(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය,උපරිමාධිකරණ වල විනිශ්චයකාරවරු ඇතුළු වැය ශීර්ෂ 25ක් පිළිබඳ විවාදය  පාර්ලිමේන්තුවේ දී අද පැවැත්වේ.

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද ඇරඹෙන අතර අමාත්‍ය මණ්ඩල කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව ,පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය,අල්ලස් හෝ දූෂණ  විමර්ශන කොමිෂන් සභාව, දුෂණ විමර්ශන කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව ආදී ආයතන සම්බන්ධයෙන් වැය ශීර්ෂයන් ද අද විවාදයට ගැනීමට නියමිත ය.