(අංජුල මහික වීරරත්න)
නුවරඑළිය මීපිළිමානේ බක් මහා උළෙලකට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් නිවේදිකාව ඇසූ ප්‍රශ්නයකට ජනාධිපතිවරයා දුන් පිළිතුර නිසා අවුරුදු උත්සවයේ සිටි සියල්ලෝම සිනා සාගරයක ගිලී ගියහ.
අවුරුදු උත්සව භූමියේ තරඟ නරඹමින් සිටි ජනාධිපතිවරයා අසලට ගිය නිවේදිකාව " ඔබතුමා මෙච්චර ලස්සන වුනේ කෙසේදැයි විමසීය.
ඊට ක්ෂණිකව පිළිතුරක් දුන් ජනාධිපතිවරයා " මම ලස්සන වුනේ යූ.එන්.පී එකට බැඳිලා" යැයි සිනා මුසු මුහුණින් පැවසීය.
ජනාධිපතිවරයාගෙන් නිවේදිකාව ඇසූ ප්‍රශ්නය සහ ඊට ලැබුණු පිළිතුර මුළු උත්සව භූමිය පුරා ශබ්ද විකාශන යන්ත්‍රය ඔස්සේ සජීවීව විකාශය වෙමින් පැවති හෙයින් සියල්ලෝම ඊට සිනාසුනහ.
සංචාරක ඉඩම් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද ජනාධිපතිවරයා සමග මීපිළිමානේ බක්මහ උළෙල නරඹන්නට ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් මෙයා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වුණායින් පසු ඔහුගේ පක්ෂය අවලස්සන වුණා. පක්ෂය දියාරු වෙලා ගියා. පාක්ෂිකයින්ට අප්‍රිය වෙලා.
බොරුනේ කියන්නේ. එයා ලස්සන වෙලා තියෙන්නේ නෙලුම් පොකුණෙන් නාලා...
පින් ජනාධිපති වෙච්චි හිතේ සතුටට වෙන්ඩැති...?
ලස්සන වෙන්නේ හිත සතුටු වුණාම සිත සතුටු වෙන්නේ රසම රස ලොලිපොප් කෑවාම, ඔබත් අදම මිලදී ගන්න පරම්පරා ගණනකගේ විශ්වාසය දිනූ උස්වත්තගේ ලොලිපොප්...!
අනිත් 134 කැත හින්දා මෙයා ලස්සනට පේනවා
මෝඩ චූන්
නිවේදිකාව: ඔබතුමා මෙච්චර ලස්සන වුනේ කෙසේද? ජනාදිපති: මම සමනලයෙක්නේ