(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා හෙට (13) පිටත්ව යයි.
ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ ජනාධිපතිවරයා ලෝක නායකයන් සහ ජාත්‍යන්තර ආයෝජකයන්ද හමුවීමට නියමිතව ඇත.
රට බංකොලොත් වීම නිසා පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට නොහැකි වූ අතර මෙවර ආර්ථික සමුළුවේදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ආයෝජකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව පවතී.
ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ලබන 18 වැනිදා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.
ජනාධිපතිවරයා ලබන 24 වැනිදා නැවත දිවයිනට පැමිණෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගන්ඩාවට යනවා නම් මහින්ද මහත්තයාගේ බිස්නස් වැඩත් පොඩ්ඩක් පිළිවෙළ කරලාම එන්න.
ස්විට්සර්ලන්තයේ මිනිස්සුන්ට පරිස්සම් වෙන්න කියන්න ඕනේ... මෙයා ගිහිං එහෙත් සේරම දේවල් විකුණලා දාලා එයි. දන්නේ ඔච්චරනේ...
කිසිම වැඩක් බැරි කෙනෙකුට රට බාර දුන්නාම කරන්න පුළුවන් ඔච්චර තමයි... රටේ මිනිස්සු දුක් මහන්සි වෙලා හරි හම්බ කරන මුදල් බදුපිටබදු ගහලා එකතුකරගෙන ඒ අය ආතල් ගන්නවා...
බංකොළොත් කෙරුවේ කවුද කියලා දේශනාව පටන් ගන්නේ...!
බලයට ආවෙන් පසු රටේ ණය බරෙන් සතයක් හෝ අඩු කරලත් නැහැ... ජනතාවට බදු බර පටවන එකේ අඩුවක් නැහැ. නමුත් රංචු පිටින් රට සවාරි යනවා. මෙහෙම ලෝකේ වටේ විනෝදවෙමින් රටේ ජනතාවට පෙන්නන්න උත්සාහ කරන්නේ තමන්ට ලෝකේ රටවල්වලින් සහ ලෝක නායකයින්ගෙන් සහයෝග තියනවා කියලා. එහෙම මෙයාට ජාත්‍යන්තරයේ පිළිගැනීමක් හෝ විශ්වාසයක් තියනවා නම්, IMF මෙච්චර කොන්දේසි දාවිද? රටේ ජනතාව මෙච්චර දුක් විඳින්න ඕනද?
අන්න ඔයාගේ රටේ මිනිස්සු 200 - 300 සියදිවි නසා ගන්නවා... ආර්ථික ප්‍රශ්නවල පීඩනයෙන්. මුලින්ම අන්න ඒ පැත්තට කවුරු හරි යවන්න...!
බොරුනම් බලන්න, අපේ පිනා ලෝක ආර්ථික සමුළුවේ සභාපති වෙලයි, ලංකාවට එන්නේ... උගන්ඩාවේදි මහින්ද ලොක්කාගේ බිස්නස් ටික run කරන කට්ටිය මෙයාව කන්සල්ට් කරන්න බලාගෙන ඉන්නවාලු.. ලාබ ලබන බිස්නස් ටික කුණුකොල්ලෙට විකුණලා කොමිෂන් ගහන හැටි අහගන්න...!!!
දූෂිත, බලලෝබි, බඩගෝස්තරවාදී දේශපාලුවෝ රටට ආසියාවේ ආශ්චර්යය පෙන්වපු හැටි තමයි කියන්න තියෙන්නේ...!
එකඑක බොරු කියා කියා යන්න පුළුවන් හැම සමුළුවටම යනවා පිනා... මිනිහාගේ යහපාලන සමයේ කළේත් ඕකම විතරයි...
අපේ කරුමෙටම ආපු කෙනෙක්. මාස 14ට රට සවාරි 14. කොහොමද වාර්තාව? දැන් විසර්ජන පනතකින් තව ලක්ෂ 2000ක් ඉල්ලනවා. මෙයාලාට ගහලා එළවන්න ඕනෑ.
මාලා, රටවල් ගොඩගන්න හැටි ලෝකයටම කියලා දෙන්න වගේ... අර පාර්ලිමේන්තුවේ නෝනෙක් කිව්වා වගේ එනගමන් නොබෙල් තෑග්ගත් අරන්ම එයිද? එහෙනම් ඉතින් එළම තමයි. පේනවා නේද වැඩ...?
ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ ජනාධිපතිවරයා ලෝක නායකයින් සහ ජාත්‍යන්තර ආයෝජකයන් / ව්‍යාපාරිකයින් හමුවන අවස්ථාවේදී රතු මුහුදේ සිදුවන ත්‍රස්තක්‍රියාවන් නිසා ගෝලීය ආර්ථිකයට සහ නාවික ගමනාගමනයට සිදුවන බලපෑම පිළිබඳව ආසියානු බලවතුන්, ඇමෙරිකාව, යුරෝපීය රටවල් සහ මැදපෙරදිග රටවල මැදිහත්වීම වැදගත් බව දන්වා සිටිය යුතුවේ...
යන ගමනේදී අහිංසක මිනිසුන්ගේ වෛරය දෙවියන්ගේ දඬුවමක් ලෙස ලැබේවා... ඒ අහිංසක මිනිසුන්ගේ ඒකායන පැතුමයි...