
(අංජුල මහික වීරරත්න)
සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යෙකුබ් (Halimah Yacob) මහත්මිය අතර නිල හමුව අද (21) පෙරවරුවේ සිදු විය.
සිංගප්පුරුවේ ඉස්තානා මන්දිරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනාධිපතිනිය විසින් ඉතා සුහදශීලිව පිළිගත් අතර සුහද කථා බහකින් අනතුරුව නායක දෙපළ ද්විපාර්වික සාකච්ඡා සඳහා එක් විය.
සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වු අතර ආහාර සුරක්ෂිතතාව, පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍රවලට අදාළව ඉදිරියේ දී සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
මේ අතර සිංගප්පූරු ජනාධිපතිනිය සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් මෙසේ ද සඳහන් කර තිබිණි.
“අපගේ මිත්‍රත්වයේ ශක්තිමත් බව රඳා පවතින්නේ පුද්ගල සබඳතා මතය. එම බැඳීම් තවදුරටත් ශක්තිමත් කර ගැනීමට පුළුල් ඉඩ ප්‍රස්ථාවක් පවතී. ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු චාරිකාව ඵලදායී මෙන්ම සාර්ථක සංචාරයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි”
මේ අතර සිංගප්පූරු ආරක්ෂක අමාත්‍ය ආචාර්ය නෙං එං හෙන් (Ng Eng Hen) මහතා ද අද (21) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එසේම දකුණු ආසියානු කලාපයේ පොදු ගැටලු නිරාකණය කර ගැනීම වෙනුවෙන් නිරන්තරව තොරතුරු හුවමාරු කර ගැනීමේ සහ නිසි සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරුණු අතර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් එක්ව කැපවීමට ද දෙපාර්ශ්වයම සහතික විය. සිංගප්පූරුවේ තිරසර බව හා පරිසරය පිළිබඳ ඇමතිනී ග්‍රේස් ෆු හායි ඉයෙන් (Grace FU Hai yien) මහත්මිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූවාය. දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටිති.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති සිංගප්පූරු ජනපතිනිය හමුවෙයි
chandima Monday, 21 August 2023 11:45 PM
ජෝජ් බුෂ් මහත්තයා එක්කලා වගේ ඩමියක් එක්කලා ගත්තු ෆොටෝ එකක් නෙමෙයිනේ නේද ?බලමුකෝ ඇත්ත ෆොටෝ එකක්ද කියලා පහුවෙලා හරි පින් උපාධියක් දුන්නොත් ඔන්න කතාව ඇත්ත
ඇලෝසියස් Tuesday, 22 August 2023 02:28 PM
මාමාව මතක් කළා කියන්න අංකල්...!