
(අංජුල මහික වීරරත්න සහ ටී.කේ.ජී කපිල)
චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 3 වන “එක් තීරයක් - එක් මාවතක්” සමුළුව සඳහා සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව ගියේය.
මේ අනුව ජනාධිපතිවරයා අද (16) සිට 20 වැනිදා දක්වා චීනයේ සිව් දින නිල සංචාරයකට එක් වනු ඇත.
ජනපති යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ.
ඒ අනුව හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසත්, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩබලන පරිසර අමාත්‍යවරිය ලෙසත් පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොමලා බුලත්විට හපමින් නෙලුම් පොහොට්ටු අරගෙන විහාරස්ථානයට ගොස් පුටුවේ වාඩිවෙලා වැදගෙන හිටපු කට්ටිය කියලා නැවතත් කියන්නෙ මොකටද .ඒත් ඒ කාලයේ ඔවුන්ගේ නායකයො විදේශවල එළිබහින්න යද්දී මෙහෙම කරන්න කියලා බාර දීලා ගියාද නැහැනේ ඒත් ඔවුන්ට දැන් කාලයේ දිනක දෙකක හරි ඇමති පුහුණුවක් ලැබෙනවා
ඇයි දෙය්යනේ ආපහු එන්නේ නැද්ද
මෙයාට ඉස්සර ඉඳන්ම පුදුම පිස්සුවක් තියෙන්නේ... මහජන මුදලින් රටසවාරි ගහන්න.
ව්‍යවස්ථානුකූලව ලැබුණු ධුර කාලය තුල වැඩිම වාර ගණනක් සහ වැඩිම රටවල් ගණනක සංචාරය කළ සහ මහා ධනස්කන්ධයක් වැයකළ ජනාධිපතිවරයා ලෙස ගිනස් වාර්තාවක් තියන්නයි හදන්නේ...
එයාම ගෙවන්න බරිවිදිහට ණය අරන් එයම බංකොලොත් කරලා ,දැන් අපහු මේක හදන්න කියල ලෝකේ වටේ යනවා ,කොහොම ගියත් අපේ පින්පති තුමා දිනුම්
භාර දෙන්න වැඩ තියෙන්න එපෑ නේ .මෙයා කරන්නේ සාකච්චා තියන එකයි ,කතන්දර කියන එකයි විතරයි .තවම ජනතාවගේ පව් ඉවර නෑ
නියමයි බයියන්ට දැන් සැපද????
දූෂිත පවුල් පාලනේ උන්ව රකින්ඩ ආපු පින් ජනපතියා . රට සවාරි, කමිටු පත්කිරීම හැර වෙන වැඩක් නෑ වගේ?