
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස් අට දෙනාගෙන් රැස්වීම් සංවිධානය කර ඇත්තේ අපේක්ෂකයන් පහළොස් දෙනෙකු පමණක් බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසීය.
ඉතිරි විසිතුන්දෙනාගෙන් තුන්දෙනෙකු ගැන කිසිදු තොරතුරක් නැතැයිද ඔහු සඳහන් කළේය.
මැතිවරණ කොමිෂන් සභාවට ඔවුන් ලබා දී ඇති දුරකථන අංක වලට ඇමතූ විට එම තුන්දෙනාගෙන් දෙන්නෙකු වෙනුවෙන්ම අමතන්නේ වෙන අය බවත් විසි තුන්දෙනාගෙන් පස් දෙනකුට අඩු තරමේ සමාජ මාධ්‍ය යටතේ ෆේස්බුක් ගිණුමක් හෝ නොමැති බවත් ඔහු සඳහන් කළේය.
සමහර අපේක්ෂකයන් තමා ජනාධිපතිවරණයට තරග කරනවා යැයි යන්නවත් මාධ්‍යයට ප්‍රකාශ කර නැති බව දෙගනායක මහතා කීය
මැතිවරණ අපේක්ෂකයන් 38 දෙනාගේ ඡායාරූප තම ආයතන වෙබ් අඩවියේ පළ කිරීමට උත්සහ දැරූ අවස්ථාවේදී ප්‍රචාරක කටයුතු කරන පහළොස් දෙනා හැර අනෙක් 23 දෙනාගෙන් ඒවා ලබා ගැනීමට නොහැකිවී ඇති බවත් කතාබහ කිරීමට පවා නොපැමිණි බවත් හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සෙල්ලමක් වෙලා. රටේ මුදල් නාස්ති කරන නරක වැඩක් ඒක. එවැනි දේට මග අහුරන්න නීති සකස්විය යුතුයි....!
ඉතින් හොඳයිනේ... ඡන්දය ඉවර වුණාම, ඔවුන්ගේ රාජසන්තක වුණු කෝටි ගණන් ඇප මුදල් වලින්ම මැතිවරණ වියදම් වලින් සුළු කොටසක් හෝ කපා ගන්න බැරි වෙන එකක් නැහැ!!!
මහජන මුදල් අවභාවිතය, රජයට කළ පාඩුව යටතේ නඩු පැවරිය හැකිය...
ඔය කට්ටිය ඉස්කෝලේ යන්න ඇත්තේත් ඔහොම තමයි. කැලේ පනින්න ඇති. වෙන මුකුත් රස්සාවක් කරලා ජීවත් වෙන්න බැරි නිසා ඡන්දය ඉල්ලන්න හිතන්න ඇති. දැන් ඒකත් හරියට බෑ. මේ අයගේ නම් ප්‍රසිද්ධ කරන්න. මිනිස්සු රවට්ටලා සල්ලි ගන්න හැදුවොත් ඒක නවත්වන්න ඕනෑ...
අනවශ්‍ය අපේක්ෂකයින් ඉදිරිපත්වීම වැළැක්වීමේ නීතිරීති ඉක්මණින් ක්‍රියාත්මක කළයුතුයි...
අවුරුදු 76ක් රට පාලනය කරපු ආචාර්ය, මහාචාර්යලා, රජාණෝලා, මිස්ටර් ක්ලීන්ලා වගේ කවුරු හිටියත් අන්තිමට රට සෙල්ලම් පිටියක් වෙලා තියෙන හැටි පේනවා නේද? මේ විහිළුවලට නාස්ති කරන්නේ අපේ බදු මුදල් නේද?
මේ අය මේ ජනාධිපති අපේක්ෂක වෙච්චි නිසා තර්ජන තියෙනවා කියලා පිටරටවල් වල දේශපාලන රැකවරණ ගන්න තමයි හදන්නේ. මේ අයට දාන්න ඕනෑ පොදු දේපළ පනත යටතේ නඩු...
ජනාධිපතිවරණයට ඇප මුදල් ස්වාධීන අපේක්‍ෂකයින්ගෙන් රු. 75000.00. පිළිගත් දේශපාලන පක්‍ෂයකින් නම් රු.50000.00. ඉතින් මේ නිසා තමයි අපේක්‍ෂකයින් මේ තරම් කිසිම පදනමක් නෑ! මහජන මුදල් නිකන් නාස්තිවෙනවා! ඡන්දයට නම් ගොඩක් තියෙනකොට පත්‍රිකාව දිග වුණාම කෝටි ගාණක් වියදම යනවා. අපේක්‍ෂකයින් තෝරන්න නිවැරදි ක්‍රමවේදයක් නෑ! දියුණු රටවල එහෙම නෑ. පිටරටවල මිනිස්සු හිනාවෙනවා මේ තරම් කුඩා දිවයිනකට අපේක්‍ෂකයින් 39ක්. එක්කෙනෙක් මිය ගිය නිසා දැන් 38යි
වැඩි මුදලක් ඇප ලෙස ගත්තානම් මෙම පිස්සන් ගේ පැමිණීීම නතර කල හැකියි