(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට උනන්දුවෙන් සිටින බව ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පණිවිඩයක් එවමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ දියුණුව වෙනුවෙන් දිගු කලක් තිස්සේ කැපවී සිටින රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම සිය සතුටට හේතු වූ බවද ජපාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගේ නායකත්වය ගැන විශ්වාසයක් තබන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන සාකච්ඡා සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බවද ජපාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසල්වැසි මිතුරු රටවල් අපට සහයෝගය පළකරද්දී පාර්ලිමේන්තුවේ 225 දෙනාට රටේ ජනතවගේ ආර්ථික ගැටළු විසදීම වෙනුවෙන් එකගත්වයට පැමිණීමට නොහැකිව ඔවු නොවුන්ට චෝදනා නගමින් සිටි.
ජපානයේ ලිබරල් පක්ෂයේ නායක කිෂිදා ෆුමියෝ අගමැතිතුමන් ලිබරල් අදහස් දරන UNP පක්ෂයේ ජනාධිපති රනිල් මැතිතුමන්ට ඕනෑම උදව්වක් කරන බව නම් සහතිකයි. අර දුම්රිය ව්‍යාපෘතියත් නැවත දෙනවා ස්ථිරයි. මිනිස්සුන්ට සුවපහසුව ගමන් යන්න ලඟදීම කාලය එයි. දැන් සතුටු වෙන්න ඇත්තටම. සිංහලයනි, අරගලය ඉවර කරපියව්.
මොනෝ රේල් එක පටන් ගනීද?
ජපානයෙන් ප්‍රදානයකරනලද පසුගිය පාලනයෙන් අවලංගුකරන ලද කොලඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ලබාගැනීම ගැනත් ඉල්ලීමක් කලොත් සමහරවිට ලැබෙන්න පුළුවන්.
අතිශයෝක්තියෙන් එන ප්‍රවෘත්ති මේවා වෙන්න පුළුවන් නේද?
කිශිදා මහත්තයෝ.ඔයා මෙයා ගැන දන්නේ නැහැ.මේ ඇවිල්ලා රාජපස්ස හොරුන්ගේ මශ්ශිනා.මිනිහා එකපාරක් අපේ රටේ මහබැන්කුවටත් කෙලියා.අතේ දුරින් තියාගන්න. ශතයක්වත් දෙන්න එපා.ද්‍රව්‍යමය ආධාර පමණක් දෙන්න.ජපානය පැත්තේ ගෙන්නගන්න එපා.
රනිල් මහත්තයෝ මං ඔහෙට ඡන්දෙ නං දීල නෑ කවදාවත්. හැබැයි යහපාලනය ගේන්න නං දුන්න. වැඩක් වුනෙ නෑ. දැන් ඔයා ජනාධිපති. සතුටුයි 225 එකතුවෙලා ගමනක් යන්න ට්‍රයි කිරීම ගැන. මං හිතන්නේ නෑ එකතුවෙයි කියල. රටට වඩා දේශපාලනේ තමන්ගෙ ගොඩ ගැන හිතන මිනිස්සු කොටසක් ඉන්නෙ.
කට්න්ද , මේ පත්තර මහත්තුරුන්ට බැරිද ඔය නය හම්බ වෙච්ච වෙලාවට අද දිනේ දාල මෙන්න අපි එදා කිව්ව විදියට මෙච්චර මුදලක් ලැබිල තියෙනව කියල කියන්න.
මොකක් හරි පචයක් පත්තරේට දාගෙන ලකුණු ටිකක් ලබා ගන්න උත්සාහ කරනවා.
මොන බොරුද? පුළුවන්නම් අර සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත අරගෙන පෙන්වන්න. ඔය පොහොට්ටු කාරයෝ පාර්ලිමේන්තුවේ ඉන්න තුරු ජපානය උදව් කරන්නෙ නැහැ.