඛණ්ඩ ඇගයීම් ක්‍රමය ඇරඹුණි. එය එතෙක් භාවිතා වූ වාර විභාග ක්‍රමයට (බ්‍රිතාන්‍ය ක්‍රමයට) ඇමරිකාවේ භාවිතා කරන පැවරුම් ආශ්‍රිත ක්‍රමය බද්ධ කළ ක්‍රමයකි. එවකට සා.පෙළ විභාගයේ දොරකඩ සිටි සිසුන්ට මෙන්ම ඔවුන්ගේ ගුරුවරුන්ටත් එය මහත් පීඩාවක් විය. සෑම විෂයකටම පැවරුම් දෙනු ලැබිණි. සෑම පාඩමක්ම අවසන් කළ පසු ඒ ආශ්‍රිතව විභාගයක්ද පැවැත්වුණි. ඊට අමතරව වාර අවසාන විභාග 3ක්ද විය. සා.පෙ. විභාගය විෂයන් 6ට සීමා වූ අතර, සෙසු විෂයන්ද ඇතුළුව සියලු විෂයන්වලට අඛණ්ඩ ඇගයීම් ලකුණු එකතු කරන බව ප්‍රකාශ කෙරුණි. නමුත් සිදු නොවුණි.

:       1       6

Vijitha Sunday, 07 August 2022 03:09 PM

එදා ඉඳලා රනිල්ගේ සුවච කීකරු ගෝලයෙක් තමයි ජෝසප් ස්ටාලින්. රනිල්ට ලොතරැයියක් ඇදුනා. ජෝසප් ස්ටාලින්ට සතුටු නැද්ද. ඔය ඔක්කොම බොරු රංගන.

:       8       17

Bamunuarachchi Sunday, 07 August 2022 06:14 PM

රනිල් එතරම් පහත මටටමක වැටෙයි කියලා හිතුවේ නැහැ.

:       7       10

fairoosSunday, 07 August 2022 08:05 PM

දැන් සැපද?

:       3       4

BamunuarachchiMonday, 08 August 2022 08:16 AM

කියලා වැඩක් නැහැ.. යාලුවා ඔයගොල්ලන්ගේ ගෙදර මාර සැපයි. ආයිත් එන්නම්...

:       0       0

sena Sunday, 07 August 2022 07:09 PM

නීතිය අවනත නොවූ ජෝශප් ස්ටාලින් නිදහස් කළත් අධිකරණයෙන් නීතිමය කොන්දේසියකට යටත් කෙරෙනු ඇත.

:       4       7

udesh Monday, 08 August 2022 07:51 AM

එතකොට පිරිමි නර්ස් හොඳයිද?

:       0       1

BamunuarachchiTuesday, 09 August 2022 06:45 PM

පිරිමියෙක් උනත් එයා නර්ස් කෙනෙක්නේ අනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 215 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 406 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site