
(අංජුල මහික වීරරත්න)
මහජන සම්පත පන්දහස් වන දිනුම් ඇඳීමට අදාළ පළමු ටිකට්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අළෙවි කිරීම අද (24) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති ජනාධිපති නීතිඥ රොන්ල්ඩ් සී පෙරේරා මහතා ටිකට්පත ජනාධිපතිවරයාට ලබාදුන්නේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන් ද, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී නීතිඥ හෂිනි ජයසේකර, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ඩී.ඩී. ජයසිරි, නීතිඥ අසංක රන්දෙනිය, සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) මෙනුර චතුරංග, සහකාර සාමාන්‍යාධිකාරී (ප්‍රසම්පාදන) සුනෙත් ජයවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිස්ටර් බීන්ගේ කොළඹ සන්නිය.
ළඟදීම කට්ටියටම ලොතරැයියක් ඇදෙයි.
විහිළු සපයන අය.
විදේශයන්හි සිට ලංකාවට $ එවීම පිලිබදව නැවත සොයාබැලීමක් කලයුතු බව පෙනෙන්නට තිබේ. මා පුද්ගලිකවම CA ප්‍රධාන බැංකුවක් වෙත ගොස් CA$ 100 ලංකාවේ රජයේ බැංකුවක් වෙත යැවීමට අවශ්‍ය උවත් එය US $ වලින් යැවීමට සිදුව තිබීම නිසා මුදල් යවන්නට යම් පාඩුවක් සිදුවන බවක් පෙනෙන්නට තිබේ. EX: CA$ 100 ලංකාවට යැවීමේදී එම මුදල Convert Canadian Dollar to US Dollar ; 100 CAD, 72.450 USD.කි. අසන්න වසයෙන් USD 72කි. එම මුදල ලංකාවේ /- 26,541.45 Sri Lankan Rupee වේ. විදේශ බැංකුවක් මගින් ඍජුව 100 CAD එවීමට හැකිනම් /- 27,649.37 Sri Lankan Rupee ලබාගත හැකිවේ USD Currency පමණක් නොව වෙනත් $ එකක ලංකාවට යැවීමට මහබැංකුවට අවස්ථව සලසා දීමට හැකිනම් ලෝකයේ වෙනත් රටවල ශ්‍රී ලාංකිකයන් එම රටවල curancies ( AUD, CAD, NEWD ) ඍජුව ලංකාවේ බැංකු වෙත එවීමට හැකියාව පවතී එවිට වෙනත් රටක $s USD වෙත Convert කිරීමට අවශ්‍ය නැත. central bank of sri lanka අවස්ථව ලබාදී තිබෙනුයේ USD Currency මගින් මුදල් ලංකාවට එවීම පමණක් නිසා එය වෙනස් කර වෙනත් ප්‍රධාන රටවල (G 7) AUD, CAD, NEWD curancies මගින් එවීමට අවකාස සැලසිය යුතු නොවේද ?
ඇයි හලෝ ඇදිලා තිබෙන ලොතරැයිය මදිද. දැන් ඇදිලා තිබෙන්නේ අහුලා ගත්ත ජිම්කානා ලොතරැයියක් නේද? හාන්දුරුගොල්ලොත් ලොතරැයි ටිකට් ගන්නවානම් ඔහෙ ගැන කියනුම කවරේද?