(අංජුල මහික වීරරත්න)
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම, ඊට අදාලව නීති සැලසීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් පිහිට වූ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ සාර්ථක වුවහොත් එළඹෙන පළමු ජාතික මැතිවරණයේදීම එම නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය හැකිදැයි සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල අංශ වෙත උපදෙස් දුන්නේය .
විශ්‍රාමික අගවිනිසුරු ප්‍රියසත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කළ අතර නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අදාල අංශ වෙත ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබාදී තිබේ.
එසේම මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි හෙට (8) විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතය.
තවද මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුලත නව ක්‍රමයට අදාල කෙටුම්පත සකසන ලෙස ද ජනපතිවරයා මෙහිදී උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන සංශෝධනය ගෙනාවත් මට හරි, රුවන්ට හරි අපිව රකින කාට හරි දිනන්න පුළුවන් විදියට මොල හෝදලා ඉවර වුණාම තමයි ආයෙත් ඡන්ද තියන්නේ. වැටෙන කලිසම උස්සමින්...!
මේ අවස්ථාවේ මැතිවරණ ක්‍රමය හෝ ව්‍යවස්ථාව වෙනස් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ...
රා මුට්ටියට වැටුණු මීයා දඟලනවා වැඩියි වගේ...!
ඊළඟ මැතිවරණයට කෙළින්නයි හදන්නේ...
තේරුමක් නැති මොනවාහරි බයිලයක් කියයි... ආරක්ෂක හමුදාව කැඳවන්නේ නැතිද දැන්?
අපිට ඕනා ඡන්දයක්, අපේ ජනාධිපති කෙනෙක් පත්කරගන්න. රනිල් මේ රටේ කැමැත්තට පත්වුණ කෙනෙක් නොවෙයි. ඡන්දෙ පරක්කු වෙන්න වෙන්න.. දවසක රනිල්ට ලැබෙන "දඬුවම" වැඩිවෙනවා.
පිනට ආපු හොරෙක් කොහොමද ආන්ඩු වෙනස් කරන්නෙ?
ජනතාවගේ අද දවසේ දැවෙන ප්‍රශ්ණ වෙලා තියෙන්නේ පලාත්සභාවලට පොලිස් බලතල ලබා දෙනවද, මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවද ත්‍රස්තවාදය මර්ධනය කරන්න ප්‍රති ත්‍රස්ත පනත නීතිගත කරනවද, සමාජ මාධ්‍ය පාලනයට ඔන්ලයින් ඇක්ට් එක ක්‍රියාත්මක කරනවද කියන ඒවා කියලා මේ පිනා හිතාගෙන ඉන්නවා ඇති. රටේ දිනපතා වැඩිවන බඩු මිල විරැකියාව බඩගින්න මන්දපෝෂණය රෝහල් වල බෙහෙත් නැතුව හෝ බාල බෙහෙත් නිසා මියයන ජීවිත හා දහසක් ආර්ථික ප්‍රශ්ණ නිසා දුක් විඳින මිනිසුන් ගැන ගානකත්වත් නැහැ.
සරළවම කිව්වොත්, ඔය කස ගහලා පටන් ගන්න... හදන්නේ ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය නෑ කියන එකනේ..
රට තවත් කන්නේ නැතිව නියමිත කාලෙට ගියොත් හොඳයි.
සැරසෙයි කියන්නෙ කොයි වගේද? මට නම් එක එක ඒ්ව මතක් වෙනව. මෙතන ලියන්ඩ බෑ.